ඔන්චිලි පැදමින් සිටි 09 හැවිරිදි දැරිය සාරිපොටට බෙල්ල සිරවී මරුට…
February 6, 2018 at 2:06 am | lanka C news
යාපනය කෝපායි පොලිස් වසමේ කොකුවිල් නැගෙනහිර ප්රදේශයේදී 09 හැවිරිදි දැරියක් ඔන්චිලි පැදමින් සිටින අතරතුර ඔන්චිල්ලාවේ සාරි පොටට බෙල්ල සිරවීමෙන් දැරිය එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවට කෝපායි පොලීසිය කියා සිටියේය.
09 හැවිරිදි සිවනේෂන් අක්ෂයණි දැරිය උපතින්ම ගොළු දැරියක් වන අතර දැරියගේ මව හා පියාද ගොළුව අතරම දැරියගේ මව හා පියා නගරයට ගොස් එන තුරු දැරිය නිවස තුල දමා ගොස් ඇති අතර මවත් පියාත් නැවත නිවසට පැමිණ විපරම් කර බලන විට නිවස තුල නොසිටි දැරිය ඔන්ච්චිලාවේ බෙල්ල සිරවී සිටිනු දැක එම අවස්ථාවේදීම යාපනය ශික්ෂණ රෝහලට රැගෙන ගියද රෝහලට රැගෙන යන විටත් දැරිය මිය ගොස් ඇති බවට කෝපායි පොලීසිය කියා සිටියේය.
මිය ගිය දැරිය ඔන්චිලි පැදි ඇත්තේ සාරියකින් සාදන ලද ඔන්චිල්ලාවක වන අතර සාරි ඔන්චිලාල්වා කැරකවීමෙන් එයට දැරියගේ බෙල්ල සිර වී ඇති බවට මෙතෙක් සිදු කරන ලද පරික්ෂණ වලින් සැක පහල වන්නේ සැයි කෝපායි පොලීසය වැඩි දුරටත් කියා සිටියේය.