ඔලිම්පික් ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමයක්..

February 23, 2017 at 2:24 am | lanka C news
ඔලිම්පික් ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමයක්..

ඔලිම්පික් තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමයක් බිහිකිරීමේ මූලික සාකච්ඡාවක් සඳහා ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිසක් සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා මුණ ගැසුනහ.

1948 වසරේ සිට ඔලිම්පික් තරඟ වලදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 75 දෙනෙකු පමන මේ වන විට ජීවත්ව සිටින බවත් ඔවුන්ගේ හා අනාගත ඔලිම්පික් තරඟ වලට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභසාධනය වෙනුවෙන් කටයුතු කිරීම මෙම සංගමය බිහිකිරීමේ මූලික අරමුණක් බව මෙම අවස්ථාවට එක් වූ ප්‍ර‍වීන කීඩක පිරිස අමාත්‍යවරයාට ප්‍ර‍කාශ කළහ.

දැනට හඳුනාගෙන ඇති පරිදි ශ්‍රී ලංකාව නියෝජනය කළ ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරත් බොහෝ පිරිසක් වැඩිහිටියන් වන අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරි ඔලිම්පික් තරඟ සඳහා සංචිත වලට තේරී ඇති තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් බොහෝ පිරිසක් ගම්බද අඩු ආදයම්ලාභී පවුල්වල දරුවන් බව මෙම සාකච්ඡාවට එක්වු ප්‍ර‍වීණයන් සඳහන් කළ අතර මෙම වැඩිහිටි ඔලිම්පික් ක්‍රීඩකයන් හා තරුණ ක්‍රීඩකයන් ගේ සුභසාධනය සඳහා සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශයට මැදිහත් වන ලෙස ද මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

දමයන්ති දර්ශා, ජූලියන් බෝලින්, ශ්‍රියානි කුලවංස, සුගත් තිලකරත්න, රුවිනි අබේමාන්න, පුෂපමාලී රාමනායක, අනුරුද්ධ රත්නායක, යන ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙසේ අමාත්‍යවරයා මුන ගැසුනු ක්‍රීඩක පිරිස වෙති.

අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්, හිටපු ප්‍ර‍වීන මලල ක්‍රීඩකයෙකු හා පුහුණුකරුවකු වන සුනිල් ගුණවර්ධන මහතා මෙම අවස්ථාවට සම්බන්ධීකරණය කළේය.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ අමාත්‍යවරයා හා ජේෂ්ඨ ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මුණ ගැසුනු අවස්ථාවයි.

– සංජය දසනායක

3 views

One Comment to “ඔලිම්පික් ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමයක්..”

  1. Dickie Bird says:

    Okata ara SB karayawath daganna.
    Okath Olympic gihilla Susanthika passe duwapu kenek.
    O’ka pirimi record kadanna bari unata ganu record kadala.

    Ara netti kumariya da kawda kiyala kenekuta kiyala uge lorry munata huj8ja kara gannawalu.
    Eka oota maara safak wela.
    O’ka ara T.M jayaratne ho SLVloggers karaya kiya thibenawa nay…. poddal vimasa balanna.

Main News