ඔවුන් අපේ රජවරුන්ය.. කොන්ද නමා ආචාර කරනු.. එක එල්ලේ නොබලනු.. අත නොගානු.. අපරාධ වරද යටතේ අත්අඩංගුවට..- එඩ්වඩ් කුමරු හා බිරිද වෙනුවෙන් ලාංකිකයනට උපදෙස් මාලාව මෙන්න..

February 2, 2018 at 9:20 am | lanka C news
ඔවුන් අපේ රජවරුන්ය.. කොන්ද නමා ආචාර කරනු.. එක එල්ලේ නොබලනු.. අත නොගානු.. අපරාධ වරද යටතේ අත්අඩංගුවට..- එඩ්වඩ් කුමරු හා බිරිද වෙනුවෙන් ලාංකිකයනට උපදෙස් මාලාව මෙන්න..

70 වන නිදහස් දිනයේ විශේෂ ආරාධිතයෙකු ලෙස මෙරටට පැමිණ සිටින එංගලන්තයේ එලිසබෙත් මහ රැජිනගේ පුත් එඩ්වඩ් කුමරු හා ඔහුගේ ආර්යාව ඉදිරිපිටදී හැසිරීම, ඔවුන් පිලිගැනීම සම්බන්ධයෙන් වන උපදෙස් මාලාවක් යයි සදහන් ලේඛණයක් සමාජ ජාලයන්හි හුවමාරු වෙයි.

බි‍්‍රතාන්‍ය රාජකීයන් පිලිගැනීමේ කමිටුවේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ ‘ඔවුන් අපගේ අවසන් රජවරුන් බවත් එනිසා සෑම විටම ඔවුනට ගරු කරන ලෙසත් දැක්වෙයි.

රාජකීයන්ගේ මුහුණු දෙස එක එල්ලේම නොබලන ලෙසත් රාජකීයයන් ස්පර්ශ කිරීම අපරාධමය වරදක් බවත් එහි සදහන්ය.

රාජකීයන් අසලට යන පිරිමින් කොන්ද නමා ඔවුනට ආචාර කල යුතු බවත් කාන්තාවන් නම් දණහිසින් නැමී ආචාර කල යුතු බවත් තව දුරටත් දැක්වෙයි.

කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කර ඇත්තේ මෙම ලියවිල්ල රජයේ නිවේදනයක් නොවන බවයි. එවන් කමිටුවක් ගැන විදේශ අමාත්‍යංශය දැනුවත් නැති බවත් සදහන් කරයි.

126 views

45 Comments to “ඔවුන් අපේ රජවරුන්ය.. කොන්ද නමා ආචාර කරනු.. එක එල්ලේ නොබලනු.. අත නොගානු.. අපරාධ වරද යටතේ අත්අඩංගුවට..- එඩ්වඩ් කුමරු හා බිරිද වෙනුවෙන් ලාංකිකයනට උපදෙස් මාලාව මෙන්න..”

  1. lion says:

    වර්ෂ 1505ට පෙර ශ්‍රි ලංකාව රාජාණ්ඩුක්‍රමය යටතේ පාලනය වුණු රාජ්‍යක් විය. ලංකා ඉතිහාසයේ රජවරුන් 171 දෙනෙකු පාලනය කර ඇත. අවසානයේ
    අපව හිගන්නන් බවට පත් කලේ පර සුද්දන්ය.

Main News