ඔත්තේ ඉරත්තේ ක‍්‍රමය යලි එයි.. පලාත් අතර ගමන් තහනම්…

June 11, 2021 at 10:40 am | lanka C news
ඔත්තේ ඉරත්තේ ක‍්‍රමය යලි එයි.. පලාත් අතර ගමන් තහනම්…

දැනට පවතින සංචරණ සීමා එළඹෙන 14වෙනි සඳුදා දිනෙන් පසුව ඉවත් කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

නමුත් එම සීමා ඉවත් කලද පෙර පැවති පරිදි පළාත් අතර සංචරණ සීමා තව දුරටත් ක්‍රියාත්මක බව ද ඔහු පැවසීය.

එමෙන්ම නිවසෙන් බැහැර වීමට හැකියාව ඇත්තේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංක ක්‍රමයට ඔත්තේ ඉරත්තේ සංඛ්‍යා අනුව බවද ඔහු සදහන් කරයි.

මේ පිළිබඳව වන නිර්ණායක ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටී.

පවතින වසංගත ව්‍යාප්තිය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව අවසන් තීරණයට එළඹෙන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

73,846 views

18 Comments to “ඔත්තේ ඉරත්තේ ක‍්‍රමය යලි එයි.. පලාත් අතර ගමන් තහනම්…”

  1. ධර්මපාල තුමා says:

    ධර්ම පර්යායක් සමග කපටි නැතුව දක්ෂකම් දක්වන හතරදෙනෙක්
    1ඔමල්පෙ සෝභිත හිමි
    2 ඇල්ලෙ ගුණවංශ හිමි
    3 ඉදුරාගර ධම්මරතන හිමි
    4 මැදගොඩ අබේතිස්ස හිමි හා මම

    • ව්ටවස්ථාව says:

      මේ හතර දෙනාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 ව්ටවස්ථාව දන්නවා…

  2. මිල්රෝයි වෙන්නප්පුව says:

    මට නම් මේ මේ නිව්ස් නිකං මඤ්ඤං වගේ.

    • හිටන් says:

      එකෙන්ම. පලාත් අතර නොගියට පලාත ඇතුලේ ගිහින් රිවුවම හරිනේ. හොදින් හෝ නරකින් හෝ සෞඛ්‍ය නීති හරියට පිලිපද්ද වන්න ඕන, එතකොට රට ඇරගෙනම වැඩේ ගොඩ දාතහැකි.

    • අබිලික් says:

      එකෙන්ම. පලාත් අතර නොගියට පලාත ඇතුලේ ගිහින් රිවුවම හරිනේ. හොදින් හෝ නරකින් හෝ සෞඛ්‍ය නීති හරියට පිලිපද්ද වන්න ඕන, එතකොට රට ඇරගෙනම වැඩේ ගොඩ දාතහැකි.

  3. ධර්මපාල තුමා says:

    ගොඩක් අය කරන වැරද්දක්
    ධර්ම පර්යායක් නොමැතිව අනිත් අය විවේචනය කරනවා. මෙය තුලින් සිදුවන අකුසලය අතිමහත්. ධර්ම පර්යාය තුල සම්මා දෘෂ්ටියක් තියෙන නිසා විවේචනය සමහර විට හැරෙන්න හරියි. පර්යාය කියන්නෙ බුදුන් වදාල ධර්ම විනයට. නමුත් මෙහෙදි ධර්මය තුල වචන සමග පැටලෙන්න එපා. නාම රුප හරියට ඔරුවක් වගේ කරේ තියාගෙන යන්න හොද නැ තියෙන්නෙ එගොඩ වෙන්න. ගොඩක් අය තර්කයෙන් බලන්නෙ නුවණින් නෙවෙයි. නුවණින් බලද්දි හේතුව හා ඵලය කියන දෙකම තියෙනවා. එතකොට අතිතය පිලිබද වෛරයෙන් ඉන්නෙ නැ. වර්තමානයේ හේතුව නැතිනම් ඵලය නැති බව දන්නවා.

  4. De silva says:

    Use less movement who cares identity card no
    Who is checking I’D nos

  5. පොඩි එකා says:

    නියමා…..යි.
    ඉන්න ටිකේ අන්නඑහෙම ජීවත් වෙමු.

    හැකි ලෙස පෙවේසම් වී ඉමු.

    වහගෙන ඉඳලා නොමැරී සදා ජීවත් වූ උන් ලොවේ කොයි?

  6. Banda says:

    නූගත් බහුතරයක් ඉන්න mee රටේ බූරු kකතා නොකියා hariaman නීති ගෙනල්ලා therana ගන්න ආයුබෝවන් ta.mooda අතාල් nodi

  7. Banda says:

    නූගත් බහුතරයක් ඉන්න mee රටේ බූරු kකතා නොකියා hariaman නීති ගෙනල්ලා therana ගන්න ආයුබෝවන් ta.

  8. අනේ හරි සෝක් !
    දවසකට මරන 101 යි දැන්!
    තව මරන වැඩි වෙන්න
    අරිමු අපි රට හෙට!
    හැම අතින්ම පල්ලන් බැස්සත්
    ඒකෙන් හරි නගින්නැතැයි..නහුතෙට
    සජියට, රනිලට , අනුරට පුල් ආතල් ඇති
    තුහ් නොදකින් !…අනේද කියන්නෙ !
    අරිමු !අරිමු රට! අපි හෙට!

  9. Truth says:

    Ajith sir, sticker akake denna

  10. ගැසට් says:

    ගැසට් කළේ නැත්නම් මේවා වලංගු නෑ…

Main News