ඔලිම්පික් ගිණි සිළුව දඹුල්ලේ සිට ගමන් අරඹයි..

June 16, 2017 at 2:06 am | lanka C news
ඔලිම්පික් ගිණි සිළුව දඹුල්ලේ සිට ගමන් අරඹයි..

මේ මස 19-20-21 මහනුවර බොගම්බර ක‍්‍රිඩාංගනයේ දි පැවැත් වෙන මධ්‍යම පළාත් පාසල් ක‍්‍රිඩා උලේ ඔලිම්පිත් පහන දැල්වීමේ ගිනිසිළුව දඹුල්ල නගරයේ සිට මහනුවර බලා රැගන යෑම ඊයේ (15) දඹුල්ල නගරයෙන් ආරම්භ විය.

ගිණිසිලූව රැගන යෑම ආරම්භ කිරිමට මත්තෙන් මධ්‍යම පලාත් අධ්‍යාපන බලධාරින් දඹුල්ල රජමහා විහාරයේ ආගමික වතාවත් වලට සම්බන්ධ විය. අනතුරුව දඹුල්ල ජාතික පාසල් ක‍්‍රිඩාගනය අසලන් ගිණිසිළුව රැගන යෑම ආරම්භ කරනු ලැබීය.

දඹුල්ලට පැමිණි මධ්‍යම පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් එකනායක මහතා නායකත්වයෙන් ආරම්භ වු මෙම වැඩ සටහනේදි දඹුුල්ල ජාතික පාසල අසලින් එහි විදුහල්පති රංජිත් දිසානායක මහතා ගිණි සිළුව රැුගන දඹුල්ල ජාතික පාසලේ ක‍්‍රිඩා නායක නායිකාවන් වෙත ගිණිසිළුව ලබා දුන් අතර ඔවුන් විසින් අද තලකිරියාගම ගලේවෙල මැදබැද්ද හරහා අකුරම්බොඩ ජාතික පාසල වෙත ගෙනයැමට නියමිතය.

16 සිකුරාදා අකුරම්බොඩ මැදි විදුහලේ සිට මාතලේ නගරය වෙතත් අණතුරුව වත්තේගම අධ්‍යාපන කලාපයට ද මහනුවර අධ්‍යාපන කලාපයටද ලෙන යෑමට නියමිතය මෙම ගිණිසුලූවෙන් 19 වන දින බොගම්බර පිටියේදි ඔලිම්පික් පහන දැල්විමට නියමිතයි ආරම්භක අවස්ථාවට මධ්‍යම පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක ගලේවෙල අධ්‍යාපන අධ්‍යක්ෂ වරිය පලාත් ක‍්‍රිඩා අධ්‍යක්ෂ ඇතුළු ක‍්‍රිඩා බලධාරින් ද විද්‍යාල කිපයක විදුහල් පතිවරු ඇතුළු පිරිසක් සම්බන්ධ වුහ.

– මහින්ද දඹුල්ල

71 views
Main News