‘ඔයා ස්නායු ලෙඩෙක් නේද.. මං වැඩේ කරල දෙන්නම්… පලපුරුද්දෙන් මං කියන්නේ..’ ජන හමුවකදී සජිත් ලෙඩ බලයි..

January 4, 2021 at 3:27 am | lanka C news
‘ඔයා ස්නායු ලෙඩෙක් නේද.. මං වැඩේ කරල දෙන්නම්… පලපුරුද්දෙන් මං කියන්නේ..’ ජන හමුවකදී සජිත් ලෙඩ බලයි..

ජන හමුවකට සහභාගි වූ කාන්තාවක් දෙස බලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇයට ස්නායු රෝගයක් ඇතැයි කියා සිටියේය.

තමන් මේ බව කියන්නේ තමන්ට ඇති පලපුරුද්දෙන් බවද පැවසූ ඔහු රෝගය සඳහා කොළඹ මහ රෝහලේ වෛද්‍යවරයෙක් යොමු කරවීමට සූදානම් බවද පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සෙල්ලකතරගම ප්‍රදේශයේ දී පැවති විපක්ෂ නායක ජංගම සේවය එක් ජන හමුවකදීය.

45,960 views

39 Comments to “‘ඔයා ස්නායු ලෙඩෙක් නේද.. මං වැඩේ කරල දෙන්නම්… පලපුරුද්දෙන් මං කියන්නේ..’ ජන හමුවකදී සජිත් ලෙඩ බලයි..”

  1. MD says:

    මොකද සජිත් මහත්තයෝ ඔයාට මේ තරම් කැළණියේ නාගයන් ඵක්ක තියෙන වෛරය.ඔයා හිතන් ඉන්නේ ඔයා පැරදුනේ ඵ් දේ නිසා කියලද?එහෙමනම් ඉතින් ඔක්කොටම ඉස්සෙල්ලා තමුන්නාන්සේ ගිහින් ඔලුව චෙක් කරගන්න.පිස්සු හැදෙයි ඔහොම ගියොත්

  2. Boo says:

    සජබයියන්ට මාර ආතල් ලොක්කා දැන් දොස්තර කෙනෙක් නිසා.

  3. මහනුවර අක්‍රම් says:

    මූට තියෙන රෝගය “හීනමානය” නම් වේ….. මේ වගේ එවුන් අතට බලය ගිය විට හැසිරෙන්නේ පිස්සන් සේය….. මුගේ තාත්තටත් ඔය ලෙඩේ සැරටම තිබුණා මතකයි….. මුගේ නම් ඉහටත් උඩින්!

Main News