ඔබ විකාර විහිළුකාරයෙක්.. පොලිස්පති ගිය නුවර ධර්මරාජ ආදි සිසු කියති..

September 18, 2018 at 11:20 am | lanka C news
ඔබ විකාර විහිළුකාරයෙක්.. පොලිස්පති ගිය නුවර ධර්මරාජ ආදි සිසු කියති..

පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් කණස්සල්ල පල කරමින් පොලිස්පතිවරයාගේ පාසැල වන මහනුවර ධර්මරාජයේ ආදි සිසුවෙකු මෙන්ම හිටපු පොලිස් නිලධාරියෙකු වන වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වේ.

පූජිත ජයසුන්දර මහතා ,
පොලිස්පති ,
පොලිස් මුලස්ථානය ,
කොළබ.
2018.09.18

හිතවත් පොලිස්පති තුමනි !

පොලිස්පති ධූරයට නොගැලපෙන ලෙස හැසිරීම සම්බන්ධයෙනි !

පොලිස්පති ධුරයට පත් වූ දා සිට ඔබ ක්‍රියා කළ ආකාරය හා හැසිරුනු ආකාරය දෙස මා බලා සිටියේ තරමක අවධානයකින් යුතුවය .මා ද හිටපු පොලිස් නිලධාරියෙකු සේම ඔබ මෙන් මහනුවර ධර්මරාජ විදුහලේ ආදි ශිෂ්‍යයෙකි .ඒ නිසා ඔබ පොලිස් පති වීම ගැන මා සිත තුළ මුලදී හටගත්තේ තරමක සොම්නස් සහගත සිතුවිල්ලකි .එහෙත් ඒ සොම්නස් සහගත සිතුවිල්ල මේ වන විට බොද වී ගොස් ඇති බව කණගාටුවෙන් වුව ද කිව යුතුව ඇත .

ඔබට පොලිස්පති ධුරය ලැබුණු ආකාරය ගැන අපි දනිමු .එහෙත් මේ විදියට ම නීතිය නවාවී යැයි කිසි සේත් සිතුවේ නැත .පොලිස්පති ධූරය යනු වග කිව යුතු හා ජනතාවගේ විශ්වාසය දිනා ගෙන හැසිරිය යුතු තනතුරකි .ඒ විශ්වාසය අද බරපතල ලෙස බිද වැටී ඇත .රටේ නිතිය හා සාමය ආරක්ෂා කරනවාට වඩා මේ දෙබිඩි යහපාලන ආණ්ඩුවේ එක් පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිට ඔවුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් ඔබ කටයුතු කරන බව පෙනේ .ඒ නිසා රටේ ආරක්ෂාවද බිද වැටි තිබෙන බව පැහැදිලිය .

මෙවැනි පරිසරයක් තුළ ඔබගේ ක්‍රියාකාරිත්වය විකාර රූපී ස්වරුපයක් ගනී .ඔබ විසින් ම ඔබ විහිලුකාරයෙක් බවට පත් කර ගෙන සිටී .

පසුගිය දිනෙක දෙනියාය කොටපොළ ජාතික පාසලේදී ද ඔබ හැසිරුනු ආකාරය කිසි සේත් ම පොලිස්පති වරයෙකුට සුදුසු වන්නා වූ හැසිරීමක් නම් නොවේ .

එහිදී භික්ෂුන් වහන්සේලාට හා ගුරු භවතුන්ට ඔබ ආමන්ත්‍රණය කළේ බොහෝ දෙනෙක් තුළ අප්‍රසාදයක් හා පිළිකුලක් ඇති වන ලෙසය .ගුරු භවතුන් හා භික්ෂුන් වහන්සේලා යනු අප සමාජයේ ගෞරවනීය දෙපිරසකි .ඔබ වැනි අයෙකු එලෙස හැසිරීමෙන් දරුවන්ට දෙන ආදර්ශය කුමක්ද ?

යහ පාලනයේ අවුල් සහගත බව පොලිසියට ද බල පා ඇත .

උද්ගතව ඇති තත්වය සලකා බලා සමස්ත පොලිසියේත් පොලිස්පති ධුරයේත් එමෙන් ම ඔබගේත් ගෞරවය සහ කීර්තිය ආරක්ෂා කර ගැනීමටඅප්‍රමාදව කටයුතු කරන ලෙස මහනුවර ධර්මරාජ විදුහල් මෑණියන්ගේ නාමයෙන් ඉල්ලා සිටිමි .

මෙයට ,
හිතවත් ,
ජනක බණ්ඩාර තෙන්නකෝන්
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

178 views

13 Comments to “ඔබ විකාර විහිළුකාරයෙක්.. පොලිස්පති ගිය නුවර ධර්මරාජ ආදි සිසු කියති..”

  1. Adharmaraaja says:

    Policepathi pissek unath ekai pissek policepathi unath ekai!

    • Asaranaya says:

      කවට අන්දරේ නැවත උපත ලබා ඇත , පිස්සු හුටන් හිටන්

      • Neutral Man says:

        The contest between Ra-nil and Kujitha to become the best jester in the country has reached its climax, whilst the president My3 enthusiastically waiting to present the trophy.

        The winner will be declared by the president only after the total collapse of the law and order in general and the country as a whole in particular

  2. Analyst says:

    The people in the Country are glad ,as you have spoken not only as a distinguished old boy of the college,but also to safeguard the Dignity of the Noble Teaching Profession and more importantly,to remind the Culture in this island of addressing the Maha Sangha.

  3. Ranarala says:

    mona pakshayakata ayath uwath anduwe vipakshaye degollama me miniha thanthurin wahama wishrama genwiya yuthui.

  4. Ajith says:

    අපි මහ නුවර කියල අපි ආඩම්බරයෙන් කිව්වා. අපි ධර්මරාජේ කියල අපි තවත් ආඩම්බර උනා. ඒත් පූජිත පොලිස්පති උනායින් පස්සේ අපි ඉස්කෝලේ නම කියන්න කලින් දෙපාරක් හිතනවා. මේ ගොන්පර්ට් නවතාපන් පූජිත.

  5. Gadol says:

    මතෙන් මත් උනු වසලයයෙක් මු ගිය පාසලටත් අවමානයක්

  6. senaka says:

    ekala hitiya principal Oahu anukaranaya karanawa wagei

  7. Gorilla says:

    Mu royal anada wage iskolekata gihin ohoma hasireida?

    • Surely,he has not practised either the Buddhist or Hindu meditations.He seem to have practised the meditations ,which are practised by people like drug dealers, sea pirates etc.

  8. Banda says:

    Pujith wa mahinda path kranam ohu weerayek.ranil path karapu nisa kujeetha.meeta rajans baiyek

  9. jaanaka says:

    මාකදුරේ මදුෂ් තම පියාගේ මල ගෙදරට එවූ ශෝක පණිවුඩයේ ශපත කර තිබුනේ තමනට තර්ජනයක් වූ දේශපාලන බලවතුන් නැතිකරන බවටය. ඒ ඔහු ඝෝඨභය ඝාතනය සදහා නාලක සිල්වාගෙන් ලැබුන අනකිරීමත් සමග ලැබුන ශක්තිය බව පැහැදිලිය. දෙවනුව නාලක සිල්වා නිතරම පොලිස් විශේෂ කාර්ය බලකායට පහර ගැසුවේත්, මෛත‍්‍රීපාල සිරිසේන සහ ඝෝඨභය ඝාතනයට සැලසුම් කලෙත් කාගේ අරමුනකටද බව දැන් හෙලිව්මින් පවතී. මෛත‍්‍රී සහ ඝෝඨභය දෙදෙනාට මේ ලෙසම පහර ගසමින් සහ පොලිස් විශේෂ කාර්ය බලකායට පහරගසමින් පාතාලයේ අය ලංකර ගනිමින් සිටි සරත් ෆොන්සේකා නිතරම කියූ තවත් වදනක් වුයේ ඉතා හොද සමහර උසස් පොලිස් නිලධාරීන් සිටින බවය. ඒ නාලක සිල්වා ගැනය. මේ ඝාතන කුමන්ත්‍රණය පසුපස නාලක සිල්වා සමග සරත් ෆොන්සේකාද සිටින බවට මා තරයේ විශ්වාස කරමි. එබැවින් මේ පරීක්ෂණ ඒ දෙසටත් යොමු කිරීම අත්‍යාවශ්‍ය කරුණකි.

Main News