ඔක්සිජන් ඉල්ලුම වේගයෙන් ඉහලට.. ඉන්දිවෙන් සතිපතා ඔක්සිජන් තොග මිලට ගනී..

August 14, 2021 at 12:00 pm | lanka C news
ඔක්සිජන් ඉල්ලුම වේගයෙන් ඉහලට.. ඉන්දිවෙන් සතිපතා ඔක්සිජන් තොග මිලට ගනී..

සතිපතා ඉන්දියාවෙන් ඔක්සිජන් මෙට්‍රික් ටොන් 100ක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

කොරෝනා ආසාදිතව මෙරට රෝහල්වල දැඩි සත්කාර ඒකකවල සිටින ආසාදිතයන් ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

මේ වන විට මෙරට ඔක්සිජන් මත යැපෙන ආසාදිත සංඛ්‍යාව ඉහල යාම නිසා රෝහල්වලින් ඔක්සිජන් සඳහා ඉහළ ඉල්ලූමක් ඇති වී තිබේ.

දැනටමත් මෙරට නිෂ්පාදනය කරන ඔක්සිජන් ප්‍රමාණය සම්පූර්ණ වශයෙන්ම රෝහල සඳහා නිකුත් කරමින් සිටී.

ඒ හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස මෙසේ අතිරේක තොග මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

දැනටමත් චීනයෙන් හා සිගප්පූරුවෙන් ඔක්සිජන් තොග මෙරටට ආනැවුම් කර ඇත.

18,201 views

6 Comments to “ඔක්සිජන් ඉල්ලුම වේගයෙන් ඉහලට.. ඉන්දිවෙන් සතිපතා ඔක්සිජන් තොග මිලට ගනී..”

  1. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    ඔක්සිජන් කන්න ද?

  2. Silva says:

    ජෝසප් ස්ටාලින් සහ ගුරුවරුන් විදුහල්පතිවරුන් සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ

  3. sam says:

    mewata salli kohenda?? do we make enough exchange to buy this stuff to keep country open?

  4. ඔජ්සිජන් නිෂ්පාදක says:

    නෙලුම් කුළුණ හදපු එකේ ඔක්සිජන් හදන මධ්‍යස්ථානයක් හැදුවාද?

    • කිකා says:

      බලපන් උබෙ මොලේ තමයි මොලේ නෙලුම් කුලුන හදන්න පටන් ගන්නකොට පේනයක් බලලා ඒ වෙනුවට ඔක්සිජන් හදන යන්තර ගෙනාව නම් හරි නේද ගොං වාහෙ? තමන්ගෙ රටේ ඉදි කරීමි ගැන වෙන රටවල මිනිස්සු ආඩම්බර වෙනවා. ලංකාවේ කුහක කාලකන්නි පක්ෂ බදාගෙන ඒවටත් ගරහනව.

  5. Sandun Dhammika says:

    We need to use nuclear power to segregate oxygen from water.

Main News