ඔපකරණ ලද මැණිකක් ලෙස ශ්‍රී ලංකාව ලොව බබලවන්නට හැකියි..
February 8, 2019 at 2:07 am | lanka C news
හොරණ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන්ගේ සංවිධානය මගින් සංවිධානය කරනු ලැබූ ඇගයීමේ උළෙලක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මේ සදහා වූ මුලික අරමුණ වුයේ එම ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති කමල් පතිදුවගේ මහතා සහ ආනන්ද සමරතුංග යන මහත්වරුන් දෙදෙනා විසින් මැණික් ව්‍යාපාරය සදහා කරන ලද ඉමහත් සේවය වෙනුවෙන් අගයක් එක් කිරීමටයි.
මෙහිදී අදහස් දැක්වූ පා.ම විදුර වික්‍රමනායක මහතා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතාගෙන් ඉල්ලා සිටිනු ලැබුවේ ගග ඇදීම සහ මැණික් ගැරීමේ කටයුතු වල නිරත වන කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් සදහා රජයෙන් ඇතිවන බාධක ඉවත් කර දෙන ලෙසයි.
එයට අදහස් දැක්වූජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසා සිටියේ දිනෙන් දින ලංකාවේ හමුවන මැණික් ප්‍රමාණය අඩු වී ගෙන යන බවත් එමගින් අප රටට ලැබෙන විදේශ විනිමයද අඩු වී ගෙන යන බවයි.
අතීතයේ පටන් අප රටට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය තුලින් ලැබුණු අලංකාරය වටිනාකම රැක ගැනීම සදහා මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය තුල වෙනසක් සිදු කල යුතුව පවතින බව ඒ මහතා තව දුරටත් පවසා සිටියහ.
තවද,පිටරටින් ගෙනඑනු ලබන මැණික් කපා ඔප ගන්වා අගය එකතු කොට පිටරට යැවීමේ වැඩ පිළිවෙල ආරම්භ කිරීම තුලින් අප රටද ඔපකරන ලද මැණිකක් සේ ලොව බබලවන්නට හැකි වන අතර අප රට තුල එයට අවශ්‍ය තාක්ෂණය අවශ්‍ය අන්දමින් තිබෙන නිසාත් ඒ සදහා අවශ්‍ය පුහුණු කාර්මිකයින් විශාල ප්‍රමාණයක් සිටින නිසාත් මේ කටයුතු සිදු කිරීමට ඔවුනට ජවය හා ශක්තිය දිය යුතු යැයි වැඩි දුරටත් පැවසීය.
මෙම උත්සවය සදහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ,පා.ම විදුර වික්‍රමනායක,හොරණ නගරාධිපති ඩබ්ලිව්.සිරිසෝම යන මහත්වරුන්ද ඇතුළු ප්‍රදේශවාසීන් රැසක්ද එක්ව සිටියහ.
– රෙජිනෝල්ඩ් කුරේ මාධ්‍ය ඒකකය