‘හීන්බබා සීයා’… විමල් කතානායකට අලූත්ම නමක් දමයි.. කතානායකත් හොල්මං.. තර්ජනයේ ඇත්ත කතාව මෙන්න…
October 6, 2016 at 8:40 am | lanka C news
කතානායක තුමා හින් බබා සීයා වගේ යයි පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.
නව වැට් පනත කැබිනට් අනුමැතිය ලැබීමට පෙර ගැසට් කිරීම සම්බ්න්ධයෙන් නීතිපතිවරයා විසින් නිකුත් කර තිබූ ලිපිය ගැන පාර්ලිමේන්තුවේදී ඇති වූ විවාදයේදී මන්ත්රීවරයා මේ බව කියා සිටියේය.
‘මේ ඉදිරිපත් කරල තියෙන නීතිපතිගෙ ලියුමේ අපි කියන දේ ගැන සදහනක් නෑ. ඒ ලිපියෙන් අපේ ප්රශ්නය නිරවුල් වෙන්නේ නෑ. ප්රශ්නයට පිලිතුරැු ඒ ලිපියෙ සදහන් වෙන්නේ නෑ. ඔබතුමා ඇහුන්කම් දෙන්න. මට කතා කරන්න දෙන්න. ඇයි කතා කරන්නෙ දෙන්නේ නැත්තෙ’ යයි වීරවංශ මහතා ප්රශ්ණ කල විට ‘ඔබතුමා සභාව තුල තර්ජනය කරන්න එපා. මම ඊයේ තීරණයක් දුන්නා. මම හොදට පරීක්ෂා කරල බලලයි ඒ තීරණය දුන්නෙ. ඒක වැරදි නම් ඔබතුමාට අධිකරණයට යන්න පුළුවන්’ යයි කතානායක කරැ ජයසුරිය මහතා පැවසීය.
‘කතාවෙලාද තීන්දුව දුන්නේ. ඔබතුමාත් හරියට හීන් බබා සීයා වගේ’ යිය වීරවංශ මහතා ඊට පිලිතුරැ ලෙස පවසද්දී කතානායකවරයා ‘මොකක්ද මොකක්ද’ අසමින්ඔ හුගේ මයික්රෆෝනය විසන්ධි කරනු ලැබීය.