ඔබේ ප‍්‍රකාශ ජනාධිපතිවරයෙකුට සුදුසු නෑ.. ජනතාව ඔබ ජනාධිපති කලේ රට බෙදීමට නොවේ.. – ගැටඹේ හිමි ජනපතිට කෙලින්ම කියයි..

November 25, 2016 at 10:00 am | lanka C news
ඔබේ ප‍්‍රකාශ ජනාධිපතිවරයෙකුට සුදුසු නෑ.. ජනතාව ඔබ ජනාධිපති කලේ රට බෙදීමට නොවේ.. – ගැටඹේ හිමි ජනපතිට කෙලින්ම කියයි..

ෆෙඩරල් පාලනයක් තුළින් රටේ එකීයත්වයට කිසිදු බලපෑමක් එල්ල නොවන්නේ නම් රට දෙකට බෙදිය යුතු යැයි පවසන පිරිස් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් ෆෙඩරල් පාලනයක් ඉල්ලා සිටීම සැක සහිත යැයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ සදහන් කරයි.

රට තුළ සංහිදියාව හා යහපාලනය බිද වැටී, දේශපාලන නායකත්වය පිළිබද කිසිදු විශ්වාසයක් නොමැති අවධියක කළ යුත්තේ නොදන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර රට බෙදීම නොව සියලු ජාතීන් අතර සමගිය හා සාමය තහවුරු කිරීම විය යුතු යැයි නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පවසයි.

මහ බැංකු බැදුම්කර සිද්ධියේදී විදේශිකයෙකුට මහ බැංකු අධිපතීත්වය ලබාදී මහා පරිමාණ මුදල් වංචාවක් සිදුකිරීමට අවස්ථාව දීම සහ වැරදිකරු ආරක්ෂා කිරීම මගින් අග්‍රාමාත්‍යවරයා කෙරෙහි බොහෝ පිරිස් තුළ ඇත්තේ කලකිරීමක් යැයි පැවසෙන එම නිවේදනයේ තවදුරටත් මෙසේ සදහන් වෙයි.

අප රටට නවතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කිසිදු අවශ්‍යතාවක් නොමැති අවස්ථාවේදී මේ රජය ලහිලහියේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට උත්සහ දරනවා. දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යකම් ඉටු නොකරන බව ජනාධිපතිවරයා සපථ කළත් අද ඒ විශ්වාසය පළුදු වී යන බවක් දැකිය හැකියි.

බෙදුම්වාදයට උඩගෙඩි දෙන අධිනීතිඥවරු, ආචාර්ය මහාචාර්යවරු හා රාජ්‍ය නොවන සංවිධාන උත්සහ කරන්නේ ෆෙඩරල් ක්‍රමයක් කරා රට යොමු කිරීමටයි. රටට හිතැති අහිංසක පොදු මහජනතාවට ඉන් සෙතක් සැලසෙන්නේ දැයි සැක සහිතයි. ආතක් පාතක් නොමැති න්‍යාචාර්යවරුන්ගේ සංකල්ප තුළින් රටට කිසිදු යහපතක් අත්වන්නේ නැහැ. කණගාටුව වන්නේ රට විනාශ කිරීමට උඩගෙඩි දෙන පුද්ගලයන් රටේ නායකයන්ට උපදෙස් දෙන්නන් බවට පත්වීමයි.

ෆෙඩරල් පාලනයක් තුළින් රටට කිසිදු අහිතකර තත්ත්වයක් උදා නොවන බව කීවත් උතුරේ මහ ඇමතිවරයා ඉල්ලා සිටින්නේ ඔවුන් සදහා වෙනම පාලනයක්. ඉඩම්,පොලිස් හා අධිකරණ බලතල පළාත් සභා වෙත පවරාදීමෙන් පසු වෙනම ආණ්ඩුවක් නිර්මාණය නොවී පවතීද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය තුළින් මොවුන් උත්සහ කරන්නේ රට බෙදා වෙනම පාලනයක් උතුරට ලබාදීමටයි.

