ඔස්ටින් ප‍්‍රනාන්දු බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් ධුරයට පත් නොකරයි.. තනතුරට කාන්තාවක් නම් කරයි..

June 17, 2018 at 11:20 am | lanka C news
ඔස්ටින් ප‍්‍රනාන්දු බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් ධුරයට පත් නොකරයි.. තනතුරට කාන්තාවක් නම් කරයි..

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමට නියමිත යයි පලවන වාර්තා සත්‍යයෙන් තොර බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් සදහන් කලේය.

දැනඩ පුරප්පාඩු වී ඇති ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර සදහා කාන්තාවක් පත් කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බවද ඔහු පැවැසීය.

ඒ සදහා වූ නිල කටයුතු අවසන් වූ පසු ඉදිරි දින කිහිපය ඇතුලත අදාල පත් කිරීම සිදුවනු ඇතැයිද ඔහු වැඩි දුරටත් කීය.

බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර දැනට මාස කිහිපයක් තිස්සේ පුරප්පාඩු වී ඇත.

132 views
Main News