ඕනෑම මතුපිටක කොරෝනා වෛරස..- කොළඹට උපරිම අවදානම දැනුම් දේ..

November 16, 2020 at 10:52 pm | lanka C news
ඕනෑම මතුපිටක කොරෝනා වෛරස..- කොළඹට උපරිම අවදානම දැනුම් දේ..

අද පවතින තත්ත්වය යටතේ කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශ තුළ ඕනෑම මතුපිටක ඕනෑම අවස්ථාවක කොරෝනා වෛරසය පැවතිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

වෙළඳ පොලෙන් මිලදී ගන්නා ඕනෑම භාණ්ඩයක්, ආහාරයක් ස්පර්ශ කල පසු අනිවාර්යෙන්ම දෑත් සෝදා ගන්නැයිද ඔහු ජනතාවට දැනුම් දෙයි.

එසේ කළහොත් පෘෂ්ඨයන් හරහා වෛරසය පැතිරීම වළක්වා ගත හැකි බවද ඔහු පෙන්වා දෙයි.

ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදීය.

49,158 views

5 Comments to “ඕනෑම මතුපිටක කොරෝනා වෛරස..- කොළඹට උපරිම අවදානම දැනුම් දේ..”

  1. උපේන්ද්‍ර says:

    නෑ…. නෑ… තවම සමාජගත වෙලා නැහැ. කිව්වම අහන්නකෝ, අපේ බුද්ධි අංශ සහ ළමා ඩ්රෝන රෙජිමේන්තුව විමසිඉලෙන් ඉන්නේ – මිට ක්‍රීඩා තේරිම්කමිටු සභාපති, කොවිඩ් කාර්යසාධන සභාපති, විනයගරුක සමාජය නිර්මානයකිරීමේ ජනපති බලකායේ සභාපති සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා තුමා

  2. කැලණියේ කුඩු අජිත් says:

    අපිට උනෙත් ඔය ටික තමා. මාළු මාකර්ට් එකේ සල්ලි වලින් තමයි හැදුනේ. මාළු ෆ්‍රිජ් එකේ දාගෙන කාපු නිසා මාළු වලත් තියෙන්න ඇති. මාළු මකර්ට් එකේ වැඩ කරන උන් හැමතැනම කෙල ගහනවා. මාළු වලත් කොරෝනා අනිවාර්යෙන්.
    මමත් ඉතින් හැදුනට පස්සේ හතර වටේම කෙල ගහලා අනිත් අයටත් බෙදලා දුන්නා. කොයි දෙත් තනියම භුක්ති විඳින්න හොඳ නැහැනේ.

  3. ක්‍රිමිනල් says:

    ඔච්චර කරදර වෙන්නේ නැතිව හැමෝම එක දිගට සතියක් පකනිල් බිවුව නම් වැඩේ ඉවරයිනේ.
    කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එක යැ.

  4. ගමරාළ says:

    මෙම කරැන විශේෂයෙන් ම කොලපාට සුපිරි වෙළඳ සැලෙන් බඩු ගන්න උදවිය මතක තබා ගතයුතු කරැනක්, මොකද එයාලගේ කොළඹ නගරය තුල පිහිටුවා තිබෙන ශාකා වල කරන ලද PCR පරික්ෂණ වලින් බොහොදෙනෙක් ආසාදනය ව් ඇති බව තහවුරු වුනත් මොවුන් එම වෙළඳ සැලේම සේවකයන් හෝ ඒ ආසන්නයේ ඔවුන්ගේ වෙනත් ශාකා වක සෙවකයන් යොදවා ඊට පසු දිනද වෙළෙඳාම සදහා වෙළඳ සැල විවෘත කර තබනු ලැබේ (ආශ්‍රිත යන් නිරොදායනය නොකරන මොවුන් තම පාරිභෝගිකයන් හො Covid නිති පිළිබඳ ව කිසිම තැකිමක් නොකෙරේ. එම නිසා තමා තමන්ගේ ආරක්ෂාව සළසාගන්න.

  5. Upali Samarajeewa says:

    This kind of information was available in March this year and there were videos advising people to keep grocery in the car for a day or two, clean outside of food cartons with sanitizing papers. People including us followed it. The habits disappeared with time. Looks like Sri Lankan experts get information months later !!!!

Main News