ඔබ කදුළු හෙළද්දී මගේ තාත්තත් කදුළු හෙළනවා.. ඔබ බඩගින්නේ ඉද්දී මගේ තාත්තටත් බඩගින්න දැනෙනවා..- ජනපති දියණි චතුරිකා මැතිවරණ වේදිකාවේ..

February 1, 2018 at 3:50 pm | lanka C news
ඔබ කදුළු හෙළද්දී මගේ තාත්තත් කදුළු හෙළනවා.. ඔබ බඩගින්නේ ඉද්දී මගේ තාත්තටත් බඩගින්න දැනෙනවා..- ජනපති දියණි චතුරිකා මැතිවරණ වේදිකාවේ..

තමන්ගේ පියාගේ කදුළු මීට දින කීපයකට කලිනුත් දුටු බවත්, මොරගහ කන්ද ජලාශයේ මහා ජල ගංගාව මුදා හරිද්දී වසර ගණනාවක සිතුම් පැතුම් එදා මල් පල ගැන් වුණු අතර,  මගේ දරුවන්ටත් වැඩිය මේ මොරගහ කන්ද ජලාශයට ආදරෙයි යැයි මොරගහ කන්ද ජලාශය උඩින් යද්දී සිය පියා පැවසූ බවත් ජනපති දියණිය චතුරිකා සිරිසේන මහත්මිය පැවසූවාය.

පොළොන්නරුව සේවා ගම ප්‍රදේශයේ ඊයේ (31 දා) රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන රැලියක් අමතමින් ඇය මේ බව පැවසුවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය,

“ජාත්‍යන්තරය දිනන්න ඔබේ ජන නායකයා විප්ලවීය වෙනස පටන් ගත්තා. ජාත්‍යන්තරයට මේ පොළොන්නරුව රැගෙන ගියා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය දිනා ගත්තා. ඔබ දකිනවා ඇති මාධ්‍ය තුළ මහා ජන ගංගාවක් සමග මහා ජන රැල්ලක් සමග ඔබේ ආදරණීය ජන නායකයා විප්ලවීය වෙනස කරගෙන යනවා එතුමාගේ ජීවිතය පවා අවදානමට ලක්කරලා හරි නීතියක් මේ රටේ ඇති කරන්න උත්සාහ ගන්නවා.

අද දේශපාලකයෝ දිහා බලන්න සිදුවෙලා තියෙන්නේ කනගාටුවෙන් අප්පිරියාවෙන්. අතිගරු ජනාධිපතිතුමාට මේ රටට ගෙනෙන්න අවශ්‍ය වෙලා තියෙන්නේ මහත්ම දේශපාලනයක්. මහත්මා දේශපාලන චින්තනයක්. නායකයන් කියන්නේ මහා ජන සේවකයන්. ස්වෙච්චා සේවකයින්.රටට වැඩකරන්නේ ඔවුන් ඡන්දෙ ගන්න විතරක් නෙමෙයි. මේ හැම දෙයක් එක්කම තමයි රටක් ගොඩ නැගෙන්නේ.

අපි නායකයෝ තෝරද්දී බුද්ධිමත් වෙන්න ඕනේ. ඔබේ හිතට එකඟව බුද්ධිමත් නායකයන් මේ රට ගොඩ නගන්න භාර දෙන්න ඕනේ. දැන් ඒකට අවස්ථාව ගමෙන් ඇවිත් තියෙනවා ඔබේ නායකයා ගමින් තෝරන්න. අපේ දරුවන්ගේ ආනාගතය ගොඩ නගන්න පුළුවන්. අපේ සමාජයට දැක්මක් දෙන්න පුළුවන්, නූපන් දරුවන්ට හෙටක් හදන්න පුළුවන් නායකයන් තමයි මේ රටට අවශ්‍ය වෙන්නේ.

හැම මොහොතකම මගේ තාත්තා හිතන්නේ ඔබ ගැන, රට ගැන, පොළොන්නරුව ගැන. ඔබ සුසුම් හෙල්ලද්දී මගේ තාත්තාත් සුසුම් හෙළනවා. ඔබ බඩගින්නේ ඉද්දී මගේ තාත්තටත් ඒ බඩගින්න දැනෙනවා. ඔබ කදුළු හෙළද්දී මගේ තාත්තත් කදුළු හෙළනවා.

මගේ තාත්තාගේ කදුළු දැක්කා මීට දින කීපයකට කලිනුත්.මොරගහ කන්ද ජලාශයේ මහා ජල ගංගාව මුදා හරිද්දී ඔහුගේ වසර ගණනාවක සිතුම් පැතුම් එදා මල් පල ගැන්වුණා. මොරගහ කන්ද ජලාශය උඩින් තාත්තා යද්දී කිවුවා මගේ දරුවන්ටත් වැඩිය මේ මොරගහ කන්ද ජලාශයට ආදරෙයි කියලා” යැයි පැවසූවාය.

– ADA

116 views

61 Comments to “ඔබ කදුළු හෙළද්දී මගේ තාත්තත් කදුළු හෙළනවා.. ඔබ බඩගින්නේ ඉද්දී මගේ තාත්තටත් බඩගින්න දැනෙනවා..- ජනපති දියණි චතුරිකා මැතිවරණ වේදිකාවේ..”

  1. පොළොන්නරුවේ අන්දරේ says:

    අන්දරේ යලි උපදියි. අන්දරේ පොළොන්නරුවේ ඉපදිලා. ආප්පකනවා පති මාරු කොරනවා. ගම කනවා හිනා වෙනවා. බිම පෙරළෙනවා. සිනි කනවා. සිනිගොදේ පෙරළෙනවා. හාල් ගෝනිත් වැටෙනවා. හාලුයි සේනියි කනවා. අඩනවා. හිනාවෙනවා පස්ස පැත්තෙන්…එක දැකලා දුත් සේනි ගොඩේම පෙරලිලා අඩනවා. දුකේ බැ අනේ පවේ දුකේ මහතා. ඉහි..ඉහි…අම්ම හිනා වෙනවා.පොළොන්නරුවේ අන්දරේ. රට වෙනුවෙන් සිනිකනවා. හෙට අනිද්දා දියවැඩියාවට බේත් රාජිත් ගෙන් ම ගන්න වේවි. බර්ටිගේ පුතා අනික් කෙලවරින් පැදුර කනවා. චන්ද්‍රිකා ආච්චි පොලොව කනවා. රටේ ජනතාව අඩන්නේ සිනි ඉල්ලලා නොවේ දුවේ.

  2. දුප්පතා says:

    දුප්පත් ජනතාවකට අහිංසක ජාතියකට වදදෙන තොගේ මහා එකා ලේ බඩ ගිහිල්ලා මැරෙනකොට තෝ වගේ බැල්ලියන්ටත් අරක කුණුවෙලා මැරෙනවමයි . පොරෝ පාර මදි.

  3. නාඩන් පප්පේ නාඩන් says:

    නාඩන් පප්පේ නාඩන් මම විහිළු කළා – එන්ඩද ගොසින් බැංකුව කැඩුවාට තලා. //

    නාඩන් පප්පේ නාඩන් මම ජෝක් කළා – දෙන්නද ගොසින් බොරු කි කොල්ලන්ට තලා//

    නාඩන් පප්පේ නාඩන් මම හෙල්ප් කළා – දෙන්ඩද ගිහින් කඩුවෙන් මුළු ගමට වනා.//

  4. Sunil says:

    බලාගන යන කොට තාත්තට වැඩිය හොඳට බොරු කියන්න
    මෙයාට පුලුවන් වගේ!

  5. indunil says:

    noothana kimbull kandulu……..

  6. nihal says:

    අපේ රටේ කඳුළු මාකට් කරන්න පුළුවන්. ඒකයි SWRD මැරුණට පස්සෙ සිරිමටත්, විජය මැරුණට පස්සෙ චන්ද්‍රිකාටත් පාර්ලිමෙන්තුවට එන්න ලැබුනේ. ඒ වගේ උදාහරන ඕන තරම්. චතුරිකා දුවේ..මහින්ද හම්බන්තොට වරායෙන් ගැහුවා වෙන්න පුළුවන්. මහින්ද පැරදුනාම ඔබේ පියාට කරන තිබුනේ වැරදි නිවැරදි කරන එකයි. තවත් වැරදි හදන එක නොවේ.ඔය මහජනයගෙ සල්ලි. අපේ ගෑණු අරාබිකරයේ වහල් වැඩ කරල හොයන සල්ලි. ඔබ හොඳ දුවක් නම් ඔබේ පියාට කරුණ පහදල දෙන්න. කඳුළු වලට රැවටිල ඡන්දෙ දෙන කාලෙ දැන් ඉවරයි.

    • kate says:

      Umba balagena Hitiyada Mahinda Warayen Gahanwa? Borukiyanne nathuwa palayan JVP Booruwa. Oya Boru market karapu Kale Iwarai! Thawa duratath Minissu Boru Walata Rawatenne naha. Methana Thiyena Watina Comments Tikath Kawa Gon Haraka!!!!!

  7. Mahasona says:

    We cry when you get millions worth advertising contracts from your father’s government.

  8. Chethiyasena says:

    අපෙ චාච්චි ජාචියන්චරේ ජිනුව!
    ජාචියන්චරේ පොලොඤ්ඤරැ ගෙනාව!
    පොලොඤ්ඤරැව ජාචියන්චරේට ගෙනිච්ච!
    බෑක් එකක දාගෙන ආසියංචරේමයි ගෙනාවෙ ජාචියන්චරේ!

    අමිරිකාවෙ බකිංහැම් මාලිගාවට යනකොට රැජිනි
    මේස් දෙකම ගලවල ජුන්නනෙ අත අපෙ චාච්චිට

    කෙසෙල් කොලේ ලිහල
    බත් කන්නෙ අඬ අඬා අපෙ චාච්චි!
    ඔයාල බඩගින්නෙ ඇති කියල!
    ඉචිං පෝලිමේ ගිහිං අපෙ චාච්චිට චංදෙ දෙන්ඩ හොඳේ!

  9. vishnu says:

    මමත් අපේ ගෙදර ආප්ප හදන හැම දවසෙම අඬනවා
    උඹේ මහ එකා රටට කරපු වින්නැහිය මතක් වෙලා

Main News