ඕස්ට්‍රේලියාව පරදා ශ‍්‍රී ලංකාවට ඉනිමක ජයක්..

July 11, 2022 at 6:20 pm | lanka C news
ඕස්ට්‍රේලියාව පරදා ශ‍්‍රී ලංකාවට ඉනිමක ජයක්..

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග ගාල්ලේ දී පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ‍ශ‍්‍රී ලංකාව ඉනිමක සහ ලකුණු 39 ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.

තරඟයේ මුලින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 364 ක් ලබාගත් අතර ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් දකුණු 554ක් ලබා ගත්තේය.

සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියා කණ්ඩායමක් සියලුදෙනාම ලකුණු 151 කට දැවී ගියේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 39 ක ජයග්‍රහණයක් හිමි විය.

26,464 views

13 Comments to “ඕස්ට්‍රේලියාව පරදා ශ‍්‍රී ලංකාවට ඉනිමක ජයක්..”

  1. Dinesh says:

    සුභපැතුම් අපේ ක්‍රිකට් වීරයන්ට

    2014 වෙද්දී අපේ රට ආසියානු කුසලානෙත් දිනලා ලෝක කුසලානේ දිනලා ලෝක ශූරයො වෙලා rankings වල ඉහලම හිටපු කණ්ඩායමක්. 2015 ඉඳන් 2019 දක්වා යහපාලන කාලෙ තුල අපේ ක්‍රිකට් පහළටම වැටිලා අපි බන්ගලාදේශෙට, අෆ්ඝනිස්තාහෙට පවා පරදින තැනට වැටුනා. නාමල් ක්‍රීඩා ඇමති වුනාට පස්සේ අරවින්ද, මහේල , මුරලි සන්ගා වැනි අයට අපේ ක්‍රිකට් වල ඉහල තනතුරු දීලා පියවරෙන් පියවර අපේ ක්‍රිකට් නග්ගලා ගත්තා. දැන් අපි ආපහු නිතර දිනන කණ්ඩායමක් වෙලා. ආපහු දැන් ආණ්ඩු පෙරලියත් එක්ක අපේ ක්‍රිකට් ආපහු වල පල්ලට නොයන්න කියල ප්‍රාර්ථනා කරනවා

    • Cricket Lover says:

      යහපාලනේ අවසන් වෙද්දී පහළටම වැටිල තිබුනු අපේ ක්‍රිකට් ක්‍රීඩාව ආපහු ඉහළට ගනිපු එකට නාමල්ට ලොකු ගෞරවයක් හිමි වෙන්න ඕන කියන එකේ තර්කයක් නෑ. සංගා , මහේල , මුරලි අපේ ක්‍රිකට් වලට සම්බන්ධ වෙන්න අකමැත්තෙන් හිටියේ දේශපාලන ඇඟිලි ගැසීම් නිසා. නාමල් තමයි ඔවුන්ව අපේ ක්‍රිකට් වලට ආපහු සම්බන්ධ කර ගත්තෙ සියලු දේශපාලන ඇඟිලිගැසීම් නවත්තලා.

      අපේ අලුත් ක්‍රීඩකයො ජේෂ්ඨයො කීප දෙනෙක් එක්ක එකතු වෙලා මේ තරඟාවලියේ ඕස්ට්‍රේලියාව එක්ක කරට කර ක්‍රීඩා කරලා එක්දින තරඟාවලිය ජයගෙන ටෙස්ට් තරඟාවලිය සම කරන්න ලැබීම ලොකු ජයග්‍රහණයක්

      • VADC says:

        සංගා මහේල පහුගිය කාලෙ නාමල්ට ඇටෑක් කරපු එකෙන්ම තේරෙනවා මේක බොරුය කියලා

        • Cricketer says:

          මහේල, සංගා අරගලේ සහහෝගෙට යම් ප්‍රකාශ නිකුත් කලත් ඔවුන් කොයි වෙලාවක වත් නාමල්ට attack කලේ නැහැ. දේශපාලන හා අනෙකුත් ඇඟිලිගැනීම් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක වැඩ කිරීමට අකමැති වුනු මුරලි, මහේල, සංගක්කාර වැනි හිටපු legendsල Sri Lanka Cricket වලට සම්බන්ධ කර ගන්න ලැබුනේ නාමල් එක්ක තිබුනු සාර්ථක සාකච්ඡා වලින් පස්සේ තමයි. භානුක රාජපක්ෂ පවා ක්‍රිකට් වලින් සමුගෙන ගිහින් ආපහු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න එකඟ වුනේ නාමල් නිසා. නාමල්ගෙ වෙන අඩුපාඩු තිබෙන්න පුලුවන් දේශපාලනේදී. හැබැයි වැටිල තිබුනු අපේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගන්න නාමල් විශාල සේවයක් කලා කියල එක අවිවාදයෙන් පිලි ගන්න පුලුවන්

      • Genius says:

        අපේ කොල්ලන්ට සුභ පැතුම්! මේ ඕස්ට්‍රේලියානු සංචාරය නිසා අපේ රටට ඩොලර් විශාල ප්‍රමාණයක් ලැබුනා. ඒ වගේම අපිට අහිමි වෙන්න ගිය අනෙක් විදේශ කණ්ඩායම් වල ලංකාවට පැමිණීම වගේම ආසියානු කුසලානේ ලංකාවෙ තියන්නත් ඕස්ට්‍රේලියානු තරඟාවලිය උපකාරි වුනා. ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයොත් අපේ රටට විශාල ඩොලර් ප්‍රමාණයක් හොයල දෙන්න වෙනම campaign එකක් කරනවා….

        මේ හැමදේම නිසා ඕස්ට්‍රේලියාව මේ වෙලාවෙ අපේ රටට ආපු එකාට කළගුණ සැලකීමක් විදියට එක තරඟෙක කහ ඇඳන් ගියා අපේ ක්‍රීඩා ලෝලීන් ටික දෙනෙක්. ඒකට ලෝකෙ වටෙන්ම ප්‍රසංශා ආවත් ජවිපෙ කුහකයො ඒකත් විවේචනේ කරමින් posts share කලා. ජවිපෙ උන්ට බලය ලැබුනොතින් අපේ ක්‍රිකට් ආපහු 2019 තිබ්බ තැනටම වැටේවි කියල බයයි

  2. කිරිහාමි says:

    ඕකට තමා කියන්නේ බෙදා හදා ගෙන කනවා කියලා

  3. jagath says:

    ලංකාව දිනන්නේ LBW වලින්……..පවු අප්පා

  4. David Milli-banda says:

    Congratulations SLC !!!
    Keep the momentum going.

  5. Lankaputh says:

    Banning of cricketers who went out looking for women was the turning point

  6. උද්දික පුතා says:

    අධිරාජ්‍යවාදී යටත්විජිතවාදී ක්‍රිකට් ගහන එක නවත්වන්න ඕනෑ අපේ ආදරණීය අම්මේ තාත්තේ

  7. sunimal says:

    මේ වගේම රටත් දියුණු කරමු. එක්වෙමු.. ජය ගමු

  8. Dinesh pissek says:

    Monawada harako kiyanne, Namal ataya hinda nemei dinanne matches, eaka notherena uba pissek.

  9. CRICKET FANS says:

    Get rid of Born again cult influence on Sri Lankan Cricket.It has been reported that Japan’s long -served prime minister Shinzo Abe had to cost his for his links with Unification Church cult,according to his assassin.

Main News