ඕනෑම පුරවැසියෙක්ට එක් නිවසකට වැඩි ගණනක ජීවත්වීමටත් කැමති ප්‍රදේශයේ ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචිවීමට අයිතියක් ඇත…- බදියුදීන්

January 16, 2021 at 4:40 pm | lanka C news
ඕනෑම පුරවැසියෙක්ට එක් නිවසකට වැඩි ගණනක ජීවත්වීමටත් කැමති ප්‍රදේශයේ ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචිවීමට අයිතියක් ඇත…- බදියුදීන්

දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් අවතැන්ව සිටින ජනතාව උපන් ගම්බිම්වල ඡන්දහිමි නාම ලේඛනවල ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් සමස්ත ලංකා මහජන කොග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ.

එම ලිපියේ මෙසේද සඳහන්, දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් පීඩාවට පත්ව අවතැන්වූ ජනතාව, යුද්ධය අවසන් වීමෙන් පසු 2009 වසරේ සිට ඔවුන්ගේ උපන් ගම්බිම් පිහිටි මන්නාරම දිස්ත්‍රික්කයේ යළි පදිංචියට පැමිණිම ඇරඹූහ. එම ජනතාව ස්ව කැමැත්තෙන් මුල් ගම්බිම්වල පදිංචිව වුවද, එම ප්‍රදේශවල යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි මේ දක්වා සංවර්ධනය නොවීම නිසා, එම ජනතාවට අයත් පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස වලද ඔවුන් තාවකාලිකව පදිංචිව සිටිති. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ඇතුළු පෙර පැවති මැතිවරණ කිහිපයකදී පොකුරු ඡන්ද මධ්‍යස්ථාන ඇති කර උතුරු පළාතේ ඡන්දදායකයන් ලෙස පුත්තලම දිස්ත්‍රික්කයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමට පහසුකම් සපයා තිබිණ.

එහෙත් මෙවර ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේදී උතුරු පළාතේ ඡන්දදායකයන්ගේ නම්, ඡන්ද නාම ලේඛනවලින් ඉවත් කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර තිබෙන බවක් දැන ගැනීමට ඇත. එයට හේතුව ලෙස එම ඡන්දදායකයන් පදිංචිවී සිටින්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ බව සඳහන් කර තිබේ. උතුරු පළාතේ පදිංචි ජනතාවට තම මුල් ගම්බිම්වල ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අහිමි කිරීම යුක්ති සහගත නොවන බවත්, මූලික මානව අයිතිවාසිකම් කඩවීමක් බවත්, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මැතිවරණ කොමිසම වෙත යැවූ ලිපියේ සඳහන්.

ඕනෑම පුරවැසියෙක්ට එක් නිවසකට වැඩි ගණනක ජීවත්වීමට සහ ඔවුන් කැමති ප්‍රදේශයේ ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචිවීමට අයිතියක් තිබේ. එය ඡන්දහිමියාගේ අභිමතය සහ කැමැත්ත පරිදි තීරණය විය යුතුය. එමෙන්ම එය නීතිමය අයිතියකි. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපතිවරු වන මෛත්‍රීපාල සිරිසේන, චන්ද්‍රිකා බණ්ඩාරණායක යන මහත්ම මහත්මීන් කොළඹ පදිංචිව සිටියද, ඔවුන් ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචිවී සිටින්නේ හම්බන්තොට, පොළොන්නරුව සහ ගම්පහ දිස්ත්‍රික්කවලදීය.

එබැවින් තමන්ට නිවසක් තිබෙන ස්ථානයක සිය ඡන්දය ලියාපදිංචි කිරීම පුරවැසියන්ගේ අයිතියකි. යුද්ධයෙන් අවතැන්ව සිටි ජනතාව යළි මුල්ගම්බිම්වල පදිංචි වී සිටියද එම ප්‍රදේශවල මූලික යටිතල පහසුකම් නොතිබීම නිසා ඔවුන් පුත්තලම දිස්ත්‍රික්කයේද පදිංචිව සිටින බව මැතිවරණ කොමිසමට දැනුම් දී එම ඡන්දහිමියන් සම්බන්ධයෙන් තීරණ ගෙන තිබුණද, මන්නාරම දිස්ත්‍රික්කයේ සහකාර මැතිවරණ කොමසාරිස්තුමා විසින්, නාම ලේඛනවලින් ඡන්ද හිමියන් 7,727 දෙනෙකුගේ නම් ඉවත් කර තිබෙන බව දැන ගැනීමට ඇත.

ඒ අතර මන්නාරම නගර ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ඡන්දහිමියන් 2,618 දෙනෙකු, මුසලි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඡන්දහිමියන් 3,452 දෙනෙකු, මන්තායි බටහිර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඡන්දහිමියන් 1,217 දෙනෙකු, නනාට්ටාන් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඡන්ද හිමියන් 457 දෙනෙකු, මන්නාරම නගර සභා බල ප්‍රදේශයේ ඡන්දහිමියන් 342 දෙනෙකුගේ නම් ඡන්දහිමි නාම ලේඛනයෙන් ඉවත් කර තිබෙන බවත්, එමගින් එකී ජනතාවට අසාධාරණයක් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මැතිවරණ කොමිසමට යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

– Media unit

26,288 views

16 Comments to “ඕනෑම පුරවැසියෙක්ට එක් නිවසකට වැඩි ගණනක ජීවත්වීමටත් කැමති ප්‍රදේශයේ ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචිවීමට අයිතියක් ඇත…- බදියුදීන්”

  1. බණ්ඩාර says:

    තිස්‌ අවුරුදු යුද්දය හරහා මේවනවිට  රටෙන් 1/3 වන උතුරු නැගෙනහිර පළාත් වාර්ගික ශුද්ධකරණයකට ලක්කොට එහි  පාර්ලිමේන්තු  නියෝජනය  ඉතා  ෂුකෂම ලෙස සුළු ජාතීන් විසින් කොල්ලකා  ඇත.  පලවාහරින ලද සිංහල  ජනයා .නැවත පදිංචිකිරීම NGO නඩ  හා ජාත්‍යන්තරය සමග එකතුව  දිගින් දිගටම අහුරා ඇත. එසේම යුධ අනාථයන්ලෙස රටේ අනිත් ප්‍රදේශවලට සංක්‍රමණයවු පිරිස් ඒවායේ ස්ථිර පදිංචිවී උ /නැ  පළාත්වලින් පිට ජන්ද කොට්ඨාශතුලින් අතිරේක නියෝජනයක්‌ කුමන්ත්‍රණකාරි ලෙස ලබාගෙන ඇත. පසුගිය දශකකීපයේ බොහෝවිට පාර්ලිමේන්තුවේ බලය  සුළු ජාතික ජාතිවාදීන් පිරිස්විසින් සූක්‍ෂම ලෙස අත්පත්කරගෙන තිබිණි.එක් ජන්ද කොට්ඨාසයකින් තවත් ජන්ද කොට්ඨාසයකට පුද්ගලයෙකු සංක්‍රමණයවීමේදී ඔහුට  හෝ ඇයට නව ජ/කොට්ඨාසයේ ජන්ද බලය ලබාගත හැක්කේ ඒම කොට්ඨාස දෙකේම ජන අනුපාතයට බලපෑමක් සුදුනොවන ලෙස නීති දම්පාදනය කල යුතුය.  30 අවුරුදු යුද්ධය නිසා බලහත්කරිලෙස සිදුවූ කෘතීම සංක්‍රමණය වීමක් සිදුවී ඇති නිසා මෙය ඊට  පෙර එනම් 1981 ජන සංගණනයට අනුකුලව එම  වසරේ සිට බලාත්මක කලයුතුය. 

  2. මේ සිංහල බවුද්ද රට, තවත් එක් අරාබි ගනයේ කොලනියක් බවට පත් කරගන්න තියන හොදම
    මාවතේ තමයි උඹ ඔය යන්නේ.ලංකාවේ පලාත් හතකින් ගෑනු 07 දෙනෙක්, කසාද බැදලා,පලාත් 07 ක පදිංචිය තහවුරු කොරලා, මුස්ලිම් පැටවු රොත්තක් හැදුවම , උඹලා දිනුම් කියලයි හිතන්නේ. කපන්න ඕනෑ තොපේ කොන විතරක් නොවේ ! සම්පූර්න පිරිමි අග! අපි ගෝටාබය ගෙනාවේ ,තොපේ ජාතිවාදය පරදන්න මිස, කිරිපොවන්න නොවෙ!

  3. NAK says:

    තමන්කැමති තැනක පදිංචි වෙන්නත් පුලුවන් කැමති තැනක ඡන්දයට ලියාපදිංචි වෙන්නත් පුලුවන් හැබැයි චන්දදායකයන් ප්‍රවාහනය තහනම්

Main News