ඔමික්‍රෝන් දැනටත් ලංකාවේ තිබිය හැකියි.. රට වසා දමන්න..- ජොන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ උපදේශක කියයි..

November 30, 2021 at 10:00 am | lanka C news
ඔමික්‍රෝන් දැනටත් ලංකාවේ තිබිය හැකියි.. රට වසා දමන්න..- ජොන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ උපදේශක කියයි..

දකුණු අප්‍රිකානු කලාපයෙන් හඳුනාගන්නා ලද කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය දැනටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබිය හැකි බව ජොන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා සඳහන් කරයි.

එසේ වුවහොත් ලංකාව ඉතා බරපතල අනතුරක බවද ඒ මහතා අනතුරු අගවයි.

පසුගිය දින දාහතරක් තිස්සේ තුළ මෙරටට පැමිණ අය පරීක්ෂාවට ලක් කිරීමෙන් ඵලක් නැති බවත් අවම වශයෙන් මාසෙකට වත් පෙර පැමිණි අය නිරෝදායනයට ලක් කර පරීක්ෂාවට ලක් කළ යුතු බව ද ඔහු කියා සිටියි.

වෛරස ප‍්‍රභේදයෙන් බේරීම සඳහා අප්‍රිකානු කලාපයට පමණක් රට වසා දැමීමේ තේරුමක් නැතැයි ද ඔහු පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

83,178 views

21 Comments to “ඔමික්‍රෝන් දැනටත් ලංකාවේ තිබිය හැකියි.. රට වසා දමන්න..- ජොන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ උපදේශක කියයි..”

  1. සුසිත says:

    Mu horek

  2. Agbo says:

    ටික කාලයක් හැංගිලා ඉදල දැන් එලියට ඇවිත්. නොවැම්බර් වෙන විට 30,000ක් ලංකාවේ මැරෙනවා කියපු මිනිහනේ.

  3. Dr sanjay perera says:

    මම කිව්වේ නෑ රට වහන්න ඕන කියලා. මම කීවේ අපට නිසි පරීක්‍ෂණයක්, හුදකලාවක් සොයා ගැනීම සහ දැඩි දේශසීමා පාලනයක් තිබිය යුතු බවයි

    • Kandy Gentlemen says:

      තොට ඕනැනම් ගැනිත් එක්ක ගෙදර දොරවල් වහගෙන ගේ ඇතුලටම වෙලා හිටු. රට වහල දැන් කෙලව ගත්ත හොදටම ඇති. අපි අමාරැවෙන් හරි මේ ප්‍රශ්නෙත් එක්ක ජිවත් වෙන්නම්. මතක ඇතිව තොගේ කටත් වහගනිං ඒ ගමන්ම.

  4. Kumudika says:

    මේ බටහිර සමහර උගතුන් අර ජේවීපී එකේ පන්ති පහට සහබාගී වූඑවුන් වගේ ගිරවු .කොහේන් හරි හදල දුන්නු එකක් කිසිම විචාරයක් නෙතිව කියනවා.ඔය අලුත් වයිරසය පතිරෙන බව අත්ත නමුත් ඕක පාසල් වල හෙම්බිරිස්සාවක් වගේ කියල උගතුන් කියනවා

  5. SuMa says:

    මෙයා අචාර්ය උපාධියක් ගත්තු රස්සාවක් නැති ගිරා පෝතකයෙක්. ඔහේ කියවනවා.

  6. විද්‍යාත්මකවremu says:

    අපේ වෙද මහත්තුරු ඔය ලෙඩෙට කියන්නේ අලි හෙම්බිස්සාව කියලා. මෙයලා දන්නේ රට වහන්න විතරයි.එහෙම උනොත් රට විනාසයි.

  7. සිරා says:

    රට වහලා තොගේ ඇටේද උට්ටෝ මිනිස්සු කන්නේ. 😡

  8. ළූණු බන්දුල (සුදු) says:

    හොර ගෙඩියා, හොරෙන්ම ජෝන්ස් හොප්කින්ස් එකේ උපදේශක උනා නේ.
    යකෝ පාරෙ රස්තියාදු ගහන එවුන්ටත් උපදේශක කම් දෙනවා කියල මන් දැනගන හිටියේ නෑ නේ.

Main News