ඕමන්තේ දෙපිරිසක් අතර ගැටුමක්.. යතුරු පැදි ගිනි තියයි.. අයෙකු අත්අඩංගුවට.. දෙදෙනෙකු රෝහලේ..
April 7, 2019 at 8:40 am | lanka C news
වවුනියාව ඕමන්ත ප්රදේශයේ තරුණයින් දෙපිරිසක් අතර ඊයේ (06) දින ඇති වූ ගැටුමකදී දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කල බවටත් එක් අයෙකු අත්අඩංගුවට ගත් බව ඕමන්ත පොලීසිය පවසයි.
ඕමන්ත සින්න පුදුකුලම් මාර්ගයේ තරුණයින් දෙපිරිසක් අතර බහින් බස්වීම දුර දිග යාම හේතුවෙන් පහරදී ගැනීමක් සිදුව ඇති අතර අදාල පහරදීගැනීම අතර තුර තවත් පිරිසක් විසින් යතුරුපැදි දෙකකට ගිනි තැබීම හේතුවෙන් එම යතුරු පැදි දෙකම සම්පූරණයෙන්ම ගිනිගෙන විනාහ වී ඇත.
අදාල පහරදීගැනීමෙන් තරුණයින් දෙදෙනෙකු වව්නියාව රෝහලට ඇතුලත් කල අතර ඉන් එක් අයෙකු ඕමන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
ඕමන්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂඛ සුරේස්ද සිල්වා මහතා ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අද (07) දිනයේදී අදාල ගැටුමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි පිරික්ෂණයක් අරඹා ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