ඔළුව පාත් කරන කාලෙ ගියා.. ජනාධිපති එය දැනගත යුතුයි..- අගරදගුරු

October 27, 2021 at 12:02 am | lanka C news
ඔළුව පාත් කරන කාලෙ ගියා.. ජනාධිපති එය දැනගත යුතුයි..- අගරදගුරු

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනිගැනීම හේතුවෙන් අපවිත්‍ර වූ සරුක්කුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ ප්‍රමාදය ගැන සොයා බැලීමට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් (26) එම ස්ථානයට පැමිණියහ.

දැඩි ලෙස අපවිත්‍ර වී ඇති සරක්කුව වෙරළ තීරය කාදිනල් හිමියන් පැමිණීමට පෙර කිසියම් පිරිසක් පිරිසිදු කර තිබූ අතර එම අවස්ථාවේ එහි සංවාදාත්මක තත්ත්වයක් හට ගෙන තිබිණ.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් මේ ස්ථානයට පැමිණියේ, එම සංවදාත්මක තත්ත්වයෙන් අනතුරුවයි.

එම ස්ථානයට පැමිණි කාදිනල් හිමියන් රජයෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, ‍නැව ගිනි ගැනීමෙන් රටට වූ හානිය පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් කරන ලෙසයි.

”මේක අපේ රට නැව් සමාගම්කාරයො යන්න යයි. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ, ජනාධිපතිතුමාගනේ ඉල්ලා සිටින්නේ මේ රටට හානියක් වුණ මේ සිද්ධිය පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් කළ යුතුයි. ඇයි මේ නැව දවස් ගණන් ගිනිගන් න ඉඩ තිබ්බෙ? ඇයි ඒ වෙලාවෙම නැව් එළියට ඇදගෙන යන සමාගම් සමග කතා කරලා ඒකට පිළියම් යොදන්න බැරි වුණේ? ඒවා ගැන විමර්ශනයක් කරන්න.. මම නඩුවකුත් දාලා තියෙනවා. මේ ධීවර ජනතාව වෙනුවෙන් දඩ මුදල් ඉල්ලලා මේ පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත්ව ඉෂ්ඨ කරන්න”

තව ද නැව ගිනි ගැනීමෙන් ධීවර ජනතාවට විශාල පාඩුවක් සිදුව ඇති බවත් රටේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට ජනාධිපතිතුමා ද දැනගත යුතුව ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

අදාළ සමාගමට සහ ඉන්ෂූවරන්ස් සමාගමට එරෙහිව මෙම නඩුව ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙන යා යුතු බව අවධාරණය කළ උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ, ඒ සඳහා ජනතාව හඬ නැගිය යුතුව ඇති බවයි.

”අපේ රට ස්වාධීන රටක්. ජනාධිපතිතුමත් ඒක දැනන්න ඕන . ස්වාධීනත්වය අපේ ස්වෛරීත්වය ආරක්ෂා කරන්න ඒ වෙනුවෙන් කතා කරන්න. එයාලා වෙනත් රටකට ගිහින් මේ වගේ දෙයක් කළොත් ඩොලර් බිලියන ගණන් ගෙවන්නෙ, මේක දැන් සාකච්ඡා කරලා වැඩක් නෑ. දැන් අපි බලපෑම් කරන්න ඕන. ජනතා හඬ නැගීම කරන්න ඕන. ධීවර ජනතාව හඬ නගන්න ඕන. කරුණාකරලා ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න කියලා මේ නඩුව කොම්පැනියට හා ඉන්ෂූවරන්ස් සමාගමට විරුද්ධව එයාලා මේ අපිට බලපෑම් කරලා නිලධාරීන්ට බලකරවලා සොච්චමක් දීලා බේරෙන්න ඒගොල්ලන්ට ඉඩ දෙන්න බැහැ. මේක අපේ රට”

– NEWS1ST

62,022 views

38 Comments to “ඔළුව පාත් කරන කාලෙ ගියා.. ජනාධිපති එය දැනගත යුතුයි..- අගරදගුරු”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    මේ කාඩිනල් නම් කුමන්ත්‍රනකාරයා වහාම අත්අඩංගුවට ගන්න.

  2. Sumathi says:

    අහිංසකයන්ගේ ලේ මතින් ආපු ආණ්ඩුවට එරෙහිව වෙඩි මුරය

  3. Dr Rasika says:

    මේකා හිතනවා ඇති සුද්දා තාම මේරට පාලනය කරනවා කියලා . පල්ලි හදන්න බලෙන් සුද්දාගේ කාලේ අල්ලගත්තු ඉඩම් ආපහු රජයට ගන්න. දළදා මාලිගාවේ යාබද පල්ලිය හැදුවේ බලෙන්

  4. John the baptice says:

    රටවල් දෙකකට පුරවැසිබාවය තිබෙන අයට මේ රට ගැන මොන කැක්කුමක්ද?

  5. Ranil says:

    Yako muta Giya anduwnat thibanathi sara dan thiyanawane. True coloures come out

  6. Disce ammata discede says:

    කහ රෙදි මදිවට සුදු ලෝගුත්.

Main News