‘ඔබ ජංගි යකෙක්.. ඔබට තනිකරම පිස්සු’ චෝදනා එල්ල වූ SEMA ආයතනය අහෝසි කර දමයි..

September 21, 2018 at 3:50 pm | lanka C news
‘ඔබ ජංගි යකෙක්.. ඔබට තනිකරම පිස්සු’ චෝදනා එල්ල වූ SEMA ආයතනය අහෝසි කර දමයි..

උපාය මාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනය අහෝසි කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ සදහා කැබිනට් අනුමැතියද ලද බව දන්වමින් ජනාධිපති අතිරේක ලේකම්වරයෙකුගේ අත්සනින් එම ආයතනයේ සභාපතිවරයාට මේ බව දන්වා ඇත.

මේ තත්වය මත උපාය මාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනයේ සියළු කටයුතු අවසන් කරන ලෙස සභාපතිවරයා වෙත එමගින් දන්වයි.

‘ඔබ ජංගි යකෙක්.. ඔබට තනිකරම පිස්සු’ යයි කියමින් එම ආයතනයේ අධක්‍ෂවරයෙක් විසින් සභාපතිවරයා වෙත මෑතකදී යොමු කරන ලද ලිපියක් ඉමහත් ලෙස ජනප‍්‍රිය විය. link

323 views
Main News