ඔබේ අදීනත්වය පූජාසනයේ තබමු.. පාස්කු බෝම්බ කමිටුවට දණ නොනැමු රාජ්‍ය පරිපාලන ලේකම්ට ඉහලම හරසර..

June 14, 2019 at 1:20 pm | lanka C news
ඔබේ අදීනත්වය පූජාසනයේ තබමු.. පාස්කු බෝම්බ කමිටුවට දණ නොනැමු රාජ්‍ය පරිපාලන ලේකම්ට ඉහලම හරසර..

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පාස්කුදින ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සභාව හමුවේ ඊයේ දින සාක්ෂි ලබා දීමේදී දක්වන ලද ඍජු බව, නිර්භීතබව සහ අදීන බව අගය කරමින් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය විශේෂ ඇගැයීමේ ලිපියක් යොමු කර ඇත.

එම සම්පුර්ණ ලිපිය පහත දැක් වේ.

ජේ.ජේ. රත්නසිරි මහතා,
ගරු ලේකම්,
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශ,
නිදහස් චතුරශ්‍රය,
කොළඹ 7.

ගරු ලේකම්තුමනි,

පාස්කුදින ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සභාව හමුවේ පෙන්වූ අදීනත්වය ඇගයීම

අද උදෑසන දුරකථන මාර්ගයෙන් වාචිකව කරන ලද ඇගැයීමට අතිරේක වශයෙන් ඔබතුමන් වෙත ලිඛිත ඇගැයීමක් ලැබෙන්නට සලස්වන මෙන් අප සාමාජිකත්වය කරන ලද ඉල්ලීම සලකා බලා මෙම ලිපිය යොමු කරන්නට අදහස් කළෙමු.

පාස්කුදින ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සභාව හමුවේ ඊයේ දින සාක්ෂි ලබා දීමේදී ඔබතුමන් දක්වන ලද ඍජු බව, නිර්භීතබව සහ අදීන බව ශ්‍රී ලාංකිකයන් වශයෙනුත්, මෙරට ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය නියෝජනය කරන ආචාර්යවරු වශයෙනුත් අපගේ ගෞරව බහුමානයට ලක්වේ.

විශේෂ වශයෙන් යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා මතුකළ අසංවර, අතාර්කික කරුණු හමුවේ ඔබ දැක්වූ සංයමය, පරිචය සහ අදීනත්වය සමස්ත රාජ්‍ය සේවයටම අභිමානයක් ලෙස අපි දකින්නෙමු.

ඉදිරි කාලයේ ද රටත් ජනතාවත් වෙනුවෙන් අපක්ෂපාතී රාජ්‍ය සේවයක නියැලීමට ඔබතුමන්ට ධෛර්යය, ශක්තිය ලැබේවායි සමස්ත සාමාජිකත්වය වෙනුවෙන් ප්‍රර්ථනා කරන්නෙමු.

තෙරුවන් සරණයි,

ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය වෙනුවෙන්,

මහාචාර්ය චන්න ජයසුමන
මහ ලේකම්

94 views

45 Comments to “ඔබේ අදීනත්වය පූජාසනයේ තබමු.. පාස්කු බෝම්බ කමිටුවට දණ නොනැමු රාජ්‍ය පරිපාලන ලේකම්ට ඉහලම හරසර..”

  1. Nim says:

    GOVERNMENT SERVICES
    LAGE RESPECT AKA
    RAKA GATH
    OBA THUMA TA
    JATHIYE
    UPAHARA YA
    PERINAMAMU.
    THERUWAN SARANI
    DEVI PIHITI.

  2. Janaka says:

    මෙතුමා දක්වන ලද ඍජු බව, නිර්භීතබව මින් ඉදිරියට පැමිණෙන සියලු රාජ්‍ය සේවකයින්ට ආදර්ශයක් වේවා .

  3. UD says:

    නියමයි….. රිදෙන්නම දීලා
    ඊනියා පාස්කු බෝම්බ කමිටුවට අපගේ බලවත් සංවේගය ප්‍රකාශ කර සිටිමු….

  4. Sampath Dillimuni says:

    අපි රාජකාරී ඉටුකරන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ආදරණිය ලේකම්තුමනි .තවමත් රාජ්‍ය සේවයේ වැදගත් බවින් සපිරුණු කොන්ද කෙලින් තියාගෙන දේශපාලකයන් ළග දණින් නොවැටී සිටිය හැකි මිනිසුන් මේ මව් පොලවේ සිටින බව ඔබතුමන් ඊයේ පෙන්නුවා ඔබතුමන්ට අපේ උණුසුම් සුබ පැතුම් .ඔබතුමන් ගේ ආයතනයේ සේවය කිරීම ගැනද අපි ඉතා සතුටු වන්නෙමු .
    එදා කොටින්ට ආ වඩපු මෙදා බැංකු කඩලා ගෙවල් හම්බ උණු ඒ ගෙවල් ගැන දන්නේ නැති ඒවා අමතක උනු දත් දෙකක් ගලවලා නැව් 07ක්‍ ගත්තු විවස්තා දහම් ගැට වලින් රටම අවුල් කරපු ඔය දේශපාලකයන්ට කොන්ද කෙලින් තියාගෙන කථා කරපු ඔබතුමන් අපිට අපේ ආයතනයට වගේම රටට මහා වීරයෙක් ඔබතුන්ට තෙරුවන් සරණයි
    Sampath Dillimuni

    • LAK WESIYO says:

      In a situation where, people elected leaders have no spine to take the people anticipated suitable precautionary steps to protect the citizen’s security ,even after such a national tragedy, it is heartening see the officers like you try to depend the peoples’ right to have a common law in the country. These power greedy politicians still want to put the peoples’ security at risk ,seeking few percentage of votes, to cling to power. The people will definitely show a good lesson for this undemocratic ( not holding due provincial councils), incapable rulers at future elections.

    • Sadda says:

      මමත් ඔබ සමගයි .

  5. Lalitha says:

    Dear Sir,
    I salute for your brave dedication

  6. Sanidu Sooriarachchi says:

    well done

  7. Sunil Dahanayake says:

    I really appreciate this man’s evidence and answers. Some people with alleged racial bias was trying to teach him how to do the job.

    We need 1000s of this kind of public officers with back bone.

  8. purawasiyek says:

    obe nosalena bawa dutu ma puduma wiya. acharaya obata.

  9. vishnu says:

    Great and thanks

Main News