ඕස්ට්‍රේලියාවෙන් පරිප්පු ණයට ඉල්ලයි..

February 6, 2022 at 10:40 am | lanka C news
ඕස්ට්‍රේලියාවෙන් පරිප්පු ණයට ඉල්ලයි..

ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙසිය එක ණය පහසුකමක් ඉල්ලා ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

එම ණය පහසුකම් මගින් ප්‍රධාන වශයෙන් පරිප්පු සහ බාර්ලි ගැනීමට බලාපොරොත්තු වන බව කී ඔහු ඉතිරි මුදල අනෙකුත් අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය සඳහා භාවිතා කළ හැකි බව පැවසීය.

එළඹෙන අලුත් අවුරුදු සමය ඇතුළු ඉදිරි මාස කිහිපය සඳහා මෙරටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුම සහතික කිරීමට ඉන්දියාවෙන් ද ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලැබෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම ප්‍රමාණය ඉදිරි මාස හයකට පමණ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට ප්‍රමාණවත් වනු ඇතැයි ද හෙතෙම පැවසීය.

මීට අමතරව චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක් ඉල්ලා ඇති බවත් ඊට චීනය එකඟ වනු ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

32,051 views

15 Comments to “ඕස්ට්‍රේලියාවෙන් පරිප්පු ණයට ඉල්ලයි..”

  1. Gamarala says:

    වසර 74ක් රටේ ජනතාව ණයකරුවන් කල මේ පරයන්ට පරම්පරා 7කට හෙනගහන්න් ඕනේ කනගාටුවෙන් කියන්නේ.

  2. 3% ට බය බයියා. says:

    වෙළඳ මාෆියාව විරුවන් පරාජයට පත් කර ජය පිට ජය ගන්නවා .නැවතත් ලක් මාතාව සහලින් ස්වංපෝෂිත කර ජනතාවට සහන දෙන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .ලෝකයේ උතුම් ජාතියක් හිගන ජාතියක් බවට පත් කර ඇත .වියත්මග මග විසින් ලක් දෙරණ විපත් මාර්ගයකට යොමු කර ජනතාවගේ බදු මුදල් වලින් රජසැප විදිමින් සිටිනවා .

    • මෝ says:

      උන්‍ටත් වැඩ,පිලිවෙලක් නෑ බං.කයිය ගහනව විතරයි.හදුන්නෙත්ති කියනවා පිටරට,ලාංකික ජනතාව සල්ලි එවනවලු.උන්ටත් රටේ ජනතාවගේ ශක්තිය ගැන් එකෙක්ටවත් විශ්වාසයක් නෑ.ඒ ශක්තියෙන් වැඩ ගන්න පිලිවෙලක් නෑ.

      • Chathura says:

        ඇයි එ මිනිස්සු එවනවා හරියට විශ්වාස මිනිස්සු ඉන්නකොට.හොරැ කොහොමත් සල්ලි එවන්නේ නැ

  3. Neela says:

    ණයට ඇරං කන්න දීල පළාත් සභා ඡන්දය දිනන්න ද හදන්නේ? කෙහොමත් මේ ඡන්දෙන් පොහොට්ටුවට අඩු වෙනවා. දැන් ගන්න ණයත් ගෙවා ගන්න බැරිව හිර උනාම මහ මැතිවරණය පරාජය වෙනවා. හරි හමන් විපක්ෂයක් නැති නිසා අස්ථාවර රජයක් පිහිට වුවහොත් ලංතාවෙ මළගම එදාටයි.

    • හෙළයා says:

      අනේ අපොයි මේ වගේ හිගන ආණ්ඩුවක් .මොවුන්ට දැන් පරිප්පු නැතුවම බැරිද ? අපේ රටේ කොතරම් දේශීය ආහාර තියනවද ? පරිප්පු අවශ්‍ය ඉන්දියාවෙන් ආපු සුළු ජාතින් සතුටු කිරීමටද ? ජන්දය ලබා ගැනීමටද ?

    • Sky says:

      දැනටමත් රටේ මළගමේ මළ බෙර හඩ හැමතැනම ඇසෙනවා …පොහොට්ටුව යහපාලනය වගේම අසාර්ථක ආණ්ඩුවක් …ජනතාව නිහඩව මළබෙරේ හඩ අහනවා

      • 3% says:

        ජෙප්පෝ ආවානම් මළබෙර ගහන එක නවත්වලා ජනතාව පොලවේ මිහිදන් කරනවා. එතකොට ප්‍රශ්නය විසදෙනවා

  4. Begger says:

    Beggers don’t come here.

  5. Don says:

    Rate mudal nathnam oya mathi amathiwaru saha rajaye niladarinta deela thiyena waana tika vikunala mudal bandagareta denna. Me siyalu denage thindu thirana hinda thamai me vinashaya wela thiyenne. Loka bankuwa kiyana kathawa hari. Aadayamak nathuwa rajaye sewayata adika pramanayak deshapana hethu matha bandawa ganima athi vishala mudal nasthiyak. Aduma tharamen ehema bandena un thamange padiyata sadaranayak wenna janathawata sewayak karanawada? Boru tharka idiripath karamin weda nokara janathawa amaruwe daamin nikan indan saha amatharawa allas ganimin neda owun kaalaya gatha karanne? Mewani mulu lokayenma hema ratakinma mudal hingamane yamin hinga kana un kohomada sepapahasu wahana niwasa pavichchi karanne?

  6. Kaushalya says:

    Let’s try to find an alternative party this time, rather than empowering the two traditional parties who looted the country for the last 73 years.

  7. Juanis says:

    Shameless beggars-Sinha Lay

  8. Moon says:

    Sir ge sawbagye dakma thamai hondama aka

  9. සරත් says:

    ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ටත් පාරෙ බැහැල යන්න බෑ . විලි ලැජ්ජාවේ බෑ නොදෝකින් !

  10. මෝ says:

    තව තවත් හිගාකන්න උත්සාහ කරනවා මිස අපේම උත්සාහයෙන් ගොඩයන්න එකෙක්වත් උත්සාහ,කරන්නෙ නෑ.රට රකින්න ආපු මහ එකා සද්ද නෑ.ඒත් ඊලග තුනේ ගේම ගහනව කියල,පොර ටෝක් දෙනවා.මුන් දන්නව,මේ අවසාන අවස්තාව බව.ඊලග එන උන්ට නන්නත්තාර රටක් දීල යන්න තමයි මේ ගේම.

Main News