ඔක්තෝබර් ගැසට්ටුව හැර කොරෝනා සෙසු සියලු ගැසට් අවලංගුයි.. ජනතාවට නව මාර්ගෝපදේශ මෙන්න..

May 12, 2021 at 3:56 pm | lanka C news
ඔක්තෝබර් ගැසට්ටුව හැර කොරෝනා සෙසු සියලු ගැසට් අවලංගුයි.. ජනතාවට නව මාර්ගෝපදේශ මෙන්න..

පසුගිය වසරේ ඔක්තෝබර් මස 15 වන දින කොරෝනා සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදනය හැර කොරෝනා සම්බන්ධයෙන් නිකුත් කරන ලද අනෙක් සියලුම ගැසට් නිවේදන අවලංගු වන කර තිබේ.

අද දිනයේ සිට ක‍්‍රියාත්මක වන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති නව මාර්ගෝපදේශ මෙසේය.

  • අද සිට 31 දා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට උදෑසන 4 දක්වා කාලයේදී දිවයිනේම වාහන ගමනා ගමනය සීමා වෙන අතර මෙම කාලයේදී පුද්ගල සංචරණ සීමා වෙනයි. අත්‍යාවශ්‍ය සේවා සඳහා එය බාධාවක් නෑ.
  • භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසින් බැහැරව යාම හැඳුනුම්පතේ අංක අනුව.
  • පොදු ප්‍රවාහන සේවා ආසන ගණනට පමණයි
  • කුලී රථයක දෙදෙනෙක් පමණයි
  • උපයෝගීතා සේවා අවම කාර්ය මණ්ඩලයක් යටතේ
  • රජයේ හා පෞද්ගලික ආයතන අවම කාර්ය මණ්ඩලයක් යටතේ
  • රැස්වීමක උපරිම සංඛ්‍යාව 10යි. (කොවිඩ් ප්‍රශ්න ගැන පමණයි)
  • අපනයනය අරමුණු කරගත් කර්මාන්ත ශාලා ජෛව බුබුලු අනුව පවත්වාගෙ යා හැකියි.
  • සුපිරි වෙළඳ සැල්/පොළ/ සියයට 25 ධාරිතාවයකින්
  • කෘෂිකර්මාන්තය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පවත්වාගෙන යා හැකියි
  • ජංගම වෙළඳුන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කළ යුතුයි
  • ඉන්ධන හා ඉදිකිරීම් සේවා සෞඛ්‍යරාක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කළ යුතුයි.
  • බන්ධනාගර වලට අමුත්තන් බෑ
  • රෝහල් මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතුයි.
  • දිවා සුරකුම්, පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල උපකාරක පන්ති වසා තැබේ.
  • මංගල උත්සව තහනම් නමුත් විවාහයක් ලියාපදංචි කිරීමට 15කගෙන් යුත් කණ්ඩායමකින් සිදුකළ හැකියි.
  • අවමංගල උත්සව සඳහා උපරිමය 15යි පැය 24න් අවසන් කළ යුතුයි
  • උත්සව සාද එක්රැස්වීම් බෑ
  • පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් බෑ
  • ව්‍යායාම ශාලා මැයි 31 දා තෙක් වසයි
  • සිනමා ශාලා/සැණකෙලි ක්‍රීඩා ස්ථාන වසයි
  • අවන්හල් සියයට 25ක ධාරිතාවයකින්
  • මධ්‍යසාර අලෙවි සැල් විවෘත කිරීම උදෑසන 10 සිට සවස 6 දක්වා පමණයි
  • කැසිනෝ ඔට්ටු සම්බාහන ස්ථාන වසා තැබෙයි.
87,034 views

8 Comments to “ඔක්තෝබර් ගැසට්ටුව හැර කොරෝනා සෙසු සියලු ගැසට් අවලංගුයි.. ජනතාවට නව මාර්ගෝපදේශ මෙන්න..”

  1. නාමරත්න says:

    දන්නේ නැති නිසයි අහන්නේ ජෛව බුබුල හදන්නේ කොහොමද?

  2. අරුණ says:

    ජෙයිව සබන් අරන් බුබුලු ගන්න ඔනේ . එවා ගාගෙන ගියම හරි

    • Hi says:

      අනේ ඔය සබන් ජාතිය කොහෙන්ද ගන්න තියෙන්නෙ.
      අපි හැමතැනම හෙව්වා.

  3. මොන්ටානා කැසට් වගේ ගැසට් පාඨමාලාව says:

    කැසට් වගේ ගැසට් ගහන මේ ආණ්ඩුවට ඔබත් රැවටුනා ද ? ගැසට් නිසා ඔබේ ව්‍යාපාරය කඩා වැටුනාද ? තවමත් ඔබගේ වයපරයට, ඔබගේ අවශ්යතාවයන් ට ගැලපෙන ගැසට් තෝරා බේරා ගැනීමට බැරුව ඇ පැටලී ද ඉන්නෙ.
    මේ ඔබ වෙනුවෙන්ම අප නිර්මාණය කල කෙටි කාලීන සිග්‍රගෘමී ” කැසට් වගේ ගැසට් ” ඔන්ලයින් පාටමලවයි. ඇතුල්වීම නොමිලේ. අයකිරීම් ඉතා සාධාරණයි. අදම ඉලුල්ම් කරන්න. ඉඩකඩ සීමිතයි. ප්‍රමාදවී පසුතැවෙන්න එපා.
    සැ.යු: බයියන් සඳහා 20% වට්ටමක්

  4. මාක්ස්වාදී ජෙප්පා says:

    ගැසට් ගහනවා ගැසට් වහනවා බයිවරසන් හඬ පැතිරෙනවා

  5. මොන්ටානා කැසට් වගේ ගැසට් පාඨමාලාව says:

    කැසට් වගේ ගැසට් ගහන මේ ආණ්ඩුවට ඔබත් රැවටුනා ද ?
    ගැසට් නිසා ඔබේ ව්‍යාපාරය කඩා වැටුනාද ? තවමත් ඔබගේ ව්‍යාපාරයට, ඔබගේ අවශ්යතාවයන් ට ගැලපෙන ගැසට් තෝරා බේරා ගැනීමට බැරුව ඇ පැටලී ද ඉන්නෙ.
    බය වෙන්න එපා.! මේ සියලු දේට විසදුම් අපෙන්. ඔබ වෙනුවෙන්ම අප නිර්මාණය කල කෙටි කාලීන එක්ස්ප්‍රස් ” කැසට් වගේ ගැසට් ” ඔන්ලයින් පාටමලවයි. ඇතුල්වීම ලියාපදිංචි ය නොමිලේ. අයකිරීම් ඉතා සාධාරණයි.
    අදම ඉලුල්ම් කරන්න.
    ඉඩකඩ සීමිත බැවින් ‍ ප්රමාදවී පසුතැවෙන්න එපා.
    සැ.යු: ඔබත් පුට්ටුවෙ සාමාජිකයෙක් නම් ඔබ සඳහා 50% ක වට්ටමක්

  6. lotus says:

    විශ්වවිද්‍යාල වසා තැබේ.???????But all are open . hiii staff working.

  7. Love nature says:

    මධ්‍යසාර අලෙවි සැල් විවෘත කිරීම උදෑසන 10 සිට සවස 6 දක්වා පමණයි. (අලි මදිවට කොටි කිව්වලූ)

Main News