ඔිපනායක කොරෝනා ආසාදිතයින් 8 ක්… 407 ක් නිරෝධායනයට…

January 4, 2021 at 8:40 am | lanka C news
ඔිපනායක  කොරෝනා ආසාදිතයින් 8 ක්… 407 ක්  නිරෝධායනයට…

ඔිිපනායක හුණුවල වත්ත ප්‍රදේශයේ කොරෝනා වෛරස අාසාදනය වි ඇති පුද්ගලයින් අට දෙනෙකු හදුනා ගැනිමත් සමග ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් ලෙස පවුල් 97 ක සාමාජිකයින් 407 දෙනෙකු ස්වයං නිරෝධායනයට යෙමු කිරිමට කටයුතු කල බව ඔිපනායක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කියයි.

පසුගියදා රක්වාන ප්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වි පැමිණි පුද්ගයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 30 දෙනෙකු අතර සිදුකල කල පි. සි.ආර් පරික්ෂණවලදි කොරෝනා වෛරස අාසාදනය වි ඇති ආසාදිතයින් අටදෙනෙකු මෙලෙස තහවුරු වි ඇත.

එහිදී හදුනාගෙන ඇති ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් වන පවුල් 97 ක පුද්ගයන් 407 දෙනෙකු මෙලෙස නිවෙස්වල ස්වයං නිරෝධායනයට යෙමු කර ඇත.

– සමිපත් ප්‍රියනන්දන සහ  නාලක ජේ හෙට්ටිආරච්චි

5,569 views