ඕමන්තේ බස් වෑන් අනතුරකින් 5ක් මරුට.. 20ක් රෝහලේ.. බස්-වෑන් දෙකටම ගිනි…

February 24, 2020 at 3:23 am | lanka C news
ඕමන්තේ බස් වෑන් අනතුරකින් 5ක් මරුට.. 20ක් රෝහලේ.. බස්-වෑන් දෙකටම ගිනි…

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේ ලංගම බස් රථයක් හා වෑන් රථයක් (23) රාත්‍රියේ මුහුණට මුහුණ ගැටීමෙන් 5 දෙනෙකු මිය ගොස් තවත් 20 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවට ඕමන්ත පොලීසිය පවසයි.

කොළඹ සිට යාපනය පේදුරුතුඩුව දක්වා ගසමන්ගත් ලංගම බස් රථය ඕමන්ත ප්‍රදේශයේදී වෑන් රථයේ ගැටී ඇති අතර වෑන් රථයේ ගැටීමෙන් වෘන් රථය ගිනිගෙන පසුව බස් රථයටද ගින්න ඇවිලී ඇති අතර අනතුර හේතුවෙන් එම ස්ථානයේදීම සිව් දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් අයෙකු වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

අනතුර සිදුවීමෙන් පසුව වෑන් රථයට හා බස් රථයට ගිනිගෙන ඇති අතර ප්‍රදේශවාසීන් කියා සිටියේ කිසියම් පිරිසක් විසින් ප්‍රකෝපකාරීව බස් රථයට හා වෑන් රථයට ගිනි තබා ඇති බවටය.

අනතුරින් වෑන් රථයේ සිටි පිරිස් මිය ගොස් ඇති බවට ඕමන්ත පොලීසය පවසයි.

බස් රථයේ හා වෑණ් රථයේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා වව්නියාව නගරසබා ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න නිවා දැමීමට පියවර ගත්තද ඒ වන විටත් බස් රථය හා වෑණ් රථය සම්පූරණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.

අනතුරට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර අනතුරින් තුවාල ලැබූවන් වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ඇති අතර බස් රථයේ හෝ වෑණ් රථයේ අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පරික්ෂණ සිදු කරන ඕමන්ත පොලීසිය සැක පල කර සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

22,820 Viewers

6 Comments to “ඕමන්තේ බස් වෑන් අනතුරකින් 5ක් මරුට.. 20ක් රෝහලේ.. බස්-වෑන් දෙකටම ගිනි…”

  1. Samantha says:

    Inactive police is responsible

    • john says:

      The police is dumb or blind towards maintaining Traffic rule basics. Overtaking from all directions, Not using signal lights and side mirrors, no practice of keeping to lanes, no discipline in entering from side roads to main roads or main roads to side roads, no knowledge on purpose of U turn, no knowledge on purpose of parking only on the moving direction… These are the basics.. Police don’t have any clear plan or deadline to establish these rules. They only count the number of accidents or deaths and take new decisions accordingly. But between death and life there are many road crimes taking place every second for which police have no ability to track or note. Just look how SLTB drivers go on road rage, no second to private bus drivers… For what purpose ?

    • Jeewanee Kariyawasam , chilaw says:

      aluth anduwa awata passe uthure sahenna anathuru weanwa , mewa sanwidanathmaka wada kiyala hithenne mata witharaida , ahinsaka demala minissungen paliganna epa

  2. MD says:

    Ballo api hapuwa api ballo hapuwa.ha..ha..😂😂😂😂 case close.Buddimath Janatawak.Api wage buddimath aya tamai apema chanden Ara 225 ma Diyawannawata yawanne.ha..ha.😂😂😂😂case close.

  3. Kevin says:

    යම් පිටස්තර කෙනෙක් ගිනි තැබුවා නම් ඔවුන්ට විරුද්ධවද නීතිය ක්‍රියාත්මක කල යුතුය. මේවා පිට රටවලට යද්දී ඔවුන් හිතන්නේ අපි අමනුස්සයෝ කියලා..

  4. lanka says:

    ” suspicious party : Jeewanee Kariyawasam , chilaw ”
    reason may be create a complaint to new government

Main News