ඔමික්‍රෝන් ප‍්‍රබේදයට ගුවන් තොටුපලෙන් ඇතුළුවෙන්න කිසිම ඉඩක් නෑ…- ගුවන් සමාගමේ සභාපති

November 29, 2021 at 11:20 am | lanka C news
ඔමික්‍රෝන් ප‍්‍රබේදයට ගුවන් තොටුපලෙන් ඇතුළුවෙන්න කිසිම ඉඩක් නෑ…- ගුවන් සමාගමේ සභාපති

ගුවන්තොටුපල පරිශ්‍රයන්හි ක්‍රියාත්මක කරන සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් හේතුවෙන් නව වෛරස ප්‍රභේදයන් වෙනුවෙන් වෙනස් කිරීමට උවමනාවක් නැතැයි ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති ජී.ඒ. චන්ද්‍රසිරි මහතා සඳහන් කරයි.

දකුණු අප්‍රිකානු කලාපයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත තිබෙන ඔමික්‍රෝන් ප්‍රභේදය ගුවන්තොටුපොළ හරහා ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ කිසිදු හැකියාවක් නැති බවද ඔහු පැවසීය.

නව ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා දැනට ගුවන්තොටුපළේ පවතින ආරක්ෂක උපක්‍රම ප්‍රමාණවත් බව ද සභාපතිවරයා කියා සිටී.

දැනටමත් එම ප්‍රභේදය පැතිරී යන රටවලින් ශ්‍රී ලංකාවට ගුවන් මගින් පැමිණීම තහනම් කර ඇති බවත් කිසිදු පුද්ගලයෙකුට මෙරට ආගමන විගමන අංශ මගහැර පැමිණීමට නොහැකි බවත් ඔහු පැවසීය.

මෙරටට ගුවන් මඟින් ඇතුළු වන සියලු මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට හැකි වන්නේ ඔවුන් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පැය හැත්තෑ දෙකක් ඇතුළත ලබාගත් දී PCR වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසු බවද ඔහු සදහන් කරයි.

සෙසු මගීන්ට අනිවාර්යෙන්ම නිශ්චිත දින ගණනක් නිරෝධායනය වීමට සිදුවන බවත් ඔහු සදහන් කරයි.

ගුවන්තොටුපොළේ දී සිදුකරන පරීක්ෂණවලදී කිසිවකු ආසාදිත යයි හඳුනා ගතහොත් වහාම ආසන්නතම රෝහලකට යොමු කරන බවත් සභාපතිවරයා තව දුරටත් කියා සිටියේය.

18,767 views

22 Comments to “ඔමික්‍රෝන් ප‍්‍රබේදයට ගුවන් තොටුපලෙන් ඇතුළුවෙන්න කිසිම ඉඩක් නෑ…- ගුවන් සමාගමේ සභාපති”

  1. Gamini says:

    Already this in Sri Lanka government is not checking big talk no work

  2. ලියොන් says:

    omicron රටට ඇතුළු වෙන්නේ ටිකට් අරගෙන, පාස්පෝට් පෙන්නලා නෙමෙයි.

  3. tdsolo says:

    පොර ටෝක් දීලා පැතිරුනාම මූ හොයා ගන්නත් නෑ.පස්සේ මුකුත් දන්නෙත් නෑ කිව්වෙත් නැ…………

  4. Omicron says:

    I will come in and show… just wait….

  5. Mahesh says:

    Visa nethnam, passport nethnam, omikrome newe mona krome awath ape custom eken berila ethulata enna denne nehe. 🤣🤣🤣

  6. 0.00069 BIYYO says:

    දැනට ගුවන්තොටුපොළේ ඇති ක්‍රමවෙධය නම්, ගුවන්යානයෙන් බැස ආගමන විගමන කටයුතු අවසන් කර, තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිලදී ගෙන, පහත මාලයේන් බෙල්ට් වලින් තම ගුවන් බැගේජ් එකතු කරගන රේගු අංශය ද පසු කර එලියට (ටැක්සි) අංශයට යන විට සෞඛ්‍ය අංශයේ කවුන්ටර් හමුවේ. එහිදී තම පැය 48 කට පෙර ලබාගත් PCR වාර්තාවේ QR කේතය එම නිලධාරීන්ට ඉදිරිපත් කලයුතුය. එහි නෙගටිව් නම් ගුවන්තොටුපොලිනේ එලියට සාමාන්‍ය පරිදි යාමටත්, පොසිටිව් හෝ වෙනත් ප්‍රශනයක් ඇත්නම් නිරෝධයනයටත් යොමු කෙරේ. නමුත් ලෙඩේ ඇති අයෙක් නම් ඒවනවිට හමුවූ සියලු අයට ලෙඩේ බෝකර අවසන්, ඒ වගේම පය 48 ට ආසන්නයේ දී රෝගය බෝ වූ ය PCR නෙගටිව් එත් ලෙඩේ තියන ය නිදැල්ලේ එලියට. එබැවින් දැනට ගුවන් තොටුපොළේ ක්‍රියාත්මක ක්‍රම්වෙධය තුල කිසිම ආකාරයකින් ඔමික්‍රෝන් ප‍්‍රබේදයට ගුවන් තොටුපලෙන් ඇතුළුවෙන්න කිසිම ඉඩක් නෑ සහතික වීමට හැකියාවක් නොමැත. අනිවාර්යයෙන් PCR නෙගටිව්තු අයට, නිරෝධායනය කර අවසන් දිනයේ PCR පරීක්ෂණයකින් පසු එලිය දැමීම, සැහෙන් දුරට ආරක්ෂාවක් ලබා ගත හැක.

    • Alapaluwa says:

      ඔවු ඔබ හාරි. මොවුන්ට උගන්වලා තිබෙන්නේ වම දකුණ ගමනේ යා වැනිදේ කිරීමටයි.
      කෙසේ මොවුන් ඔයවැනි දේ කියනවාද? Alapaluwa from SA

  7. අබරං ආතා says:

    කලබල නොවනු. මෙතුමා නින්දෙන් ඇහැරැන ගමන් දීපු වොයිස් කටි එකක්.

  8. Nalaka Karunakalage says:

    හමුදාවේ එවුන් සාමාන්‍ය පරිපාලන වැඩ වලට දැම්මම අසාර්තකයි කියල හොදට ඔප්පු වෙන තවත් පොර ටෝක් එකක්.. අර හාල් ඩේට ස්ටොක් ගැන පොරටෝක් දුන්නෙත් මේ වගේ එකෙක් තමයි.

  9. Samantha says:

    සුනාමි එනකොටත් ඔහොම කතාවක් කිව්වා වගේ මතකයි

Main News