ඔබ පකිස්තාන ඉතිහාසයේත් අමරණීයයි..ඔබේ යුගය පරිපූර්ණයි..- මහින්ද හමුවූ පකිස්තාන ජනපති කියයි..

June 23, 2017 at 9:20 am | lanka C news
ඔබ පකිස්තාන ඉතිහාසයේත් අමරණීයයි..ඔබේ යුගය පරිපූර්ණයි..- මහින්ද හමුවූ පකිස්තාන ජනපති කියයි..

සිව් දින පාකිස්ථාන සංචාරයේ අවසන් දිනයට සමීප වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂ නියෝජිත පිරිස පාකිස්ථාන ජනධිපති මුණ ගැසීම වදගත්ම සිදුවීම විය.

ඉස්ලමාබාත් අගනුවර මැම්නුන් හුසේන් (Mamnoon Hussain) ජනධිපතිගේ නිළ කාර්යාලයෙදී සිදු වූ මෙම හමුව අතිශයින් හෘදයාංගම බැවින් පිරුණු මිත්‍රත්වයේ හමුවක් විය.

පාකිස්ථාන – ශ්‍රී ලංකා මිත්‍රත්වය ඉතිහාසයේ ඇතට දිව යන්නක් වුවද එය වඩාත් පරිපූර්ණ වූයේ මහින්ද රාජපක්ෂ යුගයේ දී බව සිහිපත් කල පාකිස්ථානු ජනාධිපතිවරයා, පොදු රාජ්‍ය මණ්ඩලයේන් පකිස්ථානය ඉවත් කිරීම සඳහා වූ කුමන්ත්‍රණය පරාජය කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කළ පෞද්ගලික කැපකිරීම පාකිස්ථානු ඉතිහාසයේ අමරණීය සිදුවීමක් බව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ සාමය හා සමුර්ධිය වෙනුවෙන් අවංකව කැපවීම පාකිස්ථානු ප්‍රතිපත්තිය බව තහවුරු කළ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ පාකිස්ථානු ජනතාවගේ වඩාත් ආදරය හා ෙගෟරවයට ‍‌පාත්‍ර වූ නායකයෙක් බව දැඩිව අවධාරණය කළේය.

මිට අමතරව, පාකිස්ථානු අභ්‍යන්තර කටයුතු අමත්‍ය චෞදිරි නිසාර් අලිඛාන් සහ විදේශ ලේකම් ටෙමිනා ජනුජා සමග සාකච්ඡාවන්ට පිවිසි මහින්ද රාජපක්ෂ මහතා තක්සලා නුවර ෙබෟද්ධ ෙකෟතුකාගාර නරඹා ෙඐරාන්තික ස්ථුපය වැදපුදා  ගත්තේය.

බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේලා වඩාත් ආරක්‍ෂිතව අයිතිහාසික ධර්මරාජිත ෛචතය භූමියේ තැන්පත් කරණ ලෙස පාකිස්ථානු රජයෙන් කාරුණික ඉල්ලීමක් ද කිරීමට මහින්ද රාජපක්ෂ මහතා අමතක නොකළේය.

– ජනබල

87 views

3 Comments to “ඔබ පකිස්තාන ඉතිහාසයේත් අමරණීයයි..ඔබේ යුගය පරිපූර්ණයි..- මහින්ද හමුවූ පකිස්තාන ජනපති කියයි..”

  1. Manel says:

    Mithuru thomo duka sapa dekehima pawatee
    Bithu sithuwam men pitu nopawithi.

  2. lanka says:

    kohhakathwaya lowe nathinam obathoma mulu lowatama amaraniyayi

  3. Hemantha says:

    Great leader as well as a fine diplomat

    .

Main News