ඔවුන් අපේ රජවරුන්ය.. කොන්ද නමා ආචාර කරනු.. එක එල්ලේ නොබලනු.. අත නොගානු.. අපරාධ වරද යටතේ අත්අඩංගුවට..- එඩ්වඩ් කුමරු හා බිරිද වෙනුවෙන් ලාංකිකයනට උපදෙස් මාලාව මෙන්න..

February 2, 2018 at 9:20 am | lanka C news
ඔවුන් අපේ රජවරුන්ය.. කොන්ද නමා ආචාර කරනු.. එක එල්ලේ නොබලනු.. අත නොගානු.. අපරාධ වරද යටතේ අත්අඩංගුවට..- එඩ්වඩ් කුමරු හා බිරිද වෙනුවෙන් ලාංකිකයනට උපදෙස් මාලාව මෙන්න..

70 වන නිදහස් දිනයේ විශේෂ ආරාධිතයෙකු ලෙස මෙරටට පැමිණ සිටින එංගලන්තයේ එලිසබෙත් මහ රැජිනගේ පුත් එඩ්වඩ් කුමරු හා ඔහුගේ ආර්යාව ඉදිරිපිටදී හැසිරීම, ඔවුන් පිලිගැනීම සම්බන්ධයෙන් වන උපදෙස් මාලාවක් යයි සදහන් ලේඛණයක් සමාජ ජාලයන්හි හුවමාරු වෙයි.

බි‍්‍රතාන්‍ය රාජකීයන් පිලිගැනීමේ කමිටුවේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ ‘ඔවුන් අපගේ අවසන් රජවරුන් බවත් එනිසා සෑම විටම ඔවුනට ගරු කරන ලෙසත් දැක්වෙයි.

රාජකීයන්ගේ මුහුණු දෙස එක එල්ලේම නොබලන ලෙසත් රාජකීයයන් ස්පර්ශ කිරීම අපරාධමය වරදක් බවත් එහි සදහන්ය.

රාජකීයන් අසලට යන පිරිමින් කොන්ද නමා ඔවුනට ආචාර කල යුතු බවත් කාන්තාවන් නම් දණහිසින් නැමී ආචාර කල යුතු බවත් තව දුරටත් දැක්වෙයි.

කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කර ඇත්තේ මෙම ලියවිල්ල රජයේ නිවේදනයක් නොවන බවයි. එවන් කමිටුවක් ගැන විදේශ අමාත්‍යංශය දැනුවත් නැති බවත් සදහන් කරයි.

221 views

45 Comments to “ඔවුන් අපේ රජවරුන්ය.. කොන්ද නමා ආචාර කරනු.. එක එල්ලේ නොබලනු.. අත නොගානු.. අපරාධ වරද යටතේ අත්අඩංගුවට..- එඩ්වඩ් කුමරු හා බිරිද වෙනුවෙන් ලාංකිකයනට උපදෙස් මාලාව මෙන්න..”

  1. රාහුල මල්ලී says:

    ඔය ලිපියට ඇමණුමක් ලෙසට අපේ එක්තරා දේශපාලන පක්ෂයක වේදිකාවේ නිරත්තරයෙන් ඇසෙන හෙළ ඡාතික අභිමානේ.. වැඩු විරුවන් සේ පොරණේ.. යන ගීතයත්… එසේත් නැත්නම් එම ගීතය අඩංගු සී.ඩී පටියක් ඡනතාව අතරේ නොමිලේ බෙදුවොත් නරකද…?

  2. Kumaru says:

    මේක විහිලුවට හදලා තියෙන එකක්. ලිපිනයක් නෑ. දුරකථන අංක නෑ. අනික එංගලන්තෙත් නැති නීති ලංකාවට කොහෙද?

  3. Sepala says:

    Bloody imperialists who killed thousands of innocent Sinhala people in our country even toddlers. In Uva-Wellassa British army killed tousands of Sinhalese and also animals. And these bloody imperialists who brought down thousands of Indian labourers to work in plantations and to change the demography of Sinhale. And they are the peole who nourish LTTE by providing money and the material. I propose to throw spoiled eggs at them.

  4. these royal weared their wedding with historic sri lankan gems soo proudly. But still they don’t have the invoice for those gems so many years with royal generation.

  5. Rohitha says:

    I feel nauseated. Alas! Our Great Motherland, the country that our great warrior kings protected from foreign invaders and ruled justly for more than 2500 years is now gone to veritable mean dogs, dogs of dogs..

  6. lal Italy Milano says:

    suddanta redda ussala hadapu para ballani apiwapawa nodew, umbalage ambudaruwan deepan unta sapavindinna.

  7. බකලදාස says:

    නියම පචයක් මේක!
    බ්‍රිතාන්ය තානාපති කාර්යාලෙත් කලබල වෙලා!

    🙂

  8. අනද්රෙව් says:

    මෙම ලිපියේ ඇති කරුණු සත්‍යයි. මෙය රාජකීයන් සමග සාමාන්‍ය පුද්ගලයින් හැසිරන ආකාරය දක්වන ලිපියකි. නමුත් මෙහි කරුණු සියල්ලක්ම එලසින් කල යුතුද යන්න පැහැදිලි නැත. එංගලන්තයේ රජ මැදුරට යන අය මේ කරුණු පිලිපදියි.
    නිකන් කෑ ගැහුවට වැඩක් නෑ .

  9. andrew says:

    මෙම ලිපියේ ඇති කරුණු සත්‍යයි. මෙය රාජකීයන් සමග සාමාන්‍ය පුද්ගලයින් හැසිරන ආකාරය දක්වන ලිපියකි. නමුත් මෙහි කරුණු සියල්ලක්ම එලසින් කල යුතුද යන්න පැහැදිලි නැත. එංගලන්තයේ රජ මැදුරට යන අය මේ කරුණු පිලිපදියි.

  10. duminda says:

    lowama dinu apae janapathigae raajakeeya amuththann pili ganimu…..

Main News