ඔත්තු බලා පටිගත කරන්න කැමරාකරුවන් එවලා..- ඇමති ප‍්‍රියංකර අගමැතිට පැමිණිලි කරයි..

September 25, 2020 at 3:20 am | lanka C news
ඔත්තු බලා පටිගත කරන්න කැමරාකරුවන් එවලා..- ඇමති ප‍්‍රියංකර අගමැතිට පැමිණිලි කරයි..

තමන්ට රාජකාරි කටයුතු කරගෙන යාමට කම්කරු අමාත්‍යංශටේ ඉහළ නිලධාරීන් ඉඩ දෙන්නේ නැති බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා පැමිණිලි කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඔහු මෙම පැමිණිල්ල කරමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් විසින් කැඳවූ රැස්වීමක් පටිගත කරගෙන එන්න වෙනත් නිලධාරියෙකු එවා තිබූ බවයි.

විදේශ රැකියා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී මෙම රැස්වීමට කැදවා තිබුණේ විදේශ රැකියා නියෝජිතයන් සමඟයි.

ඒ සඳහා ආරාධනා නොකළ අයෙකු පැමිණ සිටි අතර ඒ ගැන විමසීමේ දී මෙය හෙළි ව තිබේ.

43,252 views

5 Comments to “ඔත්තු බලා පටිගත කරන්න කැමරාකරුවන් එවලා..- ඇමති ප‍්‍රියංකර අගමැතිට පැමිණිලි කරයි..”

  1. cineth says:

    It is a very good work to inspect the activities of ministers as they are trying to Gotabaya. Some are trying to prevent Badurdeen coming to government

  2. Jagath Hettiarachchi says:

    ඉතිං හරියට වැඩ කරපං කො, එතකොට පටි ගතේ අවුලක් නෑ නෙ. මොකද ඔච්චර බය?

  3. opa dupa says:

    ඉතින් මහත්තයෝ ඔහේගේ ගෙදරට නෙවයි නේ එවුවේ. ඔෆිස් එකට නේ. එතන අයිති මහජනතාවට. ඔන්න ඔහොම උනොත් මේ ගොල්ලෝ බයට හරි වැඩක් කරාවි.

  4. Jothipala says:

    සුවර් එකටම ඕක නිමල්ගේ වැඩක් වෙන්න ඇති … දන්න විදියට නිමල් බුයුරෝ එක විකුණන්න හදන්නේ…