අතිගරු ජනාධිපතිතුමනි, වර්ෂ 2014 ජනවාරි 08 වන දින ජනතාව ඔබ විශ්වාස කොට ඔබට ඡන්දය දුන්නේ යහපාලනය ඇති කිරීමට මිස රට බෙදීමට නොවෙයි. ඔබ ජනාධිපතිධූරයට පත්වූ අවස්ථාවේ ජනතාව සතුටුවුවත් අද ඔබ යන ගමන් මග පිළිබදව ඇත්තේ බරපතල සැකයක්. අනුරපුර, පොළාන්නරු, සීතාවක, මහනුවර යුගවලදී මහා සංඝරත්නය රජු හා එක්ව පෙරමුණ ගත්තේ ද්‍රෝහීන්ගෙන් රට ආරක්ෂා කිරීම සදහායි. නමුත් රටේ පාලකයා ද්‍රෝහීන් සමග කුළුපග වී රට හා දේශප්‍රේමීන් පාවා දුන් ඛේදනීය අතීතයන් පවා තිබුණා. නමුත් මහා සංඝරත්නය එදා සිට අද දක්වාම රට ආරක්ෂා කිරීමට පෙරමුණ ගත්තා පමණක් නොව, ජාතික සංහිදියාට ඇති කිරීමට ද කටයුතු කළා.

යහපාලනය හා සංහිදියාව තහවුරු කරන බව පැවසූ ශ්‍රී ලංකාවේ සමස්ථ සංහිදියාවට අද බරපතල තර්ජනයක් එල්ලවී තිබෙනවා. උතුරු නැගෙනහිරින් සිංහල බෞද්ධයන් පළවා හරින තත්ත්වයක් උදවී තිබෙනවා. රටේ සංහිදියාව ආරක්ෂාවිය යුතුය යන මායාවෙන් මෙම හානිය කිසිවෙකුත් නොදකින නමුත් බෞද්ධයන්ට අත්වී ඇත්තේ ඛේදනීය තත්ත්වයකි. සංහිදියාව තහවුරුකරන වැඩපිළිවෙල රාජ්‍ය නොවන සංවිධාන වෙත නොපැවරිය යුතුයි.

වර්තමාන සංහිදියාව නම් කෘතිම වැඩපිළිවෙලට වඩා අතීතයේ මහා සංඝරත්නය සැබෑ සංහිදියාවෙන් යුතුව ජීවත්වුණා. ශ්‍රී දළදා මාලිගාව සතු ඉඩම් පවා මුස්ලිම් ජාතිකයන්ට ලබාදී ඔවුන්ගේ ආගමික ස්ථාන ඉදිකිරීමට මහ සංඝරත්නය එදා අනුමැතිය ලබා දුන්නේ හෙළ භික්ෂුන් වහන්සේ තුළ ඇති සංහිදියාව නිසයි. සංහිදියාවට සැබෑ සුදුස්සෝ වන්නේ රට බෙදීමට උත්සහ කරන පිරිස් නොව මහා සංඝරත්නයයි.

ජනාධිපතිතුමනි, මාධ්‍ය මගින් ඔබතුමා කරන අභීත සෘජු ප්‍රකාශ පිළිබද ජනතාව තුළ ඇති විශ්වාසය පළුදුවී තිබෙනවා. වරින් වර මාධ්‍ය මගින් බැට් බද්ද, මහා පරිසර විනාශය, රණවිරුවන් අධිකරණයට ගෙන යාම, ආබාධිත රණවිරුවන්ට පහරදීම වැනි අවස්ථාවලදී ඔබ මාධ්‍ය මගින් කළ ප්‍රකාශවලට ජනතාව යම් විශ්වාසයක් ඔබ පිළිබදව ඇති කර ගත්තා. නමුත් ක්‍රියාවේදී රජය ඒ ඊට හාස්පසින්ම වෙනස් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව දැන් බෙහෙවින්ම පැහැදිලියි. මාධ්‍ය මගින් කරන එවැනි ප්‍රකාශ ජනතාව නොමග යැවීමට සිදුකරන ප්‍රකාශ බව මේ වන විට පැහැදිලිවී තිබෙනවා.

