ඔමික්‍රෝන් ලංකාවට එන්න ඉඩ ඉතාම අඩුයි.. කොරෝනා නැති සංචාරකයන්ට දින 14 නිරෝධායන අවශ්‍ය නෑ..

November 30, 2021 at 12:02 am | lanka C news
ඔමික්‍රෝන් ලංකාවට එන්න ඉඩ ඉතාම අඩුයි.. කොරෝනා නැති සංචාරකයන්ට දින 14 නිරෝධායන අවශ්‍ය නෑ..

ශ්‍රී ලංකාවට ආසන්න කාලයේදී පැමිණි සංචාරකයන් ගෙන් කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබෙන්නේ සියයට දශම එකකටත් වඩා අඩු ප්‍රමාණයක් යැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් අලුතින් සොයාගෙන ඇති වූ ඔමික්‍රෝන් ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ඇත්තේ ඉතා අඩු සම්භාවිතාවක් බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණීමට පෙර සංචාරකයන් පරීක්ෂාවට ලක් කර ඔවුන් ආසාදිතයන් නොවන බව තහවුරු කර ගැනීමෙන් පසු දින දාහතරක නිරෝධායන කාලසීමාවක් පැනවීමේ අවශ්‍යතාවයක් නැති බවද අමාත්‍යවරයා පැවසීය.

ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්ත වී ඇති දකුණු අප්‍රිකානු කලාපයේ රටවල සිට ශ්‍රී ලංකාවට ආසන්න කාලයේදී සංචාරකයන් පැමිණ නැති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

6,410 views

10 Comments to “ඔමික්‍රෝන් ලංකාවට එන්න ඉඩ ඉතාම අඩුයි.. කොරෝනා නැති සංචාරකයන්ට දින 14 නිරෝධායන අවශ්‍ය නෑ..”

  1. Love nature says:

    කියන්නා කෙසේ කීව ද අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බව අපි දන්නෙමු.

  2. Gayan says:

    මෙන්න මූට පිස්සු බලු එන්නත් 10ක් විදින්න එකෙක් නැද්ද , හෆොයි මෙහෙමත් හරක්

  3. සමනල says:

    ඔමික්‍රෝන් ආවත් අපි බය නෑ අපේ සර් ඉන්නවා. නාමල් බේබි ගෙ ඇප් එක මාර ශුවර් ජයවේවා ✌

  4. Pra says:

    If you REALLY want to stop Omicron, then the most scientific way is to quarantine for 14 days with an exit PCR. If no quarantine then at least need to keep all arrivals in a bio bubble till they depart from country or test with PCR.

    At least please do on arrival PCR on everyone who is coming.
    It is ridiculous if you think vaccines will prevent them from carrying Omicron.

    We want action from you all than speeches. That is why you were elected sir.

  5. Samith says:

    ගිය පාර වගේ.. කෙල උනාට පස්සෙ කියපල්ලකො පුලුවන් නම්..කොරෝනා මුහුදේන් පීනන් ආව කියල…

  6. Sarana says:

    2019 අවුරුද්දේ චීනයේ ,වුහාන් වලිනුත් හම්බ වුනේ එකම එක ලෙඩයි. අනේ මෙහෙමත් මී හරක් ඇමතිලා

  7. Sam says:

    අනේ මේ වගේ පොල්බූරුවෝ

  8. Dp says:

    මේවා මහ ගොං වැඩ. මේ තීරණ සෞඛ්‍යය අංශ වලට ගන්න දෙන්න. දේශපාලඥයන් මේවා කරන්න ගියාම නා ගන්නවා. Covid නැති කෙනෙක්ට flight එකේදි ආසාදනය වෙන්න පුළුවන් . ඒත් pcr negative. ඒ මනුස්සයා එළියට ගියාම බෝ කරන එක නවත්තන්න බෑ. අඩුම ගානේ දවස් 10ක් නිරෝධායන ය කිරීම ගැන අවධානය යොමු කරන්න. අස්සයා පැනලා ගියාට පස්සේ වැටවල් හදන්න එපා

  9. lolla says:

    බඩා ගුටි කන්න ලෑස්ති වෙලා හිටපන්

  10. Dp says:

    කථාව ඇත්ත.. මොකද කියන්නේ සිහි බුද්ධියක් තියෙන එකෙක් නෙමෙයි.

Main News