‘ඔබට ගැලපෙන වැඩද කරන්නේ..’ ජනපතිට දුරකතනයෙන් අමතා විමසයි…

March 26, 2019 at 11:20 am | lanka C news
‘ඔබට ගැලපෙන වැඩද කරන්නේ..’ ජනපතිට දුරකතනයෙන් අමතා විමසයි…

තමන් පසුගිය ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති කාලයේදී ඇතැම් අවස්ථාවන්වල විරිදු කියා ඇති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

එවන් අවස්ථාවන්වල ‘සමහරුන්’ තමනට දුරකතනයෙන් අමතා ‘ඔයාට ගැලපෙන එකක්ද ඔය විරිදු කියන එක. ඔ්ක බස් ස්ටැන්ඩ්වල එහෙමනෙ කරන්නෙ’ යයි පැවසූ බවත් ඒ මහතා පැවසීය.

නමුත් එසේ කියන්නේ අපේ සංස්කෘතිය නොදන්නා අය බවද කී ජනාධිපතිවරයා ජනාධිපති වුවද අපේ සංස්කෘතියට ගරු කල යුතු යයිද සදහන් කලේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ පිබිදෙන පොලොන්නරුව වැඩසටහන යටතේ අලුත්ඔය කණිෂ්ඨ විදුහලේ ඉදිකරන ලද නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය අමතමිනි.

71 views
Main News