ඔක්ස්ෆර්ඩ් එන්නතේ දෙවැනි මාත‍්‍රාව දීම ගැටලුවක.. මුල් මාත‍්‍රාව ගත් හය ලක්‍ෂයකට දෙවන මාත‍්‍රාව නෑ…

April 3, 2021 at 11:20 am | lanka C news
ඔක්ස්ෆර්ඩ් එන්නතේ දෙවැනි මාත‍්‍රාව දීම ගැටලුවක.. මුල් මාත‍්‍රාව ගත් හය ලක්‍ෂයකට දෙවන මාත‍්‍රාව නෑ…

මෙරට ජනතාවගෙන් 923,000 කට පමණ දැනට ලබා දී ඇති ඔක්ස්ෆර්ඩ් කොවිෂීල්ඩ් අස්ට‍්‍රසෙනිකා එන්නතේ දෙවැනි මාත‍්‍රාව ලබා දීම ගැටළුවක් වී ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම බරපතළ ගැටලුවක් වී ඇත්තේ ඉන්දියාවේ සීරම් ආයතනය විසින්එම එන්නත අපනයනය කිරීම නවතා දැමීමයි.

ලංකාවට මෙම එන්නත් මාත්‍රා 1,264,000 ලැබී තිබූ අතර ඉන් පලමු මාත‍්‍රා කොටස සදහා පුද්ගලයන් 923,000කට එන්නත් කර ඇත.

ඒ අනුව දැනට ඉතිරිවී ඇති මාත්‍රා ප්‍රමාණයක් 340,000ක් පමණය.

මේ තත්ත්වය මත ඉතිරි එන්නත් මාත්‍රාවන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ ආරක්ෂක අංශ වෙත ලබාදීමට නියමිතය.

ඇතිව තිබෙන තත්වය මත එන්නත් මුල් මාත‍්‍රාව ලබා ගත් හය ලක්ෂයක පමණ පිරිසකට දෙවන මාත්‍රාව ප්‍රමාද වීමේ තත්වයක් මතු වී තිබේ.

27,824 views

17 Comments to “ඔක්ස්ෆර්ඩ් එන්නතේ දෙවැනි මාත‍්‍රාව දීම ගැටලුවක.. මුල් මාත‍්‍රාව ගත් හය ලක්‍ෂයකට දෙවන මාත‍්‍රාව නෑ…”

  1. Ravana parapura says:

    දවස් 3 න් සුවවන කොරෝනා හෙළ ඔසුවට මේ සියලුම එන්නත් පරදිනවා රජය වහාම ජනතාවට නොමිලේ මෙය ලබාදීමට කටයුතු කල යුතුය.

    • විභීෂණ says:

      තොගේ මහ ලොකු හෙලු ඔසුව ගහපිය රාවාණාගේ පුපේ! මිනිස්සු තොපේ හෙලු බයිලා වලට රැවටිච්ච කාලේ ඉවරයි යකෝ.

Leave a Comment

Main News