යහපාලන ටොප් ටෙන් හොරු තෝරපු විදිහ වැරදියි.. එහෙම ඔට්ටු නෑ..

March 3, 2017 at 7:06 am | lanka C news
යහපාලන ටොප් ටෙන් හොරු තෝරපු විදිහ වැරදියි.. එහෙම ඔට්ටු නෑ..

කළුතර දිස්ත්‍රික්කයේ ඖෂධ ශාලා හිමියන් සහ ඖෂධවෙිදීන් දැනුවත් කිරීමෙි රැස්වීමක් කළුතර “රෝලන්ඩි” උත්සව ශලාවෙි දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධෘනත්වයෙන් පැවැත්විනි. මෙම රැස්වීම සමස්ත
ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය විිසින් සංවිධානය කර තිබුනි.

මෙම රැස්වීම අමතා අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “විවිධ දර්ශණ තිඛෙන්නේ පක්ෂවල නොවෙයි. නායකයින් වෙනස් වනවිට දර්ශණයත් වෙනස් වෙනවා. මම අවශ්‍ය වෙලාවට පක්ෂය තෝරා ගන්නවා හන්දිගානේ කෑ ගසමින් බලය ලබාගන්න බැහැ. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත්තත් අපේ රට පිළිගත්තේ නැහැ. වර්තමානයේ ඖෂධ ගැන නොදන්නා මැණික් ගරපු පුද්ගලයින් ද ඖෂධ ගැන ප්‍රකාශ නිකුත් කරනවා. ඒකාබද්ධ විපක්ෂයේ සිටින මෙම පුද්ගලයින් ඖෂධවෙිදය ගැන ජනතාවට කරුණු කියනවා. පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ගැන ඉංග්‍රීසියෙන් කියන්නවත් ඒ මන්ත්‍රී තුමා දන්නේ නැහැ. හැබැයි ඖෂධ වල ගුණ අගුණ කියනවා. එහෙම කියන්නේ ඖෂධ සමාගම්වල වුවමනාව මතයි. ඖෂධ වෙළෙදාමෙි යෙදෙන පුද්ගලයින් දන්නවා එහි භයානකකම ගැන. ඖෂධ මිල අඩු කිරීම සහ දුම්කොළ සදහා බදු පැනවීමෙන් පසු මාර හමුදාව වගේ මට පහරදීමට එනවා. නමුත් ජනතාවගේ මුදල් කොල්ලකන්න, ජාවාරම් කරන්න මම ඉඩ දෙන්නේ නැහැ.

පිළිකා ඖෂධ සදහා දෙවන ඖෂධයක් රුසියාවෙන් ආනයනය කිරීම පිළිබදව ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. මෙහි ඇත්ත තත්ත්වය ඔවුන් දන්නේ නැහැ. මෙම ඖෂධය ආනයනය කිරීමෙන් රුපියල් මිලියන 700 ක් ඉතිර කර ගැනීමට අපට හැකි වුනා. එහෙම ඉතිරිකර ගත්ත එක වැරදියි කියලා ඔවුන් අල්ලස් කොමිසමට යනවා. ඔිනෑම කොමිසමකට යන්න ඔවුන්ට පුළුවන්. එහි ආරක්ෂක අංශයත් යන්න ඉඩදෙනවා. ඒ වගේම පැමිණිලිත් බාර ගත්නවා. හැබැයි මහාපරිමාන දුෂණ වංචා සිදු කළ පුද්ගලයින් තමයි ටොප් 10 කවුද කියලා තීන්දු කරන්නේ. එම තීන්දුකරුවන්ගේ දුෂණ වංචා ගැන බිරින්දෑවරු අධිකරණයේ දී කරුණු හෙළිකර තිඛෙනවා. අනගාරික ධර්මපාලතුමත් එදා ප්‍රකාශ කළා ලංකාෙවි නැවත ඉපදෙන්න එපා කියලා. මෙහෙම පුද්ගලයින් එදත් සිටින්න ඇති. ඖෂධ ජාවාරම නතර කරන්න, ඊට මුහුණ දෙන්න මම සුදානම් මගේ පිටුපස හමුදාවක් වගේ සිටිමින් ඔසුසල් හිමියන් ඊට උදවු කරනවා.” යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

0 views

4 Comments to “යහපාලන ටොප් ටෙන් හොරු තෝරපු විදිහ වැරදියි.. එහෙම ඔට්ටු නෑ..”

  1. හිනාවෙන්ට තැනක් කියාපියෝ says:

    “මගේ පිටුපස හමුදාවක් වගේ සිටිමින් ඔසුසල් හිමියන් ඊට උදවු කරනවා”
    ජාවරන් කරුවෝ ටිකම මූට උදව් කරනවා කියන්නේ, ජාවාරම නවත්තන්න​.

  2. chatura says:

    අපිත් කියන්නෙ ඒක වැරදියි කියල තමයි.නොම්මර එකට එන්න ඕන එකාව නොම්මර දහයට දාපු එක හරිම වැරදියි??

  3. සිසිර says:

    සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත්තත් අපේ රට පිළිගත්තේ නැහැ….. මොන බොරුවක් ද? .සේනක බිබිලෙ මරා දැමුවේ මේ සංවිධානය අය තමා . ඉතිහාසය වෙනස් කරන්න එපා

  4. Nareen says:

    Ai eyata obe nama nathi nisaada?

Main News