ඕමන්තේ සැගවූ කොටි බෝම්බ හමුවෙයි..

September 4, 2018 at 8:02 am | lanka C news
ඕමන්තේ සැගවූ කොටි බෝම්බ හමුවෙයි..

වවුනියාව, ඕමන්ත, මහිලන්කුලම,ප්‍රදේශයේ ඉඩමත තිබී කොටි සංවිධානයට අයත් බෝම්බ කිහිපයක් සොයාගත් බව වවුනියාව ඕමන්ත පොලීසිය පැවසීය.

ඕමන්ත පොලිසිය පැවසූවේ ප්‍රදේශවාසියෙකු සිය ඉඩම් වගා කටයුතු වෙනුවෙන් ඉඩම සකස් කරමින් සිටියදී අදාළ බෝම්බ තොගය පොළවේ වලදමා තිබියදී දැක ඇති අතර, අනතුරුව ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කල බවටයි.

පසුව ඕමන්ත පොලිස්  නිලධාරින් අදාල ස්ථානයට ගොස් සිදු කල සොදිසියයකදී අදාළ ස්ථානයේ තිබි මෝටාර් උණ්ඩ තුනක්, ආර්.පි.ජි.උණ්ඩයක් හා බිම් බෝම්බයක් තිබි සොයාගත් බව ඕමන්ත පොලිසිය පැවසීය.

පොලීසිය පැවසූවේ සොයාගත් බෝම්බ තොගය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිත බවයි.

පසුගිය යුද සමයේ ඕමන්ත ප්‍රදේශයේ සටන් බහුලව පැවති අතර, අදාළ අවස්ථාවන්හිදි කොටි සිංවිධානය විසින් දමා ගිය බෝම්බ තොගයක් එලෙස හමුවන්නට ඇති බවට පොලීසිය සැක පල කරති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

24 views

One Comment to “ඕමන්තේ සැගවූ කොටි බෝම්බ හමුවෙයි..”

  1. Gayantha says:

    Oka kotingeda ehemath naittan isis ekata ahuwela inna hitange dakunu atha paiser ge baduda danne nai ne !

Main News