ඔත්තු සේවා වාර්තා ලැබේ.. ජනපති කෝපයෙන්.. ඇමති මණ්ඩල සංශෝධනයක්…

November 27, 2016 at 10:00 am | lanka C news
ඔත්තු සේවා වාර්තා ලැබේ.. ජනපති කෝපයෙන්.. ඇමති මණ්ඩල සංශෝධනයක්…

2017 වසරේ නිදහස් දිනයට පෙර ස්ථිර වශයෙන්ම කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් කිරීමට නියමිත යයි ඉහල පෙලේ ආරංචි මාර්ග වාර්තා කරයි.

ඇමතිවරුන් හා අමාත්‍යාංශය පහක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් එසේ සංශෝධනය විය හැකි යයිද වාර්තා වෙයි.

මේ අතර අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සෙසු රජයේ ආයතනයන්හි රදවා ඇති ‘කණ්නාඩි කණ්ඩායම’ නමින් රහසේ හදුන්වන බුද්ධි දූතයින් විසින් ජනාධිපතිවරයා වෙත ජනවාරියේදී බාරදීමට හදිසි විශේෂ වාර්තා සකක් කරමින් සිටී.

එකී ආයතනයන්හි මුල්‍ය පරිපාලනය, මහජන සබදතා, ජනතා ප්‍රසාදය ආදිය ගැන මේ වන විටත් ජනාධිපතිවරයා වෙත එම කණ්ඩායම විසින් වාර්තා කර තිබේ.

ඊට අමතරව දේශපාලඥයින්ගේ උවමනාව මැද සිදුවන අයතා ගණුදෙනු, මහජන සේවය අතහැර සිදුවන වෙනත් ව්‍යාපාර, ව්‍යාපාර මූලික සිදුකරව දේශපාලන කටයුතු ආදී කාරණා කිහිපයක් නිසා ජනාධිපතිවරයා කෝපයට පත්ව සිටින්නේ යයිද සදහන්ය.

ඒ අනුව ආර්ථික, අධ්‍යාපන, ආගමික, කර්මාන්ත, කෘෂිකර්ම යන විෂයන් සම්බන්ධ තනතුරු ඇතුලත් තනතුරු කිහිපයක් ඉදිරියේදී වෙනස් වනු ඇතැයිද දැනගන්නට ඇත.

2 views

10 Comments to “ඔත්තු සේවා වාර්තා ලැබේ.. ජනපති කෝපයෙන්.. ඇමති මණ්ඩල සංශෝධනයක්…”

  1. asaranaya says:

    Mr. Pambarala is under stress, Poor guy ,he is going to confirm what astrologer Rohana’s statement. January is not far.

    • Amda says:

      මම පොඩි කාලෙ අහල තියෙනව කුදු චුරු චුරු කියල හැම එකටම කේන්ති යන කුදු මිනිහෙක් ගැන කතාවක්. වෙන කවුද ඒ කතාව අහල තියෙන්නෙ? 😀 😀 😀

      • leel says:

        ඔව ඔත්තු සෙවාවෙන් කියනකන් බලන් හිටියෙ…..ලගම තියන සතිපොලට ගියනම් ඔත්තු සේවාවට කලින් දැනගන්න තිබුනනෙ හිටන්…..

  2. Nandasoma says:

    තමන්ට තමන් ගැනම කේන්ති ගන්නව මිසක වෙන මොනව කරන්නද?

  3. singha says:

    ජත්‍යන්තර දේශපාළණය ගැන අල්පයක්වත් නොදත් අට පාස් ඔබට හැකිද රටට යමක් කරන්න. එවන් අයෙකු රටට වන හානිය දකින්නේ ඔහුට ඇති බුද්ධි මට්ටමිනි.මොහු දකින ලෝකය තමයි සුද්දාගේ එංගලන්තය.මොහු ලූලා නැති වලේකණයා පන්ඩිතයෙකි.මොකද? ලීලිය (චෞරිය)එංගලන්තයේ ගොස්ය.එවිට කණයා කට අරී.

  4. wele vidane says:

    කවුරුවත් මෙයාගේ උගුල්වලට අහුවෙන්න එපා මෙවා මෙ ඉරනම වෙනස් කරගන්න කරන ඩබල් ගේමි විතරයි

  5. Champa says:

    කරනවා නම්, නියම වැඩේ. ආර්ථික කිව්වේ මුදල්ද, ආර්ථික කටයුතුද? මොකොද ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු ඇමති රනිල් නිසා.

    Gender-less ළදරුවෙක් ඇමැතිවෙලා විනාශ කරන අධ්‍යාපනය නම් අනිවාර්යයෙන්ම දරුවෝ ඉන්න කෙනෙකුට දෙන්න ඕනේ.

    කෘෂිකර්මය සහ කර්මාන්ත ඇමති කම් දෙන්න හොඳයි දයා ගමගේට. දක්ෂ කමක් වගේම හොඳ vision එකකුත් තියෙන බව පේනවා ඒ ගැන ප්‍රවෘත්ති දෙකක් දැක්ක. දෙවැනි එකට තාම comment එකක් කරන්න බැරි වුනා. ඔබට හිතවත් වුනාට ධීවර ඇමැතිකමට අමරවීර ගැලපෙන්නේ නැහැ. එහෙම කිව්වම ඉන්දියන් ධීවර ප්‍රශ්නේ මතක් වුනා. මට කියන්න දෙයක් තියෙනවා ඒ ගැන.

    ජනාධිපතිතුමා, අපි ඉන්දියාවත් එක්ක ධීවර ප්‍රශ්නේ handle කරන විදිය වැරදියි.

    1. අපි ස්වාධීන රටක්. “The Law of the Sea Treaty” කියලා එකක් තියෙනවා. අපි දූපතක් බව ඇත්ත. නමුත් අපි තනි දූපතක්. දූපත් සමූහයක එක දූපතක් නම් අපිට සිද්ධ වෙනවා අනිත් දූපත් වල ධීවරයන්ට ඉඩ දෙන්න අපේ මුහුදේ (Archipelagic waters) මාළු අල්ලන්න. නමුත් අපි දූපතක් වුනාට තනි ස්වෛරී රටක්. ඒ නිසා ඉන්දියාව කීව්වට ඉඩ දෙන්න කියලා, අපි දූපත් සමූහයක එක දූපතක් නොවෙන නිසා, “The Law of the Sea Treaty” කියන ජාත්‍යන්තර ප්‍රඥප්තිය අනුව අපි එහෙම ඉඩ දෙන්න බැඳිලා නැහැ.

    2. අපේ වෙරළේ පහලම වතුර මට්ටමේ ඉඳන් මුහුදු හැතැප්ම 12ක් හෙවත් කිලෝමීටර් 22ක් අපිට අයිතියි. ඒ තමයි අපේ මුහුදු සීමාව (Territorial Waters). එතැන තියෙන්නේ අපේ නීතිය. ඊළඟට අපේ මුහුදු සීමාවේ අපිට හිමි මුහුදු හැතැප්ම 12 ඉඳන්, තව මුහුදු හැතැප්ම 12ක ප්‍රමාණයක් අපිට අයිතියි. මේකට කියනවා (Contiguous Area) කියලා. සිංහල වචනේ මම දන්නේ නැහැ. මේ කොටසේත් බලපාන්නේ අපේ නීතිය. ඊළඟට අපිට එතැන් ඉඳන් තව මුහුදු හැතැප්ම 200ක් හෙවත් කිලෝමීටර් 370ක් අයිතියි. මේ කොටසේ අපිට ඕනේ දෙයක් ඒ කියන්නේ තෙල් තියෙනවා නම් ඒ ආශ්‍රිත කැනීම් වගේ දේවල් කරන්න පුළුවන්. මෙතකම් අපේ මුහුදු සීමාව. ඉවර වෙන තැන maritime boundary. එතනින් එහාට ගියාම තියෙන්නේ මහාද්වීපික සීමාව (continental shelf). මේ විෂය අදාළ වෙන්නේ විදේශ අමාත්‍යංශයට.

    3. මට කියන්න ඕනේ වුනේ මේකයි. ඉන්දියන් ධීවරයන්ට ඉස්සෙල්ලම අපේ මුහුදු සීමාව තහනම් කරන්න ඕනේ. ප්‍රධාන හේතුව විදියට deep sea bottom trawling කියන්න ඕනේ. ජාත්‍යන්තර නීතිය අනුව රටක මුහුදු සීමාවේ මේ විදියට deep sea bottom trawling තහනම්. අපි කෙලින් කතා කරන්න ඕනේ.

    4. ඊළඟට කියන්න ඕනේ අපේ මුහුදු සීමාවේ මොනම වීදියකටවත් වෙන රටක ධීවරයන්ට මාළු අල්ලන්න ඉඩ දෙන්න බැහැ කියන එක. ඒ මොකොද කිව්වා නම් අපේ රටේ ජනගහනයෙන් මිලයන 1 කට වඩා යැපෙන්නේ ධීවර කර්මාන්තයෙන්. ලක්ෂ 3කට වඩා වෘත්තීය ධීවරයෝ අපේ රටේ ඉන්නවා. අපි පලවෙනි තැන දෙන්න ඕනේ අපේ මිනිස්සුන්ට. ඉන්දියාව අවට මාළු නැත්නම් එහෙම වෙලා තියෙන්නේ ඉන්දියාවේ ධීවරයන් වැරදි විදියට deep sea bottom trawling කරපු නිසා. අපේ ධීවරයෝ කරන්නේ mid-water සහ bottom trawling. ඉන්දියන් ධීවරයෝ කරන්නේ මුළු මුහුදු පතුලම සූරලා ගන්න එක, කොරල්, ජල ක්ෂුද්‍රජීවීන් (plankton), ඇල්ගී මේ හැම එකම ඇදලා ගන්නවා. මේක ජාත්‍යන්තර නීතියට විරුද්ධයි. අපිට කොන්ද පන තියෙන්න ඕනේ deep sea bottom trawling තහනම් කරන්න.

    5. අපි කරන ලොකුම වැරැද්ද තමයි ඉන්දියන් ධීවරයොයි, බෝට්ටුයි අත්අඩංගුවට ගන්න එක. එහෙම කරපු ගමන් අපි කරන්නේ අපේ මුහුදු සීමාවේ අයිතිවාසිකම ස්වාධීන රටක් විදියට ආරක්ෂා කරගන්නේ නැතුව ධීවර ප්‍රශ්නෙට ඉන්දියාව ඇදලා ගන්න එක. ඉන්දියන් දේශපාලකයෝ කැමතියි අපි කරන මේ මෝඩ වැඩේට. ඒ මොකොද කිව්වා නම් එතකොට තමයි අපේ මුහුදේ මාළු අල්ලන්න ඉඩ දෙන්න කියලා අපිට බලපෑම් කරන්න පුළුවන්. අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ දැනට අත්අඩංගුවේ ඉන්න ධීවරයොයි බෝට්ටුයි නිදහස් කරන එක. නිකම් goodwill gesture එකක් වගේ. ඊට පස්සේ ඉන්දියන් ධීවර ප්‍රශ්නෙට විසඳුම් අලුතින් පටන් ගන්න ඕනේ.

    6. අපි කරන්න ඕනේ අපේ coastal guard service එක මම හිතන්නේ නාවික හමුදාව නේද මේක කරන්නේ, තවත් ශක්තිමත් කරන එක. වැඩිපුර යාත්‍රා දාන්න ඕනේ. එක ඉන්දියන් යාත්‍රාවක් අපේ සීමාවෙ මාළු අල්ලනවා නම් අපේ නාවුක යාත්‍රා ගොඩක් ඒක වට කරන්න ඕනේ. මම කියන්නේ අර මුහුදු කොල්ලකාරයෝ බෝට්ටු වලින් නැව් වට කරන්නේ (I am joking). ඉන්දියන් යාත්‍රාවල තියෙන හැමදේම, වතුර සහ කෑම ඇර, අනිත් හැමදේම අත් අඩංගුවට ගන්න ඕනේ. දැල් කපලා දාන්න ඕනේ. ධීවර ආම්පන්න විනාශම කරන්න ඕනේ. පුළුවන් නම් යාත්‍රාවත් damage කරන්න ඕනේ, දන්නැත්ද නිකම් වැරදිලා වගේ. ඊළඟට සුළු සුළු තර්ජන කරන්න ඕනේ, ආයේ ආවොත් ඔළුවට වෙඩි තියනවා වගේ “සුළු තර්ජන” තියෙන්නේ. ඊට පස්සේ ඉන්දියන් ධීවරයන්වයි යාත්‍රාවයි අපේ මුහුද සීමාවෙන් එලියට අරන් යන්න ඕනේ. ඊට පස්සේ අතාරින්න ඕනේ. කිසි දවසක මෙවුන්වවත් බෝට්ටුවත් අත් අඩංගුවට ගන්න හොඳ නැහැ.

    මෙහෙම කලාම ඉන්දියාවට කියන්න කිසි දෙයක් නැහැ. මොනවා ගැන විරෝධය පල කරන්නද? කාව නිදහස් කරන්න සාකච්චා කරන්නද? ඉන්දියන් ධීවරයො අපේ හිර ගෙවල් වල නැහැ. බෝට්ටුත් අපේ රටේ නැහැ. මෙයින් පස්සේ මේ ධීවර ප්‍රශ්නේ තවදුරටත් රටවල් දෙක අතර ඉහල මට්ටමේ සාකච්චාවල ප්‍රධාන මාතෘකාවක් වෙන්නේ නැහැ. තමිල්නාඩු දේශපාලකයන්ට තවදුරටත් ධීවර ප්‍රශ්නේ විකුණන් කන්න වෙන්නේ නැහැ. ඇත්තමයි සමහර වේලාවට අපේ දේශපාලකයෝ ප්‍රශ්න විසඳන හැටි මට නම් විකාරයි. චික්. ලේසියෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්න අවුරුදු ගණන් ඇදගෙන යන කැත.

    ජනාධිපතිතුමාට තව මොකක් හරි ලියන්න හිටියා. දැන් මට මතක නැහැ.

  6. ෴හෙළයා.෴ says:

    ඔත්තු සේවා වාර්තා ලැබේ..
    ජනපති කෝපයෙන්,ඇමති මණ්ඩල සංශෝධනයක්,
    අගමැති සංසුන්,හිටපු රැජින නොසංසුන්,
    ඉහලින් ඕඩරයක්..
    ජනපති සංසුන්,තීන්දුවේ සංශෝධනයක්,,
    ඔත්තු සේවා සුනේ සුන්,,

Main News