ඔමික්‍රෝන් නැති රටවලින් සංචාරකයන්ට එන්න බාධාවක් නෑ…

November 29, 2021 at 3:18 am | lanka C news
ඔමික්‍රෝන් නැති රටවලින් සංචාරකයන්ට එන්න බාධාවක් නෑ…

තහනම් කෙරුණු  රටවල් 06න් සංචාරකයන් පසුගිය දින 14 ක කාලය තුල මෙරටට පැමිණ  නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛණ මගින් එය තහවුරු වන්නේ යැයි ඇමතිවරයා සදහන් කරයි.

කොළඹ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.

ඔමික්‍රෝන් නව කොරෝනා ප්‍ර භේදය වෛරස හේතුවෙන් දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසටෝ සහ ස්වාසිලන්තයේ ගත වු දින 14 තුළ සංචාරය කළ මගීන්ට මෙරටට පැමිණීම අද (28) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ බව අදාළ ගුවන් සමාගම වෙත දැනුම් දි තිබේ.

සංචාරකයන් හැර වෙනත් අය පසුගිය දින 14 තුළ මෙම රටවලින් මෙරටට පැමිණ ඇද්දැයි අදාළ අංශ සොයා බලන බවත් ඒ අනුව සෞඛ්‍ය අංශ ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි. අදාළ රටවල හැර සෙසු රටවලින් පැමිණෙන සංචාරකයන්ට මෙරටට පැමිණීමට බාධාවක් නැති බව අවධාරණය කළ ඇමති ප්‍රසන්න රණතුංග මහතා වීසා ලබාදීමේ දී ඔවුන් අදාළ රටවල සංචාරය කර ඇද්දැයි යන්න පරික්ෂා කෙරෙන බව ද කීවේය.

ඉදිරියේ දි මෙරට පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරග ඇතුළු ජාත්‍යන්තර තරග ක්‍රීඩා වලට සහභාගී වන සහ එම තරග නැරඹිමට එන අය සම්බන්ධයෙන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේදැයි මාධ්‍ය වේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා සදහන් කළේ පූර්ණ එන්නත්කරණයට ලක් වු අයට එම තරග නැරඹීම සදහා මෙරටට පැමිණීමට හැකිබවයි. ඒ සම්බන්ධයෙන් ද ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ ද සෞඛ්‍ය අංශ  සමග සාකච්ඡා කරමින් ඔවුන්ගේ නිර්දේශ මත බව ද ඔහු කීවේය. මේ වන විට ලෝකයේ බොහෝ රටවල් කොවිඩ් තත්ත්වය යටතේ වුවද ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්, සම්මන්ත්‍රණ හා සමුළු සංවිධානය කරමින් සිටිති. මේ වන විට මෙරට ජනගහණයෙන් 90%කට ආසන්න පිරිසක් එන්නත්කර තිබේ. එහෙත් කොවිඩ් වලින් පරිස්සම් වීම සියලු දෙනාගේ වගකීමකි. එබැවින් සෞඛ්‍ය නිර්දේශ අනුව නව සාමාන්‍යකරණ වැඩපිළිවෙල යටතේ ජනතාව ආරක්ෂා කර ගනිමින් රට පවත්වාගෙන යාම ආණ්ඩුවේ අපේක්ෂාව බව ද ඇමතිවරයා කීවේය.

– ප්‍රදීප් අනුර කුමාර

8,782 views

12 Comments to “ඔමික්‍රෝන් නැති රටවලින් සංචාරකයන්ට එන්න බාධාවක් නෑ…”

  1. සුුදුකෙස් වඳුරා says:

    බලාපල්ලකෝ මේ නූගත් බඩතඩි අපතයා වගේ එවුන්නෙ දැන් රටේ තීන්දු තීණ ගන්නෙ…අර ගොබ්බ නන්දසේන සද්දයක් නැැ…අහෝ අපේ රටට ගිය කලක්

  2. කමල් says:

    ආර්ථිකය අංක 1 විය යුතුයි. ඔලමොට්ටල දේශපාලකයන් මොනවා කිව්වත් අපට ඩොලර් අවශ්‍යයි. හම්බවෙන ඩොලර් කන්න වියදම් නොකල යුතුයි. රට තුල වවාගනු, දැන් ව්‍යාපෘති කියලා රටවල් වලින් ඩොලර් දීලා ඒ ඩොලර් උන්ගේම සේවවන් වලට කියලා එක රැයින් අදිනවා. මෙවා නැවැත්විය යුතුයි. ‌(ව්‍යාපෘති ගැන ඇහැ ගහගෙන ඉදිනු) රජයේ නිලධාරීන් රටට නොව ව්‍යාපෘති හදන රටවල් වල ට නොදැනීම රැවටිලා. ගෝඨාභය මහතාගේ ප්‍රතිපත්තිය මුන්ට දැනිලා නෑහැ. බුද්ධි අංශ යොදවන්න රජයේ නිලධාරී්න්ගේ ක්‍රියාකාරකම් හොයන්න. රට කන්නේ වැරදි තීරණ ගන්න තැනට තල්ලු කරන රජයේ සේවකයෝ

    • Kdtv says:

      Samahar adahas walata ekagai.
      Samahara ewa weradi.
      Karatanne sewakayo vitharak newe, balaye inna polititions la.
      Unuth unge madiya tharakaraganna, unge yaluwanta salli hamba karaganna thirana gannawa

  3. Sam says:

    Omicron පරීක්ෂණ කරන්නේ නැද්ද?

  4. 3% ට බය බයියා. says:

    ඩොලර් එක ඉහළ යන නිසා සංචාරකයන් එන්නත් නැහැ ගොනො…

  5. Rathna says:

    මුගෙ බඩගෙඩියයි පස්ස හැටියට අබ ඇටයක මොලයක් නැති බින් ගොජ්ජෙක්

  6. RT com says:

    South African Medical Association Says Omicron Variant Causes ‘Mild Disease’ .
    “It presents mild disease with symptoms being sore muscles and tiredness for a day or two not feeling well. So far, we have detected that those infected do not suffer loss of taste or smell. They might have a slight cough. There are no prominent symptoms. Of those infected some are currently being treated at home”, Coetzee said.
    (There are not enough data yet to state that the new Omicron coronavirus variant is more dangerous than the Delta one, and existing vaccines remain effective, the World Health Organization (WHO) said on Sunday.)

  7. Dinesh says:

    ඒ අයව පරීක්ෂා කරන්න යම්කිසි විදියක් තියනවද ඇඇමතිතුමෝ … දන්නෙ නැති නිසා ඇහැව්වෙ 🤣

  8. Kanday says:

    1) බාර් සහ අවන්හල් සහ රාත්‍රී සමාජශාලා වල සිදුවන සියලුම සාද නවත්වන්න.
    2) සියලුම ගෘහස්ථ භෝජනාගාර වසා දමන්න. එළිමහනේ පමණි.
    3) මංගල උත්සව පුද්ගලයන් 10 දෙනෙකුට සීමා කරන්න
    4) අවමංගල්‍ය කටයුතු පුද්ගලයන් 10 දෙනෙකුට සීමා කරන්න
    5) සෑම කෙනෙකුම සෑම විටම ගෘහස්ථ කාර්යාලයේ වෙස්මුහුණු පැළඳිය යුතුය.
    6) Omicron ගැන වැඩිදුර තොරතුරු ලැබෙන තුරු ඉදිරි සති දෙක සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම දෙනා PCR පරීක්ෂණය කරන්න

    1) Stop all the parties happening in the bars and restaurants and nightclubs.
    2) Close all indoor dining restaurants. Outdoor only.
    3) Limit weddings to 10 people
    4) Limit funerals to 10 people
    5) Everyone must wear mask in the indoor office at all times.
    6) Do PCR test on all arrivals into Sri Lanka for next two weeks until we have more information about Omicron

  9. Open mind says:

    ආරම්භක දවසේ සිටම විනාශය කළ කෙනා.

  10. Omicron says:

    Api nethi ratak nehe…. learn the science and inform people clearly and practically…

Main News