ඔක්තොම්බර් 26 අගමැතිකම බාර ගැනීම මා කල වරදක්.. මට දේශපාලනිකව හානියක් යයි අදහසක් තිබෙනවා..- මහින්ද
March 19, 2019 at 3:00 pm | lanka C news
‘අපේ ආණ්ඩුව පරාජය වෙලා අවුරුදු හතරක් ගියා. ඒ අවුරුදු හතර තුළ රට සංවර්ධනය කරගෙන ආපු වේගය නතර වුණා. වැඩබිමක්ව තිබු රට මුඩු බිමක් බවට පත් වුණා. ඒක නිසාම ආර්ථිකය කඩා වැටුනා. 2018 වසර අවසානයේ සාදා නිම කිරීමට තිබු කොළඹ – නුවර අධිවේගී මාර්ගය හා අනෙකුත් සංවර්ධන කටයුතු අඩාල වුණා’ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් නීතිඥ සංගමය පිහිට වු අවස්ථාවට එක් වෙමින් පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වු ගරු මහින්ද රාජපක්ෂ මහතා ‘සංවර්ධනය අඩාලවීම නිසා මිනිසුන්ගේ අතේ සල්ලි නැති වුණා. ඒක ව්‍යාපාර සියල්ලටම බලපෑවා. ව්‍යාපාර කඩා වැටුනා. දැන් සමහර UNPට සම්බන්ධ ව්‍යාපාරිකයින් මම හමු උනාම අහනවා කවද ද ආණ්ඩුවක් පිහිටුවන්නේ කියලා. මම ඔවුන්ගෙන් ඇහුවම ඔයාලා ආණ්ඩුවක් පිහිටෙව්වානේ කියලා එයාලා කියනවා ඒකේ විපාක දැන් තමයි තේරෙන්නේ කියලා. ව්‍යාපාර කඩා වැටීම තුළින් රටේ ආර්ථිකය කඩා වැටුණා. ණය ගැන කථාකරමින් ණය ගන්න පටන් ගත්තා. මම ණය අරගෙන වරාය හැදුවා. එය හැදුවේ අපේ පාලනය යටතේ තියාගෙන අනෙක් අයට පාවිච්චියට දීමට. නමුත් අවසානයේ එය චීනයට විකුණා දැම්මා. දැන් මත්තල ගුවන්තොටුපලත් ඉන්දියාවට විකුණන්න හදනවා. මේ විදියට සෑම සම්පතක්ම විකුණාගෙන ගියාම රටට මොනවද ඉතිරි වෙන්නේ. අනාගතයේ ඉපදෙන ඉන්න දරුවන්ට අයිති දේවල් තමයි අවුරුදු පහකට බලය අරගෙන විකුණාගෙන යන්නේ.
ඔක්තොම්බර් 26 වැනිදා ජනාධිපතිවරයා අපට අගමැතිකම භාරගන්න කිව්වා. අපි එය භාර ගත්තා. හුඟක් අය කියනවා ඒක මම කරපු වරදක් කියලා. දේශපාලනික වශයෙන් එය මට හානියක් වෙන්න පුළුවන්. එමඟින් ආණ්ඩුවේ 2/3 බලය නැති වුණා. ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට තිබු අවස්ථාව නැති වුණා. එමඟින් රටට සෙතක් වුණා. ජනාධිපතිවරයා විපක්ෂය සමඟ වැඩ කරන්න පටන් ගත්තා.
මේ ආණ්ඩුව කරගෙන යන ජනතා විරෝධි වැඩ ගැන අපි අමුතුවෙන් කිව යුතු නැහැ. අපේ ආණ්ඩුව අය කළා වගේ දෙගුණයක් බදු ජනතාවගෙන් අය කරගෙන ආදායම වැඩි වුණාලු.
නීතියේ ආධිපත්‍ය ගැන එදා කථා කළා. නමුත් නීතියට අද මොකද වෙලා තියෙන්නේ. නීතිය වල් වැදිලා. අවුරුදු 04ක් තිස්සේ පලිගන්නවා. අලුත් අධිකරණ පිහිටෙව්වා. තෝරාගත්ත මිනිසුන්ට විරුද්ධව නඩු පැවරුවා. ඇමතිවරුන් නීතිපතිට කථාකර නඩු පවරනවා. FCID එකට ගෙන නොගිය කෙනෙක් විපක්ෂයේ නැහැ. නීති විරෝධි ලෙස FCID එක හදලා නීති විරෝධි ලෙස නඩු පවරමින් යනවා. අද FCID එකටත් චෝදනා තියෙනවා. සෑම දෙයක්ම රාජපක්ෂවරුන් පිට පැවරීමටයි කටයුතු කරන්නේ. පිළිගන්න බැරි විදියට බොරු චෝදනා එල්ල කරනවා. අපට හොරු හොරු කිව්වා. ඩොලර් බිලියන 18ක් මගේ ලඟ තියෙනවා කිව්වා. බොරුව නිතරම කියනකොට ජනතාවත් එය විශ්වාස කරන තත්වයට පත්වෙනවා.
මහ බැංකු වංචාව අද යට ගිහින්. ඒ ගැන පරීක්ෂණ ඇනහිටලා. ජනතාවට දැන් එය අමතක වෙලා. දුෂණය ගැන කථාකරමින් තමන්ම හොරකම් කරන පිට්පොකට් ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා. ඒ නිසා රට ගොඩ නගන්න පුළුවන් රට ගොඩ නගපු රජයක් බිහිකිරීමට කාලය එළඹ ඇති බවද ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා එහිදී පැවසීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කනක හේරත්, තාරක බාලසුරිය, පොදුජන එක්සත් පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරීස්, එහි ලේකම් නිතිඥ සාගර කාරියවසම් යන මහත්වරුන්ද එක්වූහ.
රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්
THANHAWA JAYATHI SOKO
kona kapagena neda inne oya
silvo උඹ කොන හපාගෙන නේද ඉන්නේ පරංගියෝ
තියෙනව නේන්නම්…ලනුවක් දුන්නා ඒක කෑව
දැන් ඉතින් මොනව කරන්නද
ඒත් ඉතින් වෙන එකෙක් අපිට නෑනෙ ඔබ තුමා හෝ ගෝඨා නැතුව
මහින්ද රාජපක්ෂ කාගේදෝ කතාවක් අහලා තියෙනවා වගෙයි පේන්නේ.
එළ හරක් මී හරක් එකට ඈඳුවා වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කඩේ යන්න එපා ආයිබෝං………
හරකෙක්….පුතාලගේ,ගෑනිගේ,මසිනලාගේ,මල්ලිලාගේ ලණු කාපු මී හරකා…ලණු කාලා රටක් අමාරැවේ දැම්මා
මීට පස්සෙ උඹ පුතාලගේ,ගෑනිගේ,මසිනලාගේ,මල්ලිලාගේ දේවල් අහන්න එපා හරකෝ.
රාජපක්ෂලාගේ වහල් බත්බැල බලූගැත්තන්ගේ කරේ තුවාය තියෙනකන් “හොර and Horror” රාජපක්ෂලාගේ කරේ සාටකය තියේවි….
යහපාලන කාලකන්ණි රැල මකබෑ වෙනකම් අපි බලාගෙන ඉන්නේ. දේශද්‍රෝහී කාලකන්ණි 2015 සිට පසුගිය වසර කීපය පුරා කරණලද මහබැංකු වංචාව, හම්බන්තොට ඇතුළු ජාතික දේපල විකුණා කොමිස් ගැසීම පිළිබඳව වගකිව යුත්තන්ට එරෙහිව පරීක්ෂණ කර හිරේ නොදැම්මොත් ඔබතුමාගේ කීර්තිනාමය ඉවරයි. පසුගිය කාලය පුරා JVP ඇතුළු බොහෝ දෙනා කරණලද මහින්ද/රනිල් ඩීල් චෝදනා බොරු බව ඔප්පුකරන්න පුළුවන් එහෙම විතරයි. එහෙම නැතුව බොරුවට දේශපාලන වේදිකාවේ කියව කියවා ඉඳීමෙන් නොවෙයි. රනිල් ඇතුළු UNP හොරු රැල නීතියේ පරිදි හිරේ ඇරලා ඔබතුමාගේ නිර්දෝෂ භාවය පෙන්වන්න.
රනිල්ව හිරේ දාන්න මහින්ද? ඔයා ලංකාවේ නෙමේද? ඔයා පව්.
අනේ තොත්ත බබා. තමුන්නාන්සෙත් රට කෑවෙ නෑ වගේ කතාව.
ඒක තමයි කරපු මෝඩම වැඩේ සිරිසේනගේ ලනු කාලා.