ඕම්න්ත සීමා මුරපොළ අසල විරෝධතා…

September 1, 2019 at 5:30 pm | lanka C news
ඕම්න්ත සීමා මුරපොළ අසල විරෝධතා…

අවසන් යුද සමයේදී වව්නියාව ඔම්න්ත සීමා මුරපොල අසලදී අතුරුදහන් වූ දරු මුණුබුරන් පිළිබඳ තොරතුරු ඉල්ලා රජයට බලකෙරෙන විරෝධතා පාගමනක් ඕමන්ත පැරණි සීමා මුරපොළ අසලදී පැවත්වුණි.

වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රීක් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් මෙම විරෝධතා පාගමන සංවිධානය කොට තිබූ අතර විරෝධාතාවය වෙනුවෙන් දහසකට ආසන්න අතුරුදහන් වූවන්ගේ ඥාතීන් සහභාගී වී සිටයහ.

එමෙන්ම යුද සමයේදී ඕමන්ත සීමා මුරපොළ වෙතට පවරා ගත් සාමාන්‍ය වැසියන්ගේ ඉඩම්ද මේ වන තුරුත් නිදහස් කොට නොමැති බවටත් සාමාන්‍ය වැසියන්ට අයත් එම ඉඩම්ද වහාම නිදහස් කරන ලෙසද මෙම විරෝධතාවයේ තවත් ඉල්ලීමක් විය.

අවසන් යුද සමයේදී ඕමන්ත සීමා මුරපොළ ආසන්නයට පැමිණි බොහෝ තරුණ තරුණියන් පිරිසක් අතුරුදහන්වූ බවටත් මේ වනතුරුත් එම පිරිස් සමබන්ධයෙන් කිසිදු තොරතුරක් ලබා දීමට පැවති රජය හෝ වත්මන් රජය පියවර ගෙන නොමැති බැවින් වහාම වත්මන් රජයෙන් තම ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙසට විරෝධතා කරුවන් ඉල්ලා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

14,575 Viewers

6 Comments to “ඕම්න්ත සීමා මුරපොළ අසල විරෝධතා…”

  1. ඕමන්තෙ මුර පොලට එන්න් ඇත්තෙ හිස් අතිං වෙන්න බෑ. ටී 56 එහෙම අතේ තියෙන්න ඇති. දැං ඒ අය පිරබාහරන් සමග ඊලග ඊලාම් යුද්දය ගැන කතා කර කර ඇති. මෙහෙ හොයල වැඩක් නැහැ..

  2. Dhammika says:

    රජයට විරුද්ධව සටන් කලා නම් විදවපල්ලා. ගෙදරට වෙලා හිටියාසම් අතුරුදන් වෙන්නේ නෑ නේද

  3. Saliya says:

    මුරපල අසලට හොරා පොලිස් සෙල්ලම කරන්න ඈවිල්ලා වෙන්න ඈති අතුරුදහන් උනේ….
    දරුවන් ත්‍රස්තාවාදින් කරන්න පෙර ඔහොම හිතන්න තිබ්බේ… LTTE එකට කියන්න තිබ්බේ… ඔය ටික ප්‍රභාකරන් උන්න කාලේම… නෑත්නම් උන්ට කඩේ ගිය දෑන් ජිවත්ව ඉන්න උනුයි වග කියන්න ඔනේ….. මෙහෙමත් අවස්ථාවදි මිනිස්සු….

  4. Nimal says:

    When Gota becomes President, he will kill all these protesters.

Main News