ඔබ පොහොට්ටුවට ඡන්දය ලබාදිය යුත්තේ ඇයි ?

December 15, 2017 at 12:00 pm | lanka C news
ඔබ පොහොට්ටුවට ඡන්දය ලබාදිය යුත්තේ ඇයි ?

කොළඹ එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ දී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

නාමයෝජනා කුණාටුව අදින් අවසන්. කොට්ඨාශ  සිමිතයි. ඉල්ලුම අසිමිතයි. ඒ නිසාම තරගය හරි තියුණුයි. ඉස්සර නම් අපි සියළුම පක්ෂ වල ඉල්ලීම් ලැයිස්තුවට දාලා සාමයෙන් වැඩේ කර ගත්තා. මෙදා පරා එක කොට්ඨාශයකට එක පක්ෂයක අපේක්ෂකයෙක් තෝරා ගන්නා විට  අනෙක් පක්ෂ වල අපේක්ෂකයන් ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා සිත් රිදුනේ නැති කිසිවෙක් නැත. අපේ සන්ධානයේ ඉන්නවා පක්ෂ 20ක් දැවැන්තම සන්ධානය අපේ. අපේ සන්ධානයේ කිසිම කෙනෙකුට තමන් ඉල්ලු අපෙක්ෂකයන් සියළුදෙනාම ලැබුනේ නෑ. මේ නිසා සිත් රිදුම් අඩු වැඩි වශයෙන් ලැබිලා තියෙනවා.

හැබැයි මේ දැවැන්ත ඉල්ලුම අපිට පෙන්නුම් කරන දේ තමයි ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ තුන කොළ රතු නිල් ඔයාට බැරිද අපෙන් ඉල්ලන්න අපෙක්ෂකයන් පස්සේ යද්දි අපිට මේ ඇති වුණ දැවැන්ත ඉල්ලුම මැතිවරණ ප්‍රතිඵලය පිළිබද පුර්ව පණිවිඩය විදිහටයි අපි දකින්නේ. අපි දන්නවා සුවද හමන මලටයි බඹරු ඇදෙන්නේ කියලා. මේ පොහොට්ටුව කියන පුංචි මලේ සුවදට මුළු රටම ඇවිස්සිලා අද ආකාර්ෂණය වෙමින් පවතිනවා කියන පණිවිඩය තමයි මේ අපෙක්ෂකත්වය  සදහා තිබුණු මරාන්තික සටන සහ දැඩි උනන්දුව.

අපි ජනතාවට කියනවා පසුගිය වසර තුන  පුරාවටම ජනතාව මැසි විලි නගමින් හිටියේ බදු බර වැඩියි කියලා ජනතාව කියද්දි, බදු මිල වැඩියි කියලා කුනු කුනු ගගා තමයි ගෘහණියන් කඩේ ඉදන් ගෙදර යන්නේ. හැමදාම වැඩ වර්ජන නිසා සාමන්‍ය ජනතාවගේ ජිවිත කඩාකප්පල් වෙලා. රණවිරු දඩයම ගැන ජාතිකවාදීන් කණගාටු වෙද්දි රට කෑලි නවයකට කඩලා මේ රට ලේ විලක් කරන පෙඩරල් ව්‍යවස්ථාව ගෙන ඒම පිළිබදව බුද්ධිමතුන් කතා කරනවා. අපේ රටේ සම්පත් පිට රටට විකිණිම සමබන්ධයෙන් දේශ ප්‍රේමින් දොස්මුර නගනවා.

දෙවියන්ට කන්නලව් කරනවා. හන්දියක්ගානේ, ගෙවල් අස්සේ , වැඩපොලේදී, බස් නැවතුමේ දී ආණ්ඩුවට බැන බැන හිටියාය කියලා ආණ්ඩුව ඒක දන්නේ නෑ. ආණ්ඩුවේ නායකයින්ට පරචිත්තවිජානන ඥාණය හෙවත් අන් සිත් කියවීමේ හැකියාව තවම පහල වෙලා නෑ. ඒ නිසා ජනපති අගමැති ඇතුළු මේ ආණ්ඩුවේ නායකයින් ජනතාවගේ සිත් වල කැකෑරෙන කේන්තිය කලකිරීම සන්නිවේදනය කළ හැකි හොදම ක්‍රමය තමයි පොහොට්ටුවට ඡන්දය ලබා දීම.

ඇයි අපි පොහොට්ටුවට ලබා දෙන ඡන්දයක් කියන්නේ මේ මැතිවරණයට ආණ්ඩුව එන්නේ කෑලි තුනකට කැඩිලා. මේ හංසයෝ තමයි නිල්පාට අතින්, කොළපාට අලියගෙන්, රතුපාට සීනුවෙන් එන්නේ මේ තුන් ගොල්ලෝම වර්තමාන අර්බුදයේ හවුල්කරුවෝ මේ ආණ්ඩුව හදන්න දායක වුණා.

ආණ්ඩුව පවත්වාගෙන යන්න දායක වුණා. ආණ්ඩුව අර්බුදයට ගිය තැනදී රැක ගන්න දායක වුණා. ඒ නිසා මේ තුන් ගොල්ලෝම ආණ්ඩුවේ. ආණ්ඩුව හොදයි කියලා හිතන අයට නම් විකල්ප තුනක් තියෙනවා. අලියට, අතට, සීනුවට කතිරය ගහන්න පුළුවන්. හැබැයි මේ ආණ්ඩුව යන ගමන වැරදි කියලා හිතන ජනතාවට තිබෙන එකම විකල්පය පොහොට්ටුව පමණමයි.

ඒ වගේම ඒජාපයේ පාක්ෂිකයන්ටත් පණිවිඩයක් තියෙනවා. අපි දන්නවා වෙනසක් පතා මේ අය ජනවාරි අට හංසයාට කතිරය ගැහුවා. දැන් ඒ අයට පාරේ බැහැලා යන්න බෑ. ඒජාපයේ පාක්ෂිකයන් පාරේ යන විට අනිත් අය අහනවා ඔබට සතුටුයිද දැන් කියලා. වෙනස සැපද? වැඩට ගිහින් බලද්දි කෑම එක අයින් කරලා ක්‍රෝටන් කොළ දාලා. මේ ආණ්ඩුව පත් කර ගැනීමට මුලික වුණ නිසා මේ අය අද දැවැන්ත අසිරුතාවයකට මුහුණ දීලා තියෙනවා. අපිට වඩා රිදිලා දැනිලා තියෙන්නේ ඒජාපයේ පාක්ෂිකයන්ට.

ඒජාපයේ පාක්ෂිකයන්ට අද ඕන වෙලා තියෙනවා තමන්ගේ ආණ්ඩුවට අද පණිවිඩයක් දෙන්න ඔබ යන්නේ අපි ප්‍රර්ථනා කළ පාරේ නෙවෙයි අපි අවුරුදු 20ක් විපක්ෂයේ දුක් විදලා ආණ්ඩුවක් හදා ගත්තේ මෙච්චර ඉක්මනට පිස්සු කෙලලා පිරිහෙන්න නෙවෙයි. ඒ නිසා ඔබ යන පාර වැරදියි කියලා ආණ්ඩුවට රතු එළියක් දල්වන්න ඉන්න සමස්ථ ඒජාපයේ පාක්ෂිකයන් පක්ෂයට ආදරය කරන, දුරදර්ශිව හිතන ඒජාපයේ පාක්ෂිකයන්ගෙ ඡන්දයත් මෙවර හිමි වන්නේ පොහොට්ටුවටයි.

 

– අරවින්ද අතුකෝරල

120 views

9 Comments to “ඔබ පොහොට්ටුවට ඡන්දය ලබාදිය යුත්තේ ඇයි ?”

  1. Ruwan says:

    Day Dreaming! Something have to say to fool the people. Please, go ahead.

    • Nuwan says:

      රටම උලා කන ආණ්ඩුවට චන්දෙ දෙනවා කියලනම් කියන්න එපා මහත්තයො

    • ඤානසාර says:

      දෙන්නත් හිතයි නොදෙන්නත් හිතයි ඡන්දෙ අරන් පනින්නෙ නෑ කියල සුවර්ද?

  2. Gayantha says:

    Matanan meyath sure nai. Eka sairekuth painala ayeeth awa porak ne. Mu heta anith paittata panida kiyannath bai.

    • අකිල වීරකෝන් says:

      උදය ගියේ නෑ. එයාගේ පක්ෂය මහින්දව දාලා ගියා. පක්ෂය ආපසු අරගෙන එන්න බැරි වුණු නිසා එයා තනියම ආවා

  3. sunil says:

    සීයෙ කොල හොරා හිතාගෙන ඇති රටේ උන් මැරිල ඉපදුනා කියලා

    • සූත්තර පුංචා says:

      නෑ ආච්චියෙ. කොළ පාට කොතනද කම්බා හොරු එතන බව දැන් අපි තේරුම් අරන් ඉවරයි. බොට අපව අන්දන්න බෑ මොන නමින් ලිව්වත්

  4. SS says:

    පොහොට්ටුවට චන්දේ දුන්නට කමක් නැහ මේ රටේ ඉන්න්‍ ඔය නායකයෝ විතරනම් මුන් හොරු තමයි හැබැයි පොහොට්ටුව කම්බ හොරු. පවුල දිනවන්න හා ආතක් පාතක් නැතිව ඉන්න දේශපාලුවන්ට සරනක් වෙන්න හොදයි. මෙවර මගේ චන්දය ජේ. වි. පි. එකට.

  5. lakshan says:

    idiots politics

Main News