ඔබ කියන්නේ් බොරුයි.. ව්‍යවස්ථාව කැඩුවේත් ඔබයි.. – විශේෂ ප‍්‍රකාශයක් කරමින් අගමැති කියයි.. ජනපති-අගමැති අවුල උපරිමයේ..

September 23, 2019 at 10:32 pm | lanka C news
ඔබ කියන්නේ් බොරුයි.. ව්‍යවස්ථාව කැඩුවේත් ඔබයි.. – විශේෂ ප‍්‍රකාශයක් කරමින් අගමැති කියයි.. ජනපති-අගමැති අවුල උපරිමයේ..

අල්ලස් කොමිසමේ හිටපු අධක්‍ෂ ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්‍ෂෙප කරයි.

එසේ ප‍්‍රතික්‍ෂෙප කරමින් අගමැතිවරයා අද දිනයේ සිදු කරන ලද විශේෂ ප‍්‍රකාශය මෙසේය.

හිටපු අල්ලස් කොමසාරිස් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සම්බන්ධව ජනාධිපතිතුමා මට චෝදනාවන් කර තිබුණා.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන් පත් කිරීම පිළිබඳව ජනාධිපතිතුමාට නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය ඇත්තේ අගවිනිසුරුතුමාට සහ නීතිපතිතුමාට පමණයි. මම කිසි විටෙක ව්‍යවස්ථාවට පිටින් කටයුතු කර නැහැ. ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන අය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමන තියෙනවා. ඒ ගණයට මම වැටිලා නැහැ.

දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මිය හෝ වෙනත් කිසිම පුද්ගලයෙකු හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර තනතුරකට පත් කරන්න යැයි ඉල්ලමින් මම ලිපි යොමුකර නැහැ. ඒ නිසා එවැනි ලිපියක් යොමු කළා කියා නගන චෝදනාව අසත්‍යයක්. මම එය ප්‍රතික්ෂේප කරනවා.

දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රකාශයන් පිළිබඳව වහාම පරීක්‍ෂණයක් කළ යුතුයි. දැනට නීතිපතිතුමා මේ ගැන පරීක්‍ෂණයක් කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ පරීක්‍ෂණය කඩිනම් කිරීම සුදුසුයි. එවිට බලපෑම් කළ දේශපාලනඥයන් කවුරුන්දැයි හෙළි කර ගැනීමට හැකි වේවි.

ඒ වගේම ඒ මහත්මිය නීති විරෝධී කටයුතු කර ඇත්නම් ඒවාත් තහවුරු කර ගැනීමට හැකි වේවි.

දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මිය කිසි දිනෙක අරලියගහ මන්දිරයේ සේවය කර නැහැ. දූෂණ විරෝධී කමිටුව ස්ථාපිත කර තිබුණේ අරලියගහ මන්දිරයේ නෙවෙයි. ඉන් පිටතයි. ආනන්ද විජේපාල මහතා එහි අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළා. මේ කමිටුවේ සාකච්ඡා සඳහා නීතිපති දෙපාර්තමේතුව නියෝජනය කරමින් පැමිණියේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත මුදලිගේ මහත්මයායි.

ඒ නිසා ජනාධිපතිතුමා කියූ කරුණු සත්‍යයෙන් තොර බව කරුණාවෙන් පෙන්වා දෙන්නට කැමතියි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එතුමා මේ ආකාරයට මා ඉලක්ක කර ගෙන චෝදනා කරන්නට පටන් ගත්තේ කුමන හේතුවක් නිසා ද කියා මම නම් දන්නේ නෑ. මට හෝ ඇමතිවරුන්ට හෝ චෝදනා ඇත්නම්, අප පිළිබඳව සැක සංකා ඇත්නම් වඩාත් යෝග්‍ය වන්නේ කැබිනට් මණ්ඩලයේ ඒ ගැන සාකච්ඡා කිරීමයි. එක්කෝ පුද්ගලිකව විමසීමයි. එසේ නොමැතිව ප්‍රසිද්ධියේ ඒ ගැන මත පළ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට සුදුසු නොවන බව මගේ හැඟීමයි. එය වගකීම් සහගත ක්‍රියාවක් ද නෙවෙයි.

ඒ වගේම මින් ඉදිරියට මට විරුද්ධව චෝදනා එල්ල කළහොත්, එසේ එල්ල කරන අවස්ථාවක් අවස්ථාවක් පාසා පිළිතුරු දීමට මම පුද්ගලිකව මැදිහත් වෙන්නේත් නෑ. ඒ නිසා චෝදනා තිබේ නම් ඒවා නිසි ස්ථානයන්හි මතුකරන මෙන් මෙන් මම සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා. ව්‍යවස්ථානුකූල හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය එය බවත් මම මෙහිදී අවධාරණය කරනවා.

මාධ්‍ය ඒකකය,
අග්‍රාමාත්‍ය කාර්යාලය.

39,562 Viewers

18 Comments to “ඔබ කියන්නේ් බොරුයි.. ව්‍යවස්ථාව කැඩුවේත් ඔබයි.. – විශේෂ ප‍්‍රකාශයක් කරමින් අගමැති කියයි.. ජනපති-අගමැති අවුල උපරිමයේ..”

  1. සීගිරි says:

    ජනාධිපතිවරණය පොදු ජනතාව රවටන විගඩමකි.
    බටහිර විසින් මෙහෙයවන රාමුවෙන් පිටත කිසිම ජනතාවගේ නායකයකුට මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට බැරි ලෙස වැටවල් බැඳ ඇත.එයට නාමයෝජනා බාර දිය හැක්කේ මේ බටහිර අතකොළු පක්ෂයක් හරහා හෝ පාර්ලිමේන්තුවේ පා.ම මන්ත්‍රිධූරයක් දැරැවෙක්ට පමණි.ජනතාව සිහින මවන “සපුමල් කුමාරයෙක්ට” හෝ ස්වාධීන ජනතා නායකයකුට හෝ මේ ජනාධිපතිවරණයට නාමයෝජනා බාර දිය නොහැක.මෙහි කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැත.ජනතාව මේ බටහිර පිලිකුල් සහගත විගඩම වර්ජනය කර එය හාස්‍යයටත් පිලිකුලටත් ලක් කල යුතුය.මේ අනුව ජනතාවට සිය අභිලාෂයන් ඉටු කරගත හැකි එකම මඟ විප්ලවයක් පමණි.(සැ.යු මෙය ජවිපෙ හෝ පෙරටුගාමි නොවන මතයකි)

  2. sirimal says:

    බලාගෙන ගියාම දෙන්න හරි , අරලිය ගහමන්දිරයේ කියන්නේ ඒක ඇතුලෙම වෙන්න ඕන නැහැනේ ඉස්සරහ වෙන්නත් පුළුවන් . ඉල්ලීමක් කල කිව්වම ලියුමක්ම වෙන්න ඕන නැහැනේ , කටින් කියන්න ඇති

  3. Gayantha says:

    අරයා මගේ මකනේ ගත්තා !! – සිරි බබා හඩමින් කියයි..

    එයාගේ මකනේ මන් ගත්තේ නෑ. 😀
    ඉස්සරහට එයාගේ මකනේ පැන්සල ගත්තා කියලා එයා කිව්වොත් මම ඒවට උත්තර දෙන්නෙත් නෑ.. 😀 මන් වාඩිවෙලා ඉන්න පුටුවෙන් නැගිටින්නේත් නෑ – රානී බබා

    ඒ වගේ මොන්ටිසෝරි ළමයි දෙන්නෙක් මුන් දෙන්නා..

    • Rata Wenuwen says:

      තොපි දෙන්නා ඕනැ කුදයක් ගහගනිල්ලා,(පඹ ආප්පයා සහ පින්ගුත්තර රනියා ), දෙදනාම මැරෙන මන්චකේ වැජඹෙන රෝගියෝ දෙන්නෙක් . තකට තක, දොන් තරකිට,
      කොබෙයියන් තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා.
      මුන් දෙන්නට නම් ගැලපෙනවා,
      ලබ්බ උස්සගෙන ගිරිය පුප්ප පුප්පන පඹයා,
      කොනත් හැකිලුනුකොයි පනත් නැහැ රනියා

    • RATA WESIYO says:

      Who should be ashamed for this type of husband and wife nature quarrels is not any one of them,but it should be 6.2million people who brought this so called “YAHAPALANAYA”.

    • MD says:

      PAW MEYA,BANKU RANIL MAMAGE HITA RIDEI OYA OHOMA KIYANAKOTA.ME DAWAS WALA DILRUKSHI NANDA KARA PAWADIMA NISA RANIL MAMA BAYEN INNA WELAVE OYA NIKAN HARIYATA GAHEN WATUNA KENATA🐂 ANNA WAGE WADANANE KARANNE

  4. Rata Wenuwen says:

    බින් කුන්ඩෝ බොල බින්කුන්ඩෝ
    තෝත් නටාපිය- මාත් නටන්නම්,
    තොගේ අම්මට දැන් හාල් ගරාපිය,
    තොත්ත දොදොන් දොන් හාල් ගරාපිය.

  5. Boo says:

    මහ බැංකු අධිපති කමට විදේශිකයෙකු නිර්දේශ කිරීමත් , මහ බැංකුව මංකොල්ල කෑමත් ව්‍යවස්ථාවට එකගයි මගෙ හිතේ.

  6. Sun says:

    These are the types of law quality politicians in a country. Ultimately there is no me and mine in a system. We take them as mine and continue the suffering in the life. We have created this kamma and continue creating further entangling the world and continue them as mine.

  7. Ranjan says:

    Must both the fellows to a Day Care Centre. When you see all that there is no Govt. in this country.

  8. පොඩි එකා says:

    2015 දී මෛත්‍රී ඡනපති වූ සැනින් ඒ වන විට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් තිබූ අගමැති දි.මු ඡයරත්න පන්නා දමා බහුතරයක් නොතිබුන ඔබට අගමැති ධූරය ප්‍රදානය කරනකොට එය දෑතින්ම බදා ගනිද්දී ඔය කියන ව්‍යවස්ථාව මතක් වුනේ නැද්ද… තමුන්ට අගමැතිකම දෙන කොට ඡනපති ව්‍යවස්ථාව කැඩුවට කමක් නැද්ද..?

  9. chandapala says:

    දෙන්නම රටට විනාශය උදාකළ බොරුකාරයෝ. ජනතාවෙනි ප්‍රවේසම් වෙන්න.

  10. ⁣siri says:

    පාර්ලිමන්ට් ජෝක්ස් …..new Edition ….හූ……..

  11. UNP-GALIBBA says:

    දැන්නම් මුන් ගේ මෝඩචූන් බලලම ඇතිවෙලා දෙන්නම රඟපැමට අතිදක්‍ෂයී කතාවෙලා මහජනයා නියමෙට අඳනවා . සියලු ප්‍රෂ්න යටගහන්න මොනවාහරි මෝඩචූන් එකක් ගෙනල්ලා මහජන අවදානය වෙනතකට යොමු කොරනවා අපු දවසේ ඉඳන්ම මේ සෙල්ලම නොවැ කොරේ රටට මහා කාලකන්නි කාලයක් මුන් ගේ යමපාලනයට පස්සේ නැවතත් මහජනයා ගොනා අඳවන්න සජියා කරලියට ගෙන ඒවී මුං තනිකර බොරුවෙන් මහජනයා මුලාකරනවා????

  12. Sun says:

    These are the fathers of who ruined the country and the side effect of such things are following them as their kammayoni to the next life. If they have created such things they cannot run away from the effect of such things. The effect will follow you to the last second and take you to the correct place matching your effect.

  13. අක්බාර් ලොක්කා says:

    ඔය එන්නෙ එලියට. ආනන්ද විජේපාල කියන්නෙ අනුර කුමාරගෙ ගෝලයෙක් .චන්ද්‍රිකා ජනාධිපති කාලෙ අනුර ලොක්කා කෘෂිකාර්මික ඇමති කාලෙ ඔහුගේ පෞද්ගලික ලේකම්ව හිටියෙ ව්ජේපාල බුවා තමයි.. දැන් බෝලෙ එක එකාලට පාස් කරනකොට බඩු එලියට එනවා.

  14. වෙබ් නානා says:

    බොරු නඩු පැටලූ බුවාල දැන් 😱 බය වෙලා ඉන්නෙ ගෝඨාල බලයට ආවහම ඇට්ටි හැලෙන්න 👊 රිටර්න් එකක් දෙයි කියල . ඒකයි සිරා ~>රනිල්~>අනුර~> බෝලෙ පාස් කරන්නෙ

  15. පොරමෝලා says:

    රනිල 👄 කියන කතාවෙ නැත්‍තකුත් නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩා සහ කඩන්න
    සිතීමෙන් වාර්තා තබා ඇති බව නං පේනව

Main News