ඔක්සිජන් සිලින්ඩරයක් ලක්‍ෂ එක හමාරයි.. කළු කඩේ විකුණයි..

August 22, 2021 at 10:00 am | lanka C news
ඔක්සිජන් සිලින්ඩරයක් ලක්‍ෂ එක හමාරයි.. කළු කඩේ විකුණයි..

ඔක්සිජන් අවශ්‍ය රෝගීන් සඳහා ඔක්සිජන් කිලෝග්‍රෑම් 47ක් අඩංගු සිලින්ඩරයක් රුපියල් ලක්ෂ එකහමාරක මුදලකට අලෙවි කරන බවට තොරතුරු ලැබී තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරන්නේ මෙසේ අලෙවි කිරීම නීති විරෝධී බවත් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ය.

දැනට මෙරට අවසර ඇති සමාගම් වලට පමණක් එවන් සිලින්ඩරයක් විකිණීමට මිල නියම කර ඇත්තේ රුපියල් 80,000 ක මිලකටයි.

නමුත් කොරෝනා ආසාදිතයන්ගේ ඔක්සිජන් අවශ්‍යතාවය ඉහළ යාම මත සමාජ මාධ්‍ය ඔස්සේ නීති විරෝධී ආකාරයෙන් මෙම වෙළදාමේ යෙදෙන බවට තොරතුරු ලැබී ඇත.

අධිකාරිය සඳහන් කරන්නේ ලියාපදිංචි නොවූ කිසිවකුට ඔක්සිජන් විකිණීම සඳහා මෙරට නීතිමය අවසරයක් නැති බවයි.

43,863 views

13 Comments to “ඔක්සිජන් සිලින්ඩරයක් ලක්‍ෂ එක හමාරයි.. කළු කඩේ විකුණයි..”

  1. hitan says:

    අර මෝඩ ක්ලබ් වසන්තත් ගෙදර ඔක්සිජන් සිලින්ඩර් ඒකක් දාගෙන වීඩියෝ ඒකක් දාලා තියෙන්නෙ.