ඔත්තේ ඉරත්තේ ක‍්‍රමය යලි එයි.. පලාත් අතර ගමන් තහනම්…

June 11, 2021 at 10:40 am | lanka C news
ඔත්තේ ඉරත්තේ ක‍්‍රමය යලි එයි.. පලාත් අතර ගමන් තහනම්…

දැනට පවතින සංචරණ සීමා එළඹෙන 14වෙනි සඳුදා දිනෙන් පසුව ඉවත් කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

නමුත් එම සීමා ඉවත් කලද පෙර පැවති පරිදි පළාත් අතර සංචරණ සීමා තව දුරටත් ක්‍රියාත්මක බව ද ඔහු පැවසීය.

එමෙන්ම නිවසෙන් බැහැර වීමට හැකියාව ඇත්තේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංක ක්‍රමයට ඔත්තේ ඉරත්තේ සංඛ්‍යා අනුව බවද ඔහු සදහන් කරයි.

මේ පිළිබඳව වන නිර්ණායක ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටී.

පවතින වසංගත ව්‍යාප්තිය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව අවසන් තීරණයට එළඹෙන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

73,846 views

18 Comments to “ඔත්තේ ඉරත්තේ ක‍්‍රමය යලි එයි.. පලාත් අතර ගමන් තහනම්…”

  1. Silva says:

    ඔය මොන ක්‍රමය ආවත් මිනිස්සුන්ගේ හැසිරීම මත තමා කොවිඩ් පැතිරෙන එක සිදු වෙන්නේ. අපේ රටේ මිනිස්සු විවිනයගරුක නැහැ .

  2. ANURUDDA says:

    Mona neethya dammat savindra silva ,ajith rohana mona keewat wedak na minissu danaganna ona hasirenna corona ekka sellam karanna katawat bari bawa terum gattot edata hariyai natnam maranna wenne

  3. Felix says:

    Never-ending jokes!

  4. Dasa says:

    Can’t we travel between Provinces to get vaccinated? Redda thamai!!

Main News