ඔබේ ප‍්‍රකාශ ජනාධිපතිවරයෙකුට සුදුසු නෑ.. ජනතාව ඔබ ජනාධිපති කලේ රට බෙදීමට නොවේ.. – ගැටඹේ හිමි ජනපතිට කෙලින්ම කියයි..

November 25, 2016 at 10:00 am | lanka C news
ඔබේ ප‍්‍රකාශ ජනාධිපතිවරයෙකුට සුදුසු නෑ.. ජනතාව ඔබ ජනාධිපති කලේ රට බෙදීමට නොවේ.. – ගැටඹේ හිමි ජනපතිට කෙලින්ම කියයි..

ෆෙඩරල් පාලනයක් තුළින් රටේ එකීයත්වයට කිසිදු බලපෑමක් එල්ල නොවන්නේ නම් රට දෙකට බෙදිය යුතු යැයි පවසන පිරිස් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් ෆෙඩරල් පාලනයක් ඉල්ලා සිටීම සැක සහිත යැයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ සදහන් කරයි.

රට තුළ සංහිදියාව හා යහපාලනය බිද වැටී, දේශපාලන නායකත්වය පිළිබද කිසිදු විශ්වාසයක් නොමැති අවධියක කළ යුත්තේ නොදන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර රට බෙදීම නොව සියලු ජාතීන් අතර සමගිය හා සාමය තහවුරු කිරීම විය යුතු යැයි නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පවසයි.

මහ බැංකු බැදුම්කර සිද්ධියේදී විදේශිකයෙකුට මහ බැංකු අධිපතීත්වය ලබාදී මහා පරිමාණ මුදල් වංචාවක් සිදුකිරීමට අවස්ථාව දීම සහ වැරදිකරු ආරක්ෂා කිරීම මගින් අග්‍රාමාත්‍යවරයා කෙරෙහි බොහෝ පිරිස් තුළ ඇත්තේ කලකිරීමක් යැයි පැවසෙන එම නිවේදනයේ තවදුරටත් මෙසේ සදහන් වෙයි.

අප රටට නවතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කිසිදු අවශ්‍යතාවක් නොමැති අවස්ථාවේදී මේ රජය ලහිලහියේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට උත්සහ දරනවා. දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යකම් ඉටු නොකරන බව ජනාධිපතිවරයා සපථ කළත් අද ඒ විශ්වාසය පළුදු වී යන බවක් දැකිය හැකියි.

බෙදුම්වාදයට උඩගෙඩි දෙන අධිනීතිඥවරු, ආචාර්ය මහාචාර්යවරු හා රාජ්‍ය නොවන සංවිධාන උත්සහ කරන්නේ ෆෙඩරල් ක්‍රමයක් කරා රට යොමු කිරීමටයි. රටට හිතැති අහිංසක පොදු මහජනතාවට ඉන් සෙතක් සැලසෙන්නේ දැයි සැක සහිතයි. ආතක් පාතක් නොමැති න්‍යාචාර්යවරුන්ගේ සංකල්ප තුළින් රටට කිසිදු යහපතක් අත්වන්නේ නැහැ. කණගාටුව වන්නේ රට විනාශ කිරීමට උඩගෙඩි දෙන පුද්ගලයන් රටේ නායකයන්ට උපදෙස් දෙන්නන් බවට පත්වීමයි.

ෆෙඩරල් පාලනයක් තුළින් රටට කිසිදු අහිතකර තත්ත්වයක් උදා නොවන බව කීවත් උතුරේ මහ ඇමතිවරයා ඉල්ලා සිටින්නේ ඔවුන් සදහා වෙනම පාලනයක්. ඉඩම්,පොලිස් හා අධිකරණ බලතල පළාත් සභා වෙත පවරාදීමෙන් පසු වෙනම ආණ්ඩුවක් නිර්මාණය නොවී පවතීද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය තුළින් මොවුන් උත්සහ කරන්නේ රට බෙදා වෙනම පාලනයක් උතුරට ලබාදීමටයි.

අතිගරු ජනාධිපතිතුමනි, වර්ෂ 2014 ජනවාරි 08 වන දින ජනතාව ඔබ විශ්වාස කොට ඔබට ඡන්දය දුන්නේ යහපාලනය ඇති කිරීමට මිස රට බෙදීමට නොවෙයි. ඔබ ජනාධිපතිධූරයට පත්වූ අවස්ථාවේ ජනතාව සතුටුවුවත් අද ඔබ යන ගමන් මග පිළිබදව ඇත්තේ බරපතල සැකයක්. අනුරපුර, පොළාන්නරු, සීතාවක, මහනුවර යුගවලදී මහා සංඝරත්නය රජු හා එක්ව පෙරමුණ ගත්තේ ද්‍රෝහීන්ගෙන් රට ආරක්ෂා කිරීම සදහායි. නමුත් රටේ පාලකයා ද්‍රෝහීන් සමග කුළුපග වී රට හා දේශප්‍රේමීන් පාවා දුන් ඛේදනීය අතීතයන් පවා තිබුණා. නමුත් මහා සංඝරත්නය එදා සිට අද දක්වාම රට ආරක්ෂා කිරීමට පෙරමුණ ගත්තා පමණක් නොව, ජාතික සංහිදියාට ඇති කිරීමට ද කටයුතු කළා.

යහපාලනය හා සංහිදියාව තහවුරු කරන බව පැවසූ ශ්‍රී ලංකාවේ සමස්ථ සංහිදියාවට අද බරපතල තර්ජනයක් එල්ලවී තිබෙනවා. උතුරු නැගෙනහිරින් සිංහල බෞද්ධයන් පළවා හරින තත්ත්වයක් උදවී තිබෙනවා. රටේ සංහිදියාව ආරක්ෂාවිය යුතුය යන මායාවෙන් මෙම හානිය කිසිවෙකුත් නොදකින නමුත් බෞද්ධයන්ට අත්වී ඇත්තේ ඛේදනීය තත්ත්වයකි. සංහිදියාව තහවුරුකරන වැඩපිළිවෙල රාජ්‍ය නොවන සංවිධාන වෙත නොපැවරිය යුතුයි.

වර්තමාන සංහිදියාව නම් කෘතිම වැඩපිළිවෙලට වඩා අතීතයේ මහා සංඝරත්නය සැබෑ සංහිදියාවෙන් යුතුව ජීවත්වුණා. ශ්‍රී දළදා මාලිගාව සතු ඉඩම් පවා මුස්ලිම් ජාතිකයන්ට ලබාදී ඔවුන්ගේ ආගමික ස්ථාන ඉදිකිරීමට මහ සංඝරත්නය එදා අනුමැතිය ලබා දුන්නේ හෙළ භික්ෂුන් වහන්සේ තුළ ඇති සංහිදියාව නිසයි. සංහිදියාවට සැබෑ සුදුස්සෝ වන්නේ රට බෙදීමට උත්සහ කරන පිරිස් නොව මහා සංඝරත්නයයි.

ජනාධිපතිතුමනි, මාධ්‍ය මගින් ඔබතුමා කරන අභීත සෘජු ප්‍රකාශ පිළිබද ජනතාව තුළ ඇති විශ්වාසය පළුදුවී තිබෙනවා. වරින් වර මාධ්‍ය මගින් බැට් බද්ද, මහා පරිසර විනාශය, රණවිරුවන් අධිකරණයට ගෙන යාම, ආබාධිත රණවිරුවන්ට පහරදීම වැනි අවස්ථාවලදී ඔබ මාධ්‍ය මගින් කළ ප්‍රකාශවලට ජනතාව යම් විශ්වාසයක් ඔබ පිළිබදව ඇති කර ගත්තා. නමුත් ක්‍රියාවේදී රජය ඒ ඊට හාස්පසින්ම වෙනස් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව දැන් බෙහෙවින්ම පැහැදිලියි. මාධ්‍ය මගින් කරන එවැනි ප්‍රකාශ ජනතාව නොමග යැවීමට සිදුකරන ප්‍රකාශ බව මේ වන විට පැහැදිලිවී තිබෙනවා.

රටේ ජනාධිපතිවරයා වශයෙන් සත්‍ය දකින්නේ පුවත්පත්වල පළවූ අවස්ථාවේ යැයි කීම ජනාධිපතිවරයෙකුට සුදුසු නැහැ. ඔබ රටට අහිතකර පුවත් පළ කරන මාධ්‍ය ප්‍රසිද්ධියේ විවේචනය කරනවා. නමුත් ඒ මාධ්‍ය කළ උපකාරය නිසයි මෛත්‍රීපාල සිරිසේන නම් ජනාධිපතිවරයා නිර්මාණය වුණේ. ආණ්ඩුවක් පෙරළා නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට පුවත්පත්, විද්‍යුත් මාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍ය කටයුතු කළා. අද ඔබතුමා අතින් ඒ මාධ්‍ය විවේචනය වුවත් සැබවින්ම සිදුව ඇත්තේ මාධ්‍ය නිවරැදිව එදා මෙන් වාර්තාකරන අතර රටේ පාලන පංතිය ජනතාවට පීඩා වන අයුරින් වැරදි ලෙස හැසිරීමයි.

තොරතුරු දැනගැනීමේ අයිතියට ගරු කරමින් විවේචන හා හෙළා දැකීම් මැද මාධ්‍ය කටයුතු කරන අතර පාලන පංතිය සිදු කළ යුත්තේ එම මාධ්‍ය විවේචනය කර ඔවුන් පාලනය කිරීමට උත්සහ කිරීම නොව තමන්ගේ පාලන ක්‍රමය සකස් කර ගැනීම යැයි පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමිපාණන් වැඩිදුරටත් සදහන් කරයි.

නදීක දයා බණ්ඩාර
මහනුවර

49 views

23 Comments to “ඔබේ ප‍්‍රකාශ ජනාධිපතිවරයෙකුට සුදුසු නෑ.. ජනතාව ඔබ ජනාධිපති කලේ රට බෙදීමට නොවේ.. – ගැටඹේ හිමි ජනපතිට කෙලින්ම කියයි..”

  1. kolitha says:

    මම ..එයා…කියල …මම …දැනගත්තෙත් පත්තරෙන් කියල එයා කියයි ….
    එයා එයා නෙවේ කියල ..අපි නම් දන්නවා ….

    • Podi Malli says:

      …Ela kiri hondee…

      • SALMAL says:

        ගෞරවනීය ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේට අපේ පාදපුර්ව නමස්කාරය …ප්‍රණාමය ……අපේ රට ජාතිය වෙනුවෙන් කරන උදාර සේවයට ..
        ..සියලුම ගෞරවනීය සංඝයාවහන්සේලා අපේ රට ජාතිය බේරාගැනීමට ඉදිරියට වැඩිය යුතු කාලයයි මේ
        එක් වෙමු ! රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව කෙසේ හෝ පරදවමු !

        http://www.yuthukama.com/2016/08/FedaralVivasthawaParadawamu.html

        • Alapaluwa says:

          සල්මල් සහොදරයාගේ ඒකායන පර්තානව එහාකාරයෙන්ම ඉටුවේව යයි ලක්දිවයිනට ලැදී සියළුම ස්හොදරයන්ගේ ප්රතනවද

  2. KGB says:

    Where is that UNP-BMW – TIBBOTTA?

  3. deshappriya says:

    mama danne danui ea mama nowei kiyala

  4. pp says:

    oba wahanseta thibena jathika kakkoma thibbatowawe himita naha noweda. on wahase UNP eka kprana ona deyak anomatha karanawa neda . oba wahanse me gana thibbatowe himita pahada denna ekaa hoda neda.

  5. Champa says:

    හැමදාම වගේ ගැටඹේ හාමුදුරුවෝ රටට වෙන්න අනතුර ගැන සිහි බුද්ධියෙන් විමසා බලන්නට සිංහලයන්ට මතක් කරනවා. මම හුඟක් දැකපු දෙයක් තමයි ඔබ වහන්සේ රටට වෙන අනතුර ගැන වේලාසනම කතා කරන එක. සිංහල අපිට හුඟක් දේවල් නැති වුනේ සමගි වෙන්න පරක්කු වෙන නිසා. මොලේ පෑදෙන්න පරක්කු වෙන නිසා. කතාවක් තියෙනවා “A man prepared has half fought the battle” කියලා. පෙර සූදානම හරිම වැදගත්. හරියට කිව්වොත් සටනේ භාගයක්ම දිනුවා වගේ.

    ඔබ වහන්සේට තියෙන ප්‍රශ්නයම තමයි මහජනතාවත් අහන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒකීය රට එහෙමම තියෙනවලු. හැබැයි විධායකය, පාර්ලිමේන්තුව සහ ස්වාධීන අධිකරණය ඉක්මවා යන බලතල පළාත් සභා වලට දෙනවා. රට පළාත් ආණ්ඩු වලට බෙදෙනවා. තනිකරම ස්වාධීන සම්පූරණ ස්වයං පාලනයක් පළාත් සභා වලට දීලා පළාත් ආණ්ඩු කියන සංකල්පය නිර්මාණය කෙරුවට පස්සේ මේ රට ඒකීය රටක් වෙන්නේ කොහොමද? දැන් තියෙන්නේ එක ආණ්ඩුවයි. අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා ආණ්ඩු කීයක් මේ රටේ නිර්මාණය වෙනවද? ඕකට තමයි ෆෙඩරල් රටක් කියන්නේ. ඊට පස්සේ මුළු රටම අවුල් වෙලා, ජන ජීවිත අවුල් වෙලා යනවා.

    මේ දේශද්‍රෝහී ආණ්ඩුව කරන්න හදන්නේ දැනට තියෙන මධ්‍යම ආණ්ඩුවේ (මේ වචනෙට මම කැමති නැහැ) හිස දන් දෙන එක. හිස කොටස් වලට කඩලා පළාත් ආණ්ඩු වලට දන් දෙනවා. ඊට පස්සේ මේ හිස නැති, මළකඳට කියනවා “ඒකීය රටක්” කියලා. හිස නැති කඳෙන් ඇති වැඩේ මොකක්ද? මේ පණ නැති, ජීවයක් නැති මළකඳ දිහෑ බලාගෙන, මෝඩ ජනාධිපතිතුමා ඇතුළු මෛත්‍රී පිල කියනවා අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් “ඒකීය රට” නැති වෙන්නේ නැහැ කියලා. නෙද්දකින්. මේ මරි මෝඩයන්ට මේ තරම්වත් පුංචි දෙයක් තේරුම් ගන්න බැරිද හාමුදුරුවනේ?

    මේ ෆෙඩරල් ව්‍යවස්ථාව නිසා අනාගතයේ ඇතිවෙන්නේ සුළු පටු ප්‍රශ්නයක් නෙමෙයි. මුළු රටම ත්‍රස්තවාදයට, විදේශික ආධිපත්‍යයට, දේශීය සහ විදේශීය ආක්‍රමණවලට නතු වීමේ භයානක අවදානමක් ඉදිරියේ ඇති වෙන්න පුළුවන්.

    උදාහරණයක් විදියට රටට ත්‍රස්තවාදී උවදුරක් ඇති වුනොත් ඊට විරුද්ධව සටන් කරන්න තීරණය ගන්නේ කවුද? කවුරුවත් නැහැ. “මළකඳන්” වලට තීරණ ගන්න පුලුවන්ද? ගත්තත් ඒ තීරණ ක්‍රියාත්මක කරන්න පළාත් ආණ්ඩු බැඳිලා නැහැ. පළාත් ආණ්ඩු වලට පුළුවන් ත්‍රස්තවාදීන්ගේ පැත්ත ගන්න. උදාහරණයක් විදියට උතුරු සහ නැගෙනහිර පළාත් ආණ්ඩු වලට පුළුවන් ත්‍රස්තවාදීන්ට රැකවරණය දෙන්න, පෝෂණය කරන්න අර ඉන්දියාව LTTE එක හදා වඩා ගත්ත වගේ. ඊට පස්සේ පුළුවන් මේ ත්‍රස්තවාදීන් ලවා රටේ අනිත් පලාත්වල බෝම්බ පුපුරුවලා, රට අරාජික කරන්න. මුළු සිංහල ජාතියම සමූල ඝාතනය කරන්න වැඩි කාලයක් යන්නේ නැහැ. මේ කිවේ එක උදාහරණයක් විතරයි. මේ ටික තේරෙන්නේ නැති සිංහල මැටි හරක් තාම මර නින්දේ.

    උතුරු නැගෙනහිර දෙමල සහ මුස්ලිම් දේශපාලකයන් වෙනම පාලනයක් ලබා ගන්න මෙතුවක් කරපු උත්සාහයේ මල ඵල ගැන්වීම තමයි මේ. මොන තරම් ලේසියෙන් උතුරට ස්වයන් පාලනයක් ලැබෙන්න යනවද? අපේ රණවිරුවෝ අවුරුදු 30ක් තිස්සේ කරපු යුද්ධයේදී දිවි පිදුවේ, අත් පා දෑස් අහිමි කර ගත්තේ, සදාකාලික අබාධිතයන් වුනේ මේ තරම් ලෙහෙසියෙන් පාලකයන්ට ඕනේ විදියට අපේ රට පාවා දෙන්නද?

    මේ ෆෙඩරල් ව්‍යවස්ථාව සිංහලයා තමන් අතින්ම තමන්ගේ මිනී වල කපා ගැනීමක්. මේකට මීට වඩා ඉස්සරහට යන්න දෙන්න බැහැ. මම දැක්ක විමල් “රට අනතුරේ – කළ යුත්තේ කුමක්ද?” කියල සම්මන්ත්‍රණයක් හංවැල්ලේ ත්යන්න සූදානම් කරලා තියෙනවා මේ මාසේ 27 වෙනිදා. මේ ගැන මිනිස්සුන්ව දැනුවත් කරන්නත්, ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහිව සටන් කරන්නත් අපිට ඉන්නේ රටට හැමදාම අවංකවම ආදරේ කරපු විමල් විතරයි කියන එක මම කෙලින්ම කියනවා. මොකොද අනිත් අය දේශපාලකයන් නිසා, ඒ අයගේ හැසිරීම් රටාව ගැන මට නම් කිසි විශ්වාසයක් නැහැ. මේ අනතුරට එරෙහිව වේලාසනම සූදානම් වෙන එක හොඳයි කියන එක හැම සිංහලයටම කියන්න කැමතියි.

    සංඝයා වහන්සේලාගේ පැත්තෙන් මේ ගැන මීට වඩා විරෝධයක් අපි බලාපොරොත්තු වෙනවා හාමුදුරුවනේ. ඔබ වහන්සේට විතරද රට ගැන කැක්කුමක් තියෙන්නේ? ඇයි අනිත් හාමුදුරුවරු නිෂ්ෂබ්දව ඉන්නේ? මේ වෙලාවේ කතා කරන්නේ නැති හාමුදුරුවරුන්ගෙන් ඇති වැඩේ මොකක්ද?

    මේ ව්‍යවස්ථාව ආපු මුල් කාලේ ඉඳම මම කියපු දෙයක් තියෙනවා. ඒ තමයි කොටස් වශයෙන් ගන්නේ නැතුව අපි මුළු ව්‍යවස්ථාවම එකක් විදියට අරන් ප්‍රතික්ෂේප කරන්න ඕනේ කියන එක.

    දේශද්‍රෝහී රනිල් බෙදුම්වාදී සම්බන්ධන්ටයි, අධිරාජ්‍යවාදීන්ටයි, කොටි ඩියස්පෝරාවටයි, NGO කුක්කන්ටයි ඕනේ විදියට හදන, එවුන්ට දීපු පොරොන්දු ඉෂ්ඨ කරන්න හදන ව්‍යවස්ථාවට කැමති වෙන්න සිංහල අපි බැඳීලා නැහැ.

    සංඝයා වහන්සේලා ඇතුළු අපි මුළු රටම එකා වගේ අපේ මුළු සිංහල ජාතියම අනතුරට ලක් කරන මේ ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරමු. ඉවත් කරගන්න බල කරමු. අපේ එඩිතර මුතුන් මිත්තෝ අතීතයේ රට වෙනුවෙන් සටන් කරලා තියෙන හැටියට අද මේ අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ සමගිවෙලා ජය ගන්න පුළුවන් සටනක්. සිංහල අපි පරදින්න සටන් කරන්නේ නැහැ. එකම උත්තරේ ජයග්‍රහණය. ඊට මෙහා විකල්පයක් නැහැ.

    • daham says:

      GREAT COMMENT

    • Champa says:

      හාමුදුරුවෝ කියලා තියෙන ඉතුරු ටික කියව්වේ දැන්.

      රනිල්ගේ මහා බැංකු මංකොල්ලයට විරුද්ධ උද්ඝෝෂණයක් කරයි කියලා රටම බලාපොරොත්තු වුනත් ඒකාබද්ධ විපක්ෂය එහෙම කලේ නැතුව රනිල්ව ඒකෙන් ලිස්සලා යැව්වා. මාසෙකට පස්සේ දැන් නින්දෙන් අවදි වෙලා ඒ ගැන කෑගහනවා.

      රණවිරුවණ්ට ගහපු වෙලාවේ විරෝධයක් කරන්න කියලා මම ඒකාබද්ධ විපක්ෂයට කරපු යෝජනාව කුණු බක්කියට වැටුනා.

      ඒකාබද්ධ විපක්ෂය මල් කඩයක් දාගෙන මල් විකුණනව. මහබැංකුව මංකොල්ල කාපු අගමැති කම්බ හොරා ගැන වගකුත් නැහැ, රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන වගකුත් නැහැ. හිතන්නේ පළාත් සභා චන්දෙ ගැන විතරයි.

      හැබැයි අර මොක්කුද, මේ, වතුරේ නටන කකුළුවො වගේ, තාම තේරෙන්නේ නැහැ ෆෙඩරල් ව්‍යවස්ථාව ආවට පස්සේ ඔය පළාත් සභා චන්ද පැවැත්වීමේ අයිතිය ලැබෙන්නේ පළාත් ආණ්ඩුව වලට කියලා. සමහර පළාත් ආණ්ඩුවකට ඕනේ නම් තීරණය කරන්න පුළුවන් පළාත් පාලන ආයතන වලින් වැඩක් නැහැ කියලා අහෝසිම කරල දාන්න. එක පළාත් ආණ්ඩුවක් මෙහෙම තීරණයක් ගත්තොත් එතකොට අනිත් පළාත් ආණ්ඩුත් එම තීරණයම ගන්නවා. ඊට “පස්සේ පළාත් පාලන චන්ද” කියන දේ සිරි ලංකාවෙන් සදහටම නැති වෙලා යනවා. ඒක තේරෙන්නේ නැහැ. කවදාවත් තියයිද නැත්ද කියලා දන්නේ නැති පළාත් පාලන චන්දයක් ගැන කතා කරනවා. එතකන් හොර ගල් අහුලනවා. පොල් ගානවා. මල් විකුනනවා. කාපියව් තණකොළ. මැටි හරක්.

      මේවට විරුද්ධව මහජනතාව ඉදිරියට එන්නේ නැත්තේ ඇයි කියලා ඒකාබද්ධ විපක්ෂය මහජනතාවගෙන් අහනවා. අනිත් රටවල මිනිස්සු පාරට බැහැලා ඒ රටවල පාලකයෝ එලවන්න උද්ඝෝෂණය කලාලු. අපේ සිංහලයන්ට බැරි මොකොද කියලා අහනවා. මේවා අහන දේශපාලකයෝ, ඒකාබද්ධ විපක්ෂය ජීවත් වෙන්නේ කොහෙද කියලා මට අහන්න වෙනවා. මේ වගේ උද්ඝෝෂනය වෙච්ච හැම රටක්ම වගේ අන්තිමේ විනාශවෙලා ගියා. මිනිස්සු හිරේ ගියා. අත පය කැඩුනා. මැරුණා. සිංහල අපි ලෙයට ලෙය, ඇහැට ඇහැ ගන්න මිනිස්සු නෙමෙයි. අනිත් එක 1987 ඉන්දු ලංකා ගිවිසුම වෙලාවේ මේ විදියට මිනිස්සු පාරට බැහැලා මොන තරම් විනාශයක් කලාද? 1983 දීත් මේ විදියටම වුනා. ඒ වෙච්ච දේ විපාක විදියට මිනීමරු LTTE එකට ජාත්‍යන්තර සහයෝගය, අවි ආයුධ, මුදල් ලැබුනා.

      නිසි නායකත්වයක් නැතුව ආවේගයෙන් විතරක් සිංහලයා පාරට බහින එක භයානකයි. මේ රට ලේ ගංගාවක් වෙයි. මට නම් ඒක දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. මිනිස්සු ඒකාබද්ධ විපක්ෂය දිහෑ බලා ඉන්නවා තමන්ට නායකත්වය දෙයි කියලා. ඒකාබද්ධ විපක්ෂය මග අරිනවා. සිංහලයන්ට අනිවාර්යයෙන්ම කවුරු හරි නායකත්වය දෙන්න ඕනේ. අපේ ඉතිහාසය දිහෑ බැලුවොත් සිංහලයා හැමදාම නායකයෙක් වටා මිසක් ඔහේ කරන්නන් වාලේ සටන් කරේ නැහැ. කොටි එක්ක යුද්ධය දිනුවේ ගෝඨාභය ත්‍රිවිධ හමුදාවට දුන්නු නිර්භය නායකත්වය සහ මග පෙන්වීම නිසා.

      ෆෙඩරල් ව්‍යවස්ථාව පරද්දන්න අද සිංහලයට ලැබෙන්න ඕනේ එක්කෝ ගෝඨාභය style සටන්කාමී නායකත්වයක්, එහෙම නැත්නම් වීරවංශ style සටන්කාමී නායකත්වයක්. ජාතියේ අවාසනාවට අද මේ දෙන්නම ප්‍රාණ ඇපකාරයෝ වෙලා.

      • raavna says:

        සිංහලයාගේ නායකත්වය,

        මේ වසර 5000 තුල (සිං)හෙළයේ සාර්ථක නායකයින් කීදෙනකු බිහිවී ඇත්ද? මහබලි, රාවණ, ගාමිණි, පැරකුම්බා, විජයබා, මෙම නායකයින් අතර පරතරය අතිවිශාලයි. මහින්ද රටට අති සාර්ථක නායකයෙක්, නමුත් සිංහලයාගේ නායකයකු නොවන බව මතක තබා ගත යුතුය. මහින්ද සිංහලයට විශේෂයෙන් කොල සේවයක් නොමැති වුවත්, යහපාලනය සේ සිංහලයේ හතුරකු නොවේ. මහින්ද සියලුම ජනයාට කොලහැකි උපරිම සේවය කොළහ. මේ නිසා මෙම අවස්ථාවේ සිංහලයට සතුරු පදනමේ නොසිටින මහින්දව ගෙනෙම තාවකාලික සැලසුමක් පමණි. ඇත්තටම අප මේ හෙළය රක ගත යුතුමද? එසේ නම් අප මේ හෙළය රැකුමට කුමක් කොල යුතුද? පළමුව මෙම සංවාදය පෙරට ගත යුතුය.

        ඇත්තටම අප මේ හෙළය රක ගත යුතුමද? අවජාතකයින්ට අනුව කෑමබීම ප්‍රධානතම වුවත්, 15% වැනි සුළුතරයක් සිය මාතෘ හෙළය රැක ගත යුතු පදනමේ වෙති. කාබී එදාදවස ගතකොරන අවජාතක (උන් උන්ටම හිංගල යයි කියා ගන්නා) හැතිකරයක් අස්සෙන් මෙවැනි අති සුළුතරයක්, සිය අරමුණ කරා ලගාවීය හැකිද? කලයුත්තේ කුමක්ද?

        ලොවපුරා කොහෙන් ගත්තත් ජාතිකවාදී පැවැත්ම බොහෝවිට රදා පවතිනුයේ අති සුළුතරයේ දක්ෂතාවය මතය. මෙම සුළුතරය මුළු මහත් රටම සිය අරමුණු කරා මෙහෙය වන්නේ ඇති, බුද්ධිමය සැලසුම් සහගත භාවය, දැඩි නොපසුබට අධිෂ්ටානය, සුදුසු කල අපරාජිත රණශුරත්වය, දිගුකාලින පුර්ණ මුල්‍යමය සැපයුම්, … ඇතුළු පුර්ණ ස්වයන්පොෂිත ජිවන සංවිධානය, වැනි මෙහෙයුම් තුලිනි. ආර්ථික, අධ්‍යාපන, රැකියා, රෝහල්, වාසස්ථාන මත පදනම් වන ජිවන සංවිධානයක් හරහා අපට අන්තර්ජාතියට, අවජාතකයින්ට සැලකිය යුතු බලපෑමක් කොල හැක. එතුලින් හෙළයේ පැවැත්මද සහතික වනු ඇත. නමුත් මේසදහා නායකත්වය සොයාගැනීම පහසු නොවුවත්, පටන්ගැන්මේ සිට යම් කාලයක් තුල නායකයින් බිහිවිය හැක.

  6. lion says:

    නව ව්‍යවස්ථාව ප‍්‍රතික්ෂේප කරනු

    බටහිර රාජ්‍යයන්ගේ දුෂ්ට අරමුණු සාක්සාත් කිරීම සඳහා බලය බෙදා දුන හොත් ඉංග‍්‍රීසි සිඟිති ගීයක සඳහන් පරිදි රජුගේ සියලූම අශ්වයන් හා සියලූම සොල්දාදුවන් එකතු වුවත් ෆෙඩරල් ක‍්‍රමයට අපේ මවුබිම කැබලි වලට කැඩුනහොත් එය කවදාවත් නැවත ප්‍රෞඩ ඒකීය රාජ්‍යයක් කර ගැනීමට නොහැකි වනු ඇත. අවුරුදු 30 ක සන්නද්ධ අරගලයකින් ද අප ජාතියේ ලේ දහඩිය හා කඳුළු වගුරවමින් ත‍්‍රස්තවාදීන් පරදවා දිනාගත් අපේ මේ ආදරධෑය මව්බිම විශේෂ කමිටුවක සිටින දේශ ද්‍රෝහී සාමාජිකයින් 11 දෙනෙකුගේ උවමනාවට නව ව්‍යවස්ථාව හරහා අපේ මේ සුන්දර රට රත්තරන් තැටියක තබා මෙම කෲර බෙදුම්වාදීන්ට පූජා කිරීමට නියමිතය. මෙය වහාම නවතමු

    • OLU says:

      අලූත් ව්‍යවස්ථාවක් ගෙනත් අපේ රට බෙදන්න යහපාලනයට ජනතාව ජන්දේ දුන්නේ නැහැ
      වහාම නව ව්‍යවස්ථාව නතර කරනු …සිංහල මිනිසුනේ මේ සිරිසේන- රනිල් යමපාලනට විරුද්ධව පාරට බසිව්
      බලා සිටීමට දැන් කාලයක් නැත …..යෝජිත ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවා සත්තයි…
      http://www.yuthukama.com/2016/11/rataBedanaVyavasthawa.html

  7. sinha le says:

    උතුරු පළාත ඉන්දියා වේ ප්‍රාන්තයක් කරන්න රනිල් සූදානම්

    උතුරු පළාතේ යාපන දිස්ත්‍රික්කය වඩාත් සමීප ඉන්දියාවටටයි.එහෙම තිබිලත් විශාල සිංහල ජනහනයක් අතීතය තුළ සිට තිබෙනවා. විශේෂ යෙන්ම වැලිගම නැත්නම් වලිකාමම් වල.වැඩිම සිංහල බෞද්ධ ජගහනයක් එහි ජීවත්ව තිබෙනවා.ක්වේරොස් පියතුමා තමයි එහෙම කියන්නේ.ඊලාම් වාදින්ගෙ සිහිනයක් තමයි මේ උතුර දකුණු ඉන්දියාවට එක් කර ගැනීම. මෝඩි හිතනව මෙහෙම උනොත් උතුර හරහා ලංකාවම පාලනය කරන්න හැකියි කියලා. චීනය ලංකාවට අත දැමීම ගැන ඔවුන් දේශපාලනිකව හිතන විදියයි ඒ. කෙසේ වෙතත් එක්ටා ගිවිසුම ගහන්න මම එනවා කියල කියන්න රනිල් ඉන්දියාවට ගියා. ඉන්දියාවත් එක්ක එකතු වෙලා ඉදිරි කාලයේ ලංකාව තමන්ට පාලනය කරන්න ඇහැක් වේ යැයි රනිල් හිතනව ඇති.එකම ආර්ථික කලාපයක් තුළ ප්‍රාන්තකරණයට ඉඩකඩ බොහොමයි.මහින්ද රජය පෙරළන්න ඉන්දියාවෙන් ගත් සහායේ ප්‍රතිඵල මේවයි. විග්නේශ්වරන් පත් වෙන්නෙ මහින්ද ගෙ කාලයේදී. මහින්ද ඔහුට සහාය දැක්වූවා.ඒකට හේතුව ඔහු දීර්ඝ කාලයක් කොළඹ ජීවත්ව සිටීමයි. ජාතිවාදියෙක් නොවී තමන්ට සහාය වේවි යැයි කරන ලද තක්සේරුව අද වැරදී ගිහින්.මහින්ද රෑ වැටුණූ වලේ දැන් රනිල් දවල් වැටිලා.මේ දේශපාලන ගේම් නිසා සිංහල ජාතියම අමාරුවෙ වැටිලා. යූ එන් පී කාරයන්ට ශ්‍රී ලංකා කාරයන්ට එහෙම නම් හිතෙන්නෙ නැතිව ඇති.

  8. love nature says:

    1815 වන තෙක් මෙරටේ නොසිටි දෙමළ ජනයාට මෙරට පාලන බලය අල්ලා ගැනීමේ සිහිනය පරදවමු

  9. lion says:

    අපි නැවත නැගිටිමු

    බ්‍රිතාන්‍ය ඇතුළු අප රට ආක්‍රමණය කිරීමට පැමිණි බටහිර ජාතීන්ට (1505 න් පසුව) ලෝකයේ අනෙක් රටවලට වඩා දරුණු ප්‍රතිරෝදයන්ට මුහුණ දීමට සිදු විය. මෙම බටහිරයන් කෙතරම් දක්ෂ යුධ ආක්‍රමණිකයන් වුවද සිංහළ හම්මුදාවන් හමුවේ ඔවුන් දැඩි පරාජයන් ලැබුහ. මේ සඳහා උදාහරණය ලෙස මුල්ලේරියා සටන, ගන්නෝරු සටන ආදිය ගත හැක. මුළු ලක් දෙරණම සිංහළ රජුගේ අයිතියේ තිබුනද ලන්දේසින්හට මුහුදුබඩ බිම පටිය දීමෙන් පසු උඩරට රජු පාලනය කල ප්‍රදේශය උඩරට රාජධානිය හා මුහුදුබඩ බටහිරයන් පාලනය කල ප්‍රදේශ පහතරට ලෙස ව්‍යවහාර කිරීමට පටන් ගන්නා ලදී.
    ජයග්‍රාහී ලෙස ලෝකේ නොයෙකුත් රටවල් තම අනසකට යටත් කරගත් ඉංග්‍රීසින් හට නොසිතු නොවිරූ ලෙස ඉතාම දැඩි පරාජයක් 1803 දී කන්ද උඩරට රාජධානිය ආක්‍රමණය කිරීමට යාමේදී සිදු විය. ඔවුන්ගේ ලෝකයේ ප්‍රබලම යුධ සේනාංකයය වන 51 සේනාංකයෙන් 650 දෙනෙකුත් එසේම ලෝකයේ දෙවන පරබලම සේනාංකය වන 19 වන සේනාන්කයෙන් 350 දෙනෙකුත් ත්‍රිකුණාමලයෙන් එවන ලද අතර කොළඹින් 2000 සේනාවක්ද යොදා කරන ලද මෙම ආක්‍රමණයේදී ඔවුන් බලාපොරොත්තු නොවූ ආකාරයට සිංහළ අංගම්මන ගරිල්ලන් අතින් සමූලඝාතනයකට ලක් විය. ඉංග්‍රීසින් ලෝකයේ ලද දරුණුම පරාජය මෙය විය

  10. sinha le says:

    රට ජාතිය සමග කරන මේ මාරක ක්‍රීඩාව නවතමු….
    දේශද්‍රෝහී පාවා දෙන්නන් නඩය තීරණාත්මකව පරදවමු…
    දිනූ මව්බිම රැකගනිමු…