ඔබේ පණ බේරා ගත්තේ මායි.. මට අත තබා වැඩේ වන කර ගන්න එපා…- ෆොන්සේකා ජනපතිට අනතුරු අගවයි..

February 8, 2021 at 10:40 am | lanka C news
ඔබේ පණ බේරා ගත්තේ මායි.. මට අත තබා වැඩේ වන කර ගන්න එපා…- ෆොන්සේකා ජනපතිට අනතුරු අගවයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අනතුරු අඟවමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් තම සමාජ ජාල ගිණුම් ඒ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි.

”සතුරා ඉදිරියේ තබා ගෙන විවෘත භුමි හරහා ගමන් කිරීම අනතුරුදායක බව මම යලිත් ගෝඨාභයට සිහිපත් කරමි.

1991 යාපනය කොටුව බේරා ගන්නා සටනේ දී ඔබ සතුරා ඉදිරියේ තබා ගෙන විවෘත භුමිය හරහා ගොස් අනතුරට පත්වූ අවස්ථාවේ ඔබ හා ඔබේ බල ඇණියේ ජිවිත බේරා ගත්තේ එදා මා ඇතුළු 1 වන සිංහ රෙජිමේන්තු බල ඇණියයි.

අද වසර 30 කට පසු 2021දී දේශපාලන පිටියේ ඔබ යලිත් එම අත්වැරදීම නොකරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

දැන් ඔබේ කඳවුරේ අණ සහ පාලනය බිඳ වැටි ඇති බව ඉතාම පැහැදිලියි. ඔබට ජන්දය දුන් 69 ලක්ෂයක ජනතාව ම ඔබව හාස්‍යයට ලක් කිරීමෙන්, ඔබ දේශපාලනිකව තනිවී ඇති බව පෙනේ. බලයෙන් උන්මත්තක වී සිටින ඔබගේ පාලනය ඒ බලය විසින්ම විනාශ කරනු ඇත.

ඒ නිසා ගෝඨාභයට මම දෙන උපදෙස වන්නේ, රටම අසීරුවෙන් සිටින මොහොතක මා ඇතුළු පොදු විපක්ෂයේ දේශපාලන නායකයින්ගේ හා සහෘදයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට අත තබා තව දුරටත් ප්‍රශ්න හා අර්බුද උග්‍ර කර නොගන්නා ලෙසය”

– සරත් ෆොන්සේකා FB

135,550 views

50 Comments to “ඔබේ පණ බේරා ගත්තේ මායි.. මට අත තබා වැඩේ වන කර ගන්න එපා…- ෆොන්සේකා ජනපතිට අනතුරු අගවයි..”

  1. Felix says:

    Whatever criticisms made, SF has given few words to the point.

    • SF Wachala says:

      SF ගේ කයිවාරු… ගොටාබය ජනාදිපති තුමා නිකම්ම නිකන් කෙනෙක් නෙමෙයි.

      ගොටබය ජනපති තුමාට මේ සියලු පදක්කම් ලැබුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පාලන කරන සමයේ නොවේ.
      UNP ආණ්ඩුව සමයේ..එසේ නම් ගොට්ට අල්ලා නොව ,මේ සියල්ල දක්ෂතාවය මත ලැබුණු දේවල්.

      Rana Wickrama Padakkama (RWP) 1994
      Rana Sura Padakkama (RSP) 1994
      Desha Putra Sammanaya 1994
      Eastern Humanitarian Operations Medal 2010
      Northern Humanitarian Operations Medal 2010
      Purna Bhumi Padakkama 1984
      North and East Operations Medal 1986
      Vadamarachchi Operation Medal 1987
      Sri Lanka Armed Services Long Service Medal 1984
      President’s Inauguration Medal 1978

      • SF_HONTHUWA says:

        සිරා කතාව එතකොට ඩෙන්සිල් කොබැකඩුව ,විජය විමල රත්න යන මහත්වරුන්ගේ කාලේ.
        Medel එකක් ගන්නවා කියන්නේ , පට්ටම ගේමක්.මොකද ලොකු පුටු සේරම වැඩ්ඩෝ.

  2. Sirisena Yatawara says:

    Sarath Fonseka is not politician he is Man of Gunpoint army person,having no experiences of Political that without any background politics ,how can teach to Gotabaya Rajapaksa ? Sarath F… was personally case of failure of Lives of Politics. He has now gone under the leadership of that SBJ of Sajith Premadasa guidance ? Both of them are Not politician nighter wise men in our educated society .We have large stock of wise men and women who do not believe an alternative politics to GR nd MR of SLPP?

  3. NAK says:

    Foneka has read the writing on the wall !!!

  4. P Diddy says:

    විශ්‍රාම යෑමට නියමිත නාකි brigadier කෙනෙක්ව යාළු කම නිසා තියාගෙන පොරක් කර දීමේ විපාක. කලෙහි ගුණ නැති කමද ?

  5. ajith says:

    ගොටාබයියා නිසා දැන් 69 ලක්ෂයටම පාරේ බැහැලා යන්න බැහැ. රට එවරෙටම ඉවරයි. ආයේ ගොඩ ඒමක් නැහැ

  6. Chamara says:

    ඒක කදවුරක් ඉන්න ඕන මිනිස්සු මේ දේන්නා.අපේ රටේ හතුරන් කෝච්චර බලවත්ද මෙහේම විරසක කම් ඇති කරන්න.

  7. Sudarshana Nanayakkara says:

    මම දැනට කැනඩාවේ ජීවත්වන ශ්‍රී ලාංකීය පුරවැසියෙක්මි. ලොකයේ දැනට පවතින විපක්ෂ වලින් ඉතාමත්ම, තිරශ්චීනම, අධම, කුහකම, කුඩුකේඩුම විපක්ෂය ( සජිත් යූඑන්පී, ජේවීපී, දෙමල සංධානය, …) ලංකාවේ විපක්ෂයයි. ඊට අමතරව වතු ද්‍රවිඩ පක්ෂ, මුස්පිම් පක්ෂ, හා දෙමල සංධානය වැනි, වර්ග වාදය, මත පදනම්වී තම වර්ගයේ ජනතාවම හූරා කමින් එම වාර්ගිකත්වය, මාර්කට් කරමින්; මඩි තර කරගන්නා, බඩ ගෝස්තර වාදීනුත් සමග රට ඉදිරියට පවත්වා ගැනීම කෙතරම් අපහසුද?

    කැනඩාව, ඇමරිකාව, එංගලන්තය, ඉතාලිය,… වැනි රටවල පහුගිය කොරෝනා ගැටළුව නිසා, රැකියා නැතිවී ගිය, අය අපමණයි, වැසුනු ව්‍යපාර අපමණයි, මේ තත්ව සමග බලන කල රජය මෙවන් අසීරු මොහොතක ලංකාව මේ තත්වයෙන් පවත්වා ගැනීම ඉතාමත්ම අගය කලයුතුවේ.

Main News