‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් ශ‍්‍රී ලංකාවේත්…?

November 29, 2021 at 9:20 am | lanka C news
‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් ශ‍්‍රී ලංකාවේත්…?

අප්‍රිකානු කලාපයේ රටවල් කිහිපයකින් හඳුනාගෙන තිබෙන කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය ශ්‍රී ලංකාව තුළ මේ වන විටත් තිබිය හැකි බව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

එහි සභාපති රවි කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමෙන් තොර ක්‍රියාකලාපය නිසා කොරෝනා පරීක්ෂණ, ප්‍රභේද පරීක්ෂණ, නියැදි පරීක්ෂණ නිසි අයුරින් සිදු නොකරන බවයි.

එමෙන්ම විවිධ අවශ්‍යතා වෙනුවෙන් නීති රීති වෙනස් කිරීම නිසා දැනටමත් රට තුළට මෙම ප්‍රභේදය ඇතුළු වී ඇතැයි සහතික කළ නොහැකි බවත් ඔහු කියා සිටි.

ප්‍රභේද පරීක්ෂණ නිසි අයුරින් සිදු වීමත් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට ඇතුළු වීමේදී කොරෝනා පරීක්ෂණ සිදු නොකිරීමත් හේතුවෙන් ඉදිරියේදී එම ප්‍රභේදය ඇතුළු වී ක්‍රමානුකූලව වර්ධනය විය හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

නව ප්‍රභේදය රටතුල ඇති දැයි හඳුනා ගත හැක්කේ එය රැල්ලක් සේ වර්ධනය වී පාලනය කර ගත නොහැකි අයුරින් ආසාදිතයන් වාර්තා වූ පසු බවද ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.

207,000 views

16 Comments to “‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් ශ‍්‍රී ලංකාවේත්…?”

  1. chandana says:

    me modayage gon katha walata ay me media boru pracharayak denne, me gana katha karanna one viralogistla.

  2. ගොන්ජා says:

    රසායනාගාර වල කකුස්සි හෝදන කුක්කන් ගෙන් විද්‍යාත්මක කරුනු ගැන අදහස් විමසන්නේ ඇයි? ගූ හුලිජ්ජ සැම්පල අතගානවා හැරෙන්නට මුන් දන්නේ පෙලපාලි යන්නයි ස්ට්‍රයික් කරන්නයි විතරයි. මාධ්‍යවේදීන් බල්ලා මාක් වෙලා.

  3. Ayotallah says:

    This person is former Lab Assistant now known as Lab Technologist with qualifications of OL/AL and he has become the spokesman or covid epidemic in Sri Lanka. The Health Ministry should warn him not to utter something he does not know because he is only a lab assistant who helps the research officers to conduct lab research

  4. මොලේ කළ ද says:

    කවුද යකෝ මේ උන්ට මයික් අල්ලන්නේ

Main News