‘ඕයි කවුද ඉන්නෙ ඔතන.. යනවලකෝ..’- රන්ජන්ගේ කාර්යාලයට එන්න කියා මාධ්‍යවේදීන්ට බැණ පන්නා දමයි..
April 21, 2017 at 10:40 am | lanka C news
රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයාගේ කාර්යාලයෙන් තමනට බැණ පන්නා දමනු ලද බවට මාධ්‍යවේදීන් පිරිසක් චෝදනා කරයි.
ඊයේ පැවති දිවුලපිටිය සම්බන්ධිකරණ රැස්වීමට පැමිණ සම සභාපතිද වන නියෝජ්‍ය ඇමතිවරයා සුළු කාලයක් එහි රැඳී සිට කිසිවක් ප්‍රකාශ නොකර ඉන් පිටව ගොස් ඇත්තේ ප්‍රකාශයකන් ලබා දීම සදහා මරඳගහමුල පිහිටි තම කාර්යාලයට පැමිණෙන්නැයි මාධ්‍යවේදීන්ට දන්වමිනි.
එම දැනුම් දීම අනුව මාධ්‍යවේදීන් අදාල ස්ථානයට ගොස් ඇති අතර ‘ඕයි කවුද ඉන්නෙ ඔතන. යනවකෝ’ යයි එතුලින් උස් හඩින් ඇසුනු බවත් ඉන් අනතුරුව ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයේ අයෙක් පැමිණ මාධ්‍යවේදීන්ට ආපසු යන ලෙස දන්වා ඇත.
ඔහුට අප්‍රසාදය දක්වා මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.