ඔස්ටි‍්‍රයා තානාපති ආපසු කැදවීමට හේතුව හෙලි වී.. ජනපතිගේ දුරකතන ඇමතුමට පිලිතුරු දීලා නෑ…

September 16, 2018 at 3:50 pm | lanka C news
ඔස්ටි‍්‍රයා තානාපති ආපසු කැදවීමට හේතුව හෙලි වී.. ජනපතිගේ දුරකතන ඇමතුමට පිලිතුරු දීලා නෑ…

සිය දුරකතන ඇමතුම් සඳහා අවස්ථා කිහිපයකදීම ප්‍රතිචාර නොදැක්වූ ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති මෙන්ම තවත් පස් දෙනෙක් වහාම නැවතත් ශ්‍රී ලංකාවට කැඳවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

මෙසේ ශ්‍රී ලංකාවට කැඳවා ඇත්තේ වියනා නුවර රාජකාරී කළ ප්‍රියාණි විජේසේකර මහත්මිය ඇතුළු පිරිසකි. පසුගිය සතියේදී ජනපතිවරයා ඔස්ට්‍රියාවේ තානාපති කාර්යාලයට අවස්ථා ගණනාවකදීම දුරකතනය ඔස්සේ කථා කිරීමට උත්සාහ කළත් පැය කිහිපයක්ම ඒම කාර්යාලයේ නිලධාරීන් දුරකතනයට ප්‍රතිචාර දක්වා නොමැත.

විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා නොගොස් ජනපතිවරයාම සෘජුවම වියනා තානාපති කාර්යාලය සම්බන්ධ කර ගැනීමට කටයුතු කිරීමට හේතුව කුමක්දැයි වාර්තා නොවේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයද නිලධාරීන්ගේ නැවත කැඳවීම තහවුරු කර ඇතත් එයට හේතුව පවසා නොමැත.

– NDTV/ADA

25 views

6 Comments to “ඔස්ටි‍්‍රයා තානාපති ආපසු කැදවීමට හේතුව හෙලි වී.. ජනපතිගේ දුරකතන ඇමතුමට පිලිතුරු දීලා නෑ…”

  1. Gayantha says:

    Samahara ewun thanapathi kama aran fun ekai innawa waidak nokara. Ara pissu asp liyanageth genna ganna

  2. Aurora says:

    Shi don’t respect to president. She respect only UNP leaders or Sirikotha officers. President you are too late now.

  3. CB says:

    ලොක්ක කාගෙන්වත් ඇහුවද දන්නෙ නැහැ call කරන්න කලින් එහෙ වෙලාව කීයද කියල …

  4. Niru says:

    Do we need an embassy in Austria ?

  5. ගලබොඩ අත්තේ චමින්ද says:

    ඔෆිස් වහපු වෙලාවේ ගන්න ඇති. මතකනේ පාකිස්තානේ නවාස් ෂරිෆ් ගැන කිවුවා. ඒ වගේ වෙලාව මතක නැති කේස් එකක්.

  6. Asitha says:

    Sirisena.Now nobody takes you seriously as we all know what a joker you are. May be the call was to find out whether cashew is served in Sri Lankan flights tio Vienna..