ඔමික්‍රෝන් ප‍්‍රභේදය කොරෝනාවෙන් ලෝකයම බේරයි.. WHO වෙතින් ලොවටම සුබ පණිවුඩයක්..

January 16, 2022 at 10:02 pm | lanka C news
ඔමික්‍රෝන් ප‍්‍රභේදය කොරෝනාවෙන් ලෝකයම බේරයි.. WHO වෙතින් ලොවටම සුබ පණිවුඩයක්..

ජූලි අගෝස්තු මාස වන විට කොරෝනා වසංගතය සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාවක් තත්ත්වයට පත්වුණු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකතනය කරයි.

ඔමික්‍රෝන් ප්‍රභේදය සමග ගෝලීය වශයෙන් කොරෝනා රැල්ල උච්ච වීමක් සිදුවී ඇති නමුත් දැඩි සත්කාර ඒකකය ප්‍රතිකාර ලබන්නේ ඉතා සුළු පිරිසක් බව පෙන්නුම් කරමින් සිටී.

මීට ප්‍රධාන හේතුව වන්නේ එන්නත්කරණය සහ එමික්‍රෝන් ප්‍රභේදය විසින් ඩෙල්ටා ප්‍රභේදය යටපත් කිරීමයි.

මේ අතර ඔමික්‍රොන් ප්‍රභේදය සමග කොරෝනා වසංගතය ලෝකයෙන් තුරන් යාමේ යම්කිසි හැකියාවක් ඇතැයි ඖෂධ නියාමන හා සැපයුම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඡන්න ජයසුමන මහතාද සඳහන් කරයි.

එවන් තත්ත්වයකදී සිවුවැනි මාත්‍රාවක් ගැන කතා කළ යුතු යැයි නොසිතන බවද පැවසූ ඔහු නමුත් එවැනි අනපේක්ෂිත තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහාද සැලසුම් ඇති බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ එප්පාවල රජයේ රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවකින් පසු මාධ්‍ය අමතමිනි.

199,173 views

29 Comments to “ඔමික්‍රෝන් ප‍්‍රභේදය කොරෝනාවෙන් ලෝකයම බේරයි.. WHO වෙතින් ලොවටම සුබ පණිවුඩයක්..”

  1. කුඹුක්කණ් says:

    භයානක කම ඉතා අඩු කොරෝනා, භයානක එකක් කරමින් ඩෙල්ටා ලෙස අනුවර්ථනය වීමට අනුබල දෙමින් ලස්සනට තම කාර්යය ඉටුකල එන්නත් කරණය

    තව 4 වන මාත්‍රාවකුත් දීලා ඔමික්‍රොන් වලට
    ඩෙල්ටා වලට එහාගිය ප්‍රභේදයක් දක්වා පුලුවන් නං වෛරසය අනුවර්ථනය කරපල්ලා

    මිත්‍යා දෘෂ්ටික ඇලපොති , වැක්සීන් සමාගම් වලට පදේට නටන හිඟන විද්‍යාඥ හැත්ත.

    තව සම්මාන ගන්නද උඹලා ඔය කියවන්නෙ
    තම්න්ගෙ ලමයින්ට එන්නත් කරනය කරන හැටි , ලයිව් වීඩියෝ දාපං පුලුවන්නං