රටේ ජනාධිපතිවරයා වශයෙන් සත්‍ය දකින්නේ පුවත්පත්වල පළවූ අවස්ථාවේ යැයි කීම ජනාධිපතිවරයෙකුට සුදුසු නැහැ. ඔබ රටට අහිතකර පුවත් පළ කරන මාධ්‍ය ප්‍රසිද්ධියේ විවේචනය කරනවා. නමුත් ඒ මාධ්‍ය කළ උපකාරය නිසයි මෛත්‍රීපාල සිරිසේන නම් ජනාධිපතිවරයා නිර්මාණය වුණේ. ආණ්ඩුවක් පෙරළා නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට පුවත්පත්, විද්‍යුත් මාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍ය කටයුතු කළා. අද ඔබතුමා අතින් ඒ මාධ්‍ය විවේචනය වුවත් සැබවින්ම සිදුව ඇත්තේ මාධ්‍ය නිවරැදිව එදා මෙන් වාර්තාකරන අතර රටේ පාලන පංතිය ජනතාවට පීඩා වන අයුරින් වැරදි ලෙස හැසිරීමයි.

තොරතුරු දැනගැනීමේ අයිතියට ගරු කරමින් විවේචන හා හෙළා දැකීම් මැද මාධ්‍ය කටයුතු කරන අතර පාලන පංතිය සිදු කළ යුත්තේ එම මාධ්‍ය විවේචනය කර ඔවුන් පාලනය කිරීමට උත්සහ කිරීම නොව තමන්ගේ පාලන ක්‍රමය සකස් කර ගැනීම යැයි පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමිපාණන් වැඩිදුරටත් සදහන් කරයි.

නදීක දයා බණ්ඩාර
මහනුවර

49 views

23 Comments to “ඔබේ ප‍්‍රකාශ ජනාධිපතිවරයෙකුට සුදුසු නෑ.. ජනතාව ඔබ ජනාධිපති කලේ රට බෙදීමට නොවේ.. – ගැටඹේ හිමි ජනපතිට කෙලින්ම කියයි..”

  1. saradieal says:

    අනගාරික ධර්මපාලතුමා සිංහළයිනි නැගිටිව් කියා පමණක් කතාව නැවත්වූයේ නැත .

    එම කීම නොඅසන්නේ නම් සිංහළයාට දිනක මේ රටේ සුළු ජාතිය වන්නට සිදුවන බවද කීවේය .

    කළු සුද්දෝ මේ රට පාලනය කරන්නාවූ කලෙක එය සිදුවන බවද කීවේය

    නමුදු අද මෛත්‍රිපාල සිරිසේන නම් අපේ ජනපතිවරයාට එය වටහා ගන්නට අසීරු සේය . ඔහු තම වාසියට පටලවා ගෙන ඇත්තේ තම ක්‍රියාවන්ට පරස්පර විරෝධි තැනැත්තෙකුවය

    අද වෙනත් පාලනයන්ටත් වඩා සුද්දාටම කත් අදින්නාවූ පාලනයක නායකයෝ ඊට දැඩි සේ පහරදුන් ධර්මපාලතුමාගේම වදන් හරවා කීම නම් විහිළුවකි

    ධර්මපාලතුමන් සිංහළයාට නැගිටිව් කීවේ අද මෛත්‍රී ජනපති කියන්නාක් මෙන් ශ්‍රීලනිපයට හෝ එජාපයට හේත්තු වන්නට නොවේ . එසේ හේත්තු වී සුද්දාට රට පාවා දෙන්නවුන් ගෙන් මේ එකම රට බේරාගන්නටය

    නමුදු වාසිය පිණිසම නන් දොඩන්නවුන්ට නම් එය අමතකය .

    මේ කරන්නේ ධර්මපාලතුමා වැනි විරුවන්ටද මහත් අගෞරවයකි

    එනිසාම ධර්මපාල තුමන්ගේ ඒ වදන් මෙසේ පලකරන්නේ එයින් හෝ අපේ සිරිසේන ජනපතිතුමන් ධර්මපාල තුමන් මේ කියා ඇත්තේ මෙදා යහපාලනය වැනි පාලනයන් ගැනම බව වටහාගනු ඇතැයි සිතමිණි

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.

    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.

    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.

    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.

    දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.

    උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.

    එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.

    පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.

    උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න

    මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.

    අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.

    ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.,,

    – අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශය

  2. gadol says:

    ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ තරම් පාවාදීම් මාලාවක් සිදුවූ තවත් යුගයක් නොමැත. මුලින්ම ශ්‍රීලනිපය එජාපයට පාවාදුන් අතර උතුරේ හමුදා කඳවුරු බෙදුම්වාදීන්ට පාවාදීම, නැගෙනහිර පළාත් සභාව දෙමළ ජාතික සන්ධානයට පාවාදීම, උතුරු නැගෙනහිර ආණ්ඩුකාරවරුන් පාවාදීම, සමහර පළාත් සභා පාවාදීම ආදී මහා පරිමාණ පාවාදීම් රැල්ලක් රටපුරා හමාගියේ දිනසියයේ රැස් වළල්ලෙන් ඇස් නිලංකාර කරමිනි. මේ සියල්ල රටතුළ සිදුකළ පාවාදීම් විය.

    අළුත්ම පාවාදීම් මාලාව කළඑළි බැස ඇත්තේ ඉන්දියාව වෙනුවෙනි. රට එක්සේසත් කර රටේ මරබිය තුරන් කළ නායකයා පැරදවීම සඳහා ඉන්දීය රහස් ඔත්තු සේවය විසින් බා ගන්නා ලදදන් අද ඒවායේ ණය ආපසු ගෙවනු පිළිකුලෙන් යුතුව බලාසිටීමට අපට සිදුව ඇත.

    13වන සංශෝධනයටත් එහා ගිය බලය බෙදීමක් හෙවත් ඊළමේ මූලික සැකිල්ල හැදීම ඊළඟ කාර්යය බව ඒ පාවාදෙන්නන්ට මතක් කර දීමට මෝඩි ලංකාවටම පැමිණියේය. ඊට පෙරදා බ්‍රිතාන්‍යයේදී පොරොන්දු වූයේ රට බේරාගත් විරුවන් දේශීය යාන්ත්‍රණයක් හරහා දංගෙඩියට දක්කන්නට සූදානම් බවයි.

    13න් නොනැවතී සීපා ගිවිසුම අත්සන් කිරීමටත්, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සින්නක්කර අයිතියට ලියාගැනීමටත්, තලෙයි මන්නාරම හරහා මෙරටට පැමිණ මෙරට ආක්‍රමණය කිරීමට කල්ලතෝනීන්ට පහසුකම් සළසනු පිණිස පාලමක් ඉදිකිරීමටත් කටයුතු කරන බව ලොකු අයියා පාරම්බාද්දී අප දෙපරන්ද පල්ලේ දෑත සඟවාගෙන ඉන්දු ලංකා මිත්‍රත්වයේ රුව ගුණ පිලිබඳව හිටං වඩවයි.

    සීපා ගිවිසුම අත්සන් කළහොත් සිදුවන විනාශය දැක විමල් වීරවංශලාගේ හයියෙන් මහින්ද රාජපක්ෂ ජනපතිඳුන් එය ප්‍රතික්ෂේප කළ අයුරු මේ රටේ බොහෝ දෙනා නොදනී. එදා සීපා ගිවිසුම ප්‍රතික්ෂේප කළ, 13+ ලබාදීමට එකඟ නොවූ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්නට රෝ ඔත්තු සේවය කටයුතු කළේ මේ ටික කරගන්නට බව අපි පුනපුනා කිවුවෙමු. යහපාලන ලුමිනස් වර්ණයෙන් ඇස් නිළංකාර කරගත් අපේ මැටි රැළ එය පිළිනොගත්තා පමණක් නොව අවසානයේ උදාකරගත් යහපාලනයක් ද නැත. දූෂණ විරෝධී යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා නීති විරෝධිව කළු සල්ලි සුදු කළ බවට අපරාධ නඩු දෙකකින් පිදුම් ලැබූවෙකි. යහපාලනයේ පළමු ගණුදෙනුවම බෑනාට බිලියන 5ක් ලෙස ඉතිහාසගතවී ඇත. උප්පැන්නයේ වරදට හිරේ දමන යහපාලන ආණ්ඩුව බිලියන 5ක වංචාව ගැන හොයන්නට ගජමිතුරු කමිටුවකට පවරයි. අඩු තරමේ පොලිසියකටවත් නොවේ.

    ඒ යහපාලන බලාපොරොත්තුව මහ දවාලේ දූෂණය කළ නඩය දැන් අම්මා විකුණන් කන භූමිකාවට පණපොවන්නේ නැතැයි කාට නම් සහතික විය හැකිද?

    ඉන්දියාවේ විරැකියා ජනගහනය මිලියන 55කි. අපේ රටේ සමස්ත ජනගහණයම මිලියන 22කි. සීපා ගිවිසුම අත්සන් කළහොත් මාස 6ක් යන්නට පෙර ඉන්දීය විරැකියා පෝලිම ලංකාව දෙසට හැරී ලංකාවේ බුලත්විට වෙළනේදාගේ සිට සියළු සිල්ලර වෙළඳාම් ද බාබර්ගේ ටේලර්ගේ සහ බක්කරේගේ සිට සියළු මූලික සේවාවන් දඅඩු වියදමකින් හා බාල තත්වයෙන් මෙරටටලබාදීමට ඔවුන්ට අවසරය හිමිවේ. ලාංකිකයන්ට සිල්ලර වෙළඳාමත් සුළු පරිමාණ සේවාවන් සියල්ලත් අහිමිවීමට ගතවන්නේ මාස 6කි. අපේ රටේ සමස්ත ජනගහණය ඉක්මවන ඉන්දීය ජාතිකයන් ප්‍රමාණයකින් මෙරට වසාගැනීමට ගතවියහැකි වැඩිම කාලය අවුරුද්දකි.

    මේ සිදුවන්නට යන්නේ ඉතිහාසයේ බරපතලම සහ ආපසු හැරවිය නොහැකි පාවාදීමයි. 13+ සේම සීපා පිළිබඳවත් දැනුවත්ව මෝඩිගේ යෝජනාවට විරෝධය පෑමට කොන්ද පණ තිබුනේ විමල් වීරවංශට පමණක් වීම අතිශය ඛේදජනකය. 13+ හරහා මෙරට ඊළම බිහිවූවත් කමක් නැතැයි සිතන ජාතියේ පවට පහළ වූ පාවාදෙන්නන්ගේ කාලය වහා නිමා කළ යුතුය. ඒ හැර මව්බිම රැකගතහැකි වෙනත් මගක් නොමැත.

  3. WELL SAID……The Maha Sangha PLEAE COME SOON and SAVE our MOTHERLAND!!!

  4. 100% agree with all the excellent patriotic comments above……..SINHALESE let’s get together with the Maha Sangha and SAVE our motherland soooooooooon……jaya wewa!!!

  5. ලක්ෂමන් මොරලන්ද says:

    රටට, දැයට, සහ සමයට අදැරැති ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ
    සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ වරථමාන භික්ෂූ පරපුරටම ආදර්ශයක්.