ඕමන්තේ මුරපොළ ඇතුළු අක්කර 20ක්‌ මුදාහැරීමට රජය එකඟ වේ..

December 20, 2016 at 4:40 pm | lanka C news
ඕමන්තේ මුරපොළ ඇතුළු අක්කර 20ක්‌ මුදාහැරීමට රජය එකඟ වේ..

සුප්‍රකට ඕමන්තෙ මුරපළ ඇතුළත් අක්‌කර 20 ක ප්‍රදේශය මුදාහැරීමට යුද හමුදාව එකඟවී ඇත.

වවුනියාව දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී වවුනියා අතිරේක දිස්‌ත්‍රික්‌ ලේකම් නිරේයි කුමාර් මහතා විසින් මේ බව හෙළිකර තිබේ.

ඕමන්තේ ප්‍රදේශය මුදාහැරීම නිසා ඒ වෙනුවට ඒ-9 මාර්ගයේ අක්‌කර 6 ක ප්‍රදේශයක්‌ හමුදාවට ලබාදීමටද තීරණය වී ඇත.

වසර 23 ක්‌ තිස්‌සේ ඕමන්තේ මුරපළ ක්‍රියාත්මක වූ අතර එම ඉඩම තමන්ට අයිති බව ද්‍රවිඩ සිවිල් වැසියන් පිරිසක්‌ විසින් පවසා තිබුණි. එහෙත් ඕමන්තේ අවට ඉඩම් එම සිවිල් වැසියන්ට අයත් බවට නිසි ඔප්පු නැති බවටද වාර්තා වේ.

– දිවයින

0 views

5 Comments to “ඕමන්තේ මුරපොළ ඇතුළු අක්කර 20ක්‌ මුදාහැරීමට රජය එකඟ වේ..”

  1. JOHN says:

    පෙඩරල් දීමටයි මේ වෑයම ..සිංහලයා නිදි

  2. love nature says:

    ඉතිහාසයට එකතු වෙච්ච ඕමන්තේ මුරපොළ

    ශ්‍රී ලංකාවෙ පිහිටි එක ගමක නමක්‌ ජාත්‍යන්තරය විසින් අවුරුදු ගණනාවක්‌ම කියෙව්ව නම් ඒ ගමේ නම තමයි ඕමන්ත. ඕමන්ත කියන ගමේ නම එක්‌ක ඕමන්තේ ඡායාරූප වීඩියෝ මුළු ලෝකේ පුරාම මිනිස්‌සු නැරැඹුවා. ඕමන්තට මෙහෙම වුණේ 2002 වසරෙදි ඕමන්ත පාර හරහා ඉදිවුණු දැවැන්ත මුරපොළ නිසයි. මේ මුරපොළ හරහා අනේක විධ දුක්‌ කම්කටොලු විඳගෙන එහා මෙහා ගිය මිනිස්‌සු ගණන කෝටියකටත් වැඩියි. වාහන සංඛ්‍යාවත් ඒ ගාණටම වැඩිවුණා මිස අඩුවක්‌ නැහැ. මේ මුරපළේ සේවය කළ ආරක්‍ෂක අංශ සාමාජිකයන් ගණනත් දහස්‌ ගණනක්‌. සාමාන්‍ය වැසියෝ දෙදහසක්‌ විතර මේ මුරපළේ විවිධ රාජකාරි කළා. ඕමන්ත හරහා හදිසියේම මේ වගේ මුරපළක්‌ හදන්න හේතුව ලොකු කතාවක්‌. යුද්දෙ දරුණු වෙනකොට උතුරේÊකොටුවෙලා හිටිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ එකා දෙකා හෙමින් සීරුවේ කොළඹට එන්න ගත්තා. ඔවුන් ආවෙ නිකම්ම නෙමෙයි. මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් ඇඟේ බැඳගෙන. තවත් සමහරු ආවෙ අවි ආයුධත් එක්‌කයි. මේ විදිහට කොළඹ ආව එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ කොළඹ ගිනිපත්තු කරනකොට කොළඹ පළාත බේරගන්න පාලකයන්ටත්, ආරක්‌ෂක අංශවලටත් විවිධ ක්‍රමවේද සොයන්න සිද්ධ වුණා. මේක නිසා තමයි උතුරේÊදෙමළ සිංහල මායිම් දෙක පිහිටි දෙපැත්ත හරහා ඕමන්ත සීමා මුරපළ ඉදිකෙරුණේ.

  3. saradieal says:

    යාපනය කච්ෙච්රියේ තිබූ ඔප්පු තිරප්පු ප්‍රභාකරන් ගිනි තබා වැනසුවා. එහෙත් දැන් අලුතින් ඔප්පු ඉදිරිපත් කළ ඉඩම්වල අයිතිය ඉල්ලනවා

  4. lion says:

    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලබාදී ඇති අර්ථ කථනය අනුව රටක උරුමය ඇත්තේ එරට සංස්කෘතිය බිහිකළ ජන වර්ගයටයි. ජාතිය නම් වන්නේ එම ජන පිරිසයි. සෙසු කොටස් නිකම්ම ජන වර්ග වෙති. ඒ අනුව රටක නියම උරුමය ඇති ජන පිරිස් වල අයිතීන් උදසා වන අන්තර් ජාතික පනත් කෙටුම්පතක් නිර්මාණය කර ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පනතට නොදෙවෙනි බලයක් මේ පනතටත් හිමිවේ.

  5. Dayani says:

    DELUNGEN PAWATHA ENA EWUNTA ONE APE MULU LANKAWAMA DEMALUNTA ONA WIDIHATA BEDALA DENNAI. UN UNGE DEMALA PATIKIRIYA HANGUWATH, DEMALA LE THIYANA NISA, UNTA HARIMA DUKAI DEMALUNTA GANA.!!! SINHALAYA MULAA KARA DEMALUNTA KATH ADDINNE UNTA DEMALA PAWATHMAK THIYANA NISAI.!!
    MECCHRA KAL SINHALAYA RAWATA UNGE DEMALA PATIKIRIYA WASAGENA ME APE RATE PALANAYA KARA ATTE/KARRANNETH DEMALUNGE LE THINA AYAI.

Main News