ඒ-9 මාර්ගයේ බස් රථයකට ගල් ගැසූ 05 ක් පොලිස් අත්අඩංගුවට…
December 5, 2017 at 2:12 am | lanka C news
යාපනය මහනුවර එ-9 ප්‍රධාන මාර්ගයේදී යාපනයේ සිට මහනුවර දක්වා ධාවනය වූ ලංගම් බස් රථයකට ගල් ප්‍රහාර එල්ල කල පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට කනගරායන්කුලම් පොලීසිය කියා සිටියේය.
පසුගිය 02 වනදා ඒ-9 මාර්ගයේ ගමන් කරමින් තිබූ ලංගම බස් රථයට කනගරායන්කුලම් ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කොට පලා ගිය අතර එම ගල් ප්‍රහාරයෙන් යුද හමුදා සෙබලෙකු හා සාමාන්‍ය වැසියකු තුවාල ලැබීය.
අනතුරුව කනගරායන්කුලම් පොලීසිය විසින් අදාල සැකකරුවන් සොයා සිදු කරන ලද පරික්ෂණ වලනින් පසුව අවස්ථා කිහිපයකදී ගල් ප්‍රහාර එල්ල කරන ලද සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වයස අවුරුදු 20 ත් 25ත් අතර පසුවන බවට වාර්ථා වෙයි.
මීට පෙරද ගනගරායන්කුලම් ප්‍රදේශයේදීම බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල වීමෙන් නාවික හමුදා සෙබලෙකු තුවාල ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
SATHUTU DA DAN
YAMAPALANAYA